IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඌවපරණගම කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක් ඉවත්කරයි

(ප්‍රසාද් රුක්මල්)

නාය යාමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක පුද්ගලයන් 41දෙනෙකු අද (29) මීට සුළු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමූ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

එම ඉවත් කළ පවුල් ඌවපරණගම මුස්ලිම් විදුහලේ තාවකාලිකව නතර කර සිටින බවත් ඉන් පවුල් 4 ක් සිය නෑදෑයින්ගේ නිවෙස්වලට ගොස් ඇති බවත් එම කාර්යාලයේ ප්‍රකාශයෙක් කීය.

බදුල්ල දිස්ත්‍රික්කයට පතිත අධික වර්ෂාවත් සමඟ මෙසේ ඌවපරණගම පහළ කොටවර ප්‍රදේශයේ නාය යාමේ අවදානම් තත්ත්වයක් උදා වී ඇති හෙයින් එහි පදිංචි පවුල් 8 ක් මෙසේ ඉවත් කර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වී මෙම අවතැන්වී සිටින පවුල් සඳහා පිසූ ආහාර ඇතුළු පහසුකම් ලබා දෙන බවද එහි ප්‍රකාශයෙක් පැවසීය‍ෙ



අදහස් (0)

ඌවපරණගම කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක් ඉවත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site