(දයාරත්න ඇඹෝගම)
පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක නිලධාරියෙකුට පහරදී රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් පැහැරගත් පුද්ගලයන් තිදෙනෙකු අද(29) අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 27,29 සහ 39 වියැති පුද්ගලයන් තිදෙනෙකි.
කහටගස්දිගිලිය නයාකාපුවැව ප්‍රදේශයේ පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන නිලධාරියකුගේ නවාතැනට පැමිණ, ඔහුට බරපතල ලෙස පහරදුන් මෙම සැකකරුවන් තිදෙනා ඔහු සන්තකයේ තිබු රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් ඊයේ(28) පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ විජේසිරි මුදියන්සේලාගේ නිශාන්ත ප්‍රියංකර විජේසිරි(33)නැමති පුද්ගලයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරැවන් තිදෙනා අද(29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයතන නිලධාරියකුට පහර දී මුදල් කොල්ල කෑ 3ක් අත්අඩංගුවට