සංචාරකයන් තිදෙනකු කළ පැමිණිල්ලක් ගැන ප්‍රසන්න රණතුංග වාර්තාවක් ඉල්ලයි
දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි සංචාරකයන් තිදෙනෙකු, එහි දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(26) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.