(ඩී.ජී.සුගතපාල)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය මේ වනතුරු ගැසට් කිරීමට නොහැකිවී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තෝරාපත් කරනු ලබන සභිකයින්ගේ නාම ලේඛනය මෙතෙක් එවා නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
සභිකයින් 15කුගෙන් සමන්විතවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ ඉකුත් 11වන දින පවත්වන ලද මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් පොදුජන පෙරමුණට සභික ධුර 17ක් හිමිවිය. සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 7ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3ක්ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2ක් හිමිවිය.ඒ අනුව සම්පූර්ණ සභික සංඛ්‍යාව 29කි.
සමානුපාතික නියෝජනය යටතේ තෝරා පත් කරනු ලබන සභිකයින්ගේ නම් ඒ ඒ පක්ෂවලින් නම්කර එවිය යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම පක්ෂයෙන් නම් කරනු ලබන සභිකයින්ගේ නම් මෙතෙක් දන්වා එවා නොතිබීම හේතුවෙන් ගැසට් පත්‍රයට යැවීම ප්‍රමාදවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්පිටිය ප්‍රා. සභා සභිකයන්ගේ නම් තවම ගැසට් කර නැහැ