(ඩී.කේ.රත්න සහ පාලිත ආරියවංශ)
දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී, පොල්ලකින් පහරදී තම මාමා මරා දැමූ බෑනා අද (31) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දියතලාව කහගොල්ල මුල්ලෙවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇත්තේ දියතලාව කහගොල්ල මුල්ලෙවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඩී. එම්. කරුණාරත්න නැමති 62 හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග ගොස් බෑනා ඊයේ (30) රාත‍්‍රියේ එල්ල කළ පොලු පහරින් එම වියපත් පුද්ගලයා මියගොස් ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd