IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැස්සෙන් ගාල්ලේ පවුල් 22ක් පීඩාවට

(ඩී.ජී.සුගතපාල)
 
පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සහ මුහුදු රළ ගොඩගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22ක සාමාජිකයින් 39ක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
 
අක්මීමණ, අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව, කඩවත් සතර, බෝපෙ පෝද්දල සහ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිසක් මෙසේ පීඩාවට පත්ව සිටිති.
 
කහව ප්‍රදේශයේ මුහුදු රළ ගොඩට ගැලීමෙන් බෝට්ටු දෙකකට හානි සිදුව ඇතැයිද ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
 
අක්මීමණ නිවාස 2කටද, බලපිටිය නිවාස 4ටකද, කඩවත් සතර එක් නිවසකටද, බෝපෙ පෝද්දල නිවාස 4කටද, හබරාදුව නිවාස 2කටද,  හික්කඩුව ව්‍යාපාරික ස්ථාන 2කටද අර්ධ හානි සිදුව තිබේ.
 
පීඩාවට පත් පවුල් සඳහා අවශ්‍ය සියලුම සහන සැලසීමට පියවර ගෙන ඇති බවත්, හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ පවුල් 22ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site