IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

(චන්ද්‍රසේන ගමගේ)
 
හම්බන්තොට වෙහෙරගල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු 2ක් අද (29) සවස විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.ඒ.ඒ. ශිරන්ත මහතා පැවසීය.
 
ජලාශයේ වාන් දොරටු 2 ක් අඟල් 6 බැගින් විවෘත කරන බවත් ඒ මගින් තත්පරයට ජලය ඝණ මීටර් 1000 ක් පමණ මුදා හැරෙන් බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
 
ජලය මුදා හැරීමත් සමඟ මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් කතරගම හා සෙල්ල කතරගම ප්‍රදේශවල ජනයා විමසිල්ලෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
 
මේ වන විට ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 52000 ක් පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.



අදහස් (0)

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site