(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ධීවර වරායේ නැංගූරම්ලා තිබූ බහුදින යාත‍්‍රාවක රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් සුක්කානම සහ පොම්පය ගලවා අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (30) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුංවට පත්වුයේ බේරුවල ධීවර වරායේ බෝට්ටු පිරිසිදු කිරිමේ නියැලී සිටින තදින් මත්කුඩු පානයට ඇබ්බැහිවු සුළු සේවකයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
සැකකරුවෝ දෙදෙනා බේරුවල උගුලලන්ද සහ කරදගොඩ ප‍්‍රදේශවල පදිංචි 24 සහ 32 වියේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd