(නවරත්න සමරතුංග)
කල්මුණේ , අක්කරපත්තුව ප්‍රධාන පාරට සම්බන්ධ වන නින්දවූර් රෝහල් පාරේදී අද (29) සිදුවූ රිය අනතුරකින් යතුරුපැදි කරුවෙකු මියගොස් ඇති බව සමන්තුරේ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඊබ්‍රහිම් ජලාල්ඩීන් නැමති අවුරුදු 49ක පුද්ගලයෙකි. අනතුරට හේතුව විදුලිකණුවක හැපීම බව පොලීසිය කියයි.
මෙම මරණ කරුගේ මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අල් අස් රොප් රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම රිය අනතුර කල්මුණ අධිකරණ බල ප්‍රදේශයේ සිදුවී ඇති බැවින් සමන්තුර මහේස්ත්‍රාත් එම්.අයි.එම්.රිස්මි මහතා මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂනයක් පවත්වා සමන්තුර අධිකරණය වෙත කරුණු වාර්තා කරණ ලෙස කල්මුණ අධිකරණයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd