(ප්‍රසාද් රුක්මල්)
ස්ප්‍රීංවැලි - දෙමෝදර මාර්ගයේ බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (29) පස්වරුවේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල තිබූ විශාල ගසක අත්තක් කඩා වැටීමෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි වී ඇති බවත් බසයේ සිටි මගීන්ගේ ජීවිත බේරි ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ බස්රථය තුළ රියදුරු, කොන්දොස්තර ඇතුලු මගින් 13 දෙනෙකු සිට ඇතැයි ද පොලිසිය කීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇල්ල පොලිසිය සමඟ එක්වී බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් බස්රථය මතට වැටී තිබූ විශාල අත්ත කපා ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනයට ඉඩ කඩ ලබාදුන්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලංගම බස් රථයක් මතට ගසක අත්තක් කඩා වැටෙයි