ලෝක බැංකුවෙන් දුන් ආධාරවලට මොකද වුණේ? කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය අනුගමනය කරන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (7) පැවැසීය. 08 June 2020
සියලු දේශපාලන පක්ෂවලට සාධාරණව ඡන්ද දිනය තෝරාගන්න සියලුම දේශපාලන පක්ෂවල ප්‍රචාරණ කටයුතු සඳහා සමාන සහ සාධාරණ අවස්ථා ලැබෙන පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි දිනයක් තෝරාගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 07 June 2020
රාජපක්ෂලාගේ අරමුණ බලය ඇල්ලීමයි රාජපක්ෂලාගේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ මරණ උඩින් හෝ ගොස් රටේ බලය අල්ලා ගැනීම යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී ඉකුත්දා (3) පැවසීය. 07 June 2020
රජයේ ආදායම - වියදම අතර පරතරය 9% කට නැගලා මේ වසරේ දී ශ්‍රී ලංකාවේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය සියයට නවයක් තරම් ඉහළ අගයක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය. 07 June 2020
කොළඹ නගර සභාවෙන් සමගි ජනබලවේගයට සහාය නොදිය යුතුයි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට සහ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ සෘජුව සහයෝගය ලබා නොදිය යුතු බවට වන යෝජනාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඒකමතිකව සම්මත වූ බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 03 June 2020
’මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබුණු අවසන් තුරුම්පුවත් නැතිවුණා’ ’මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(03) පැවසීය. 03 June 2020
රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බෑ මාරාන්තික කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුවද ඒ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩ පිළිවෙළ ගැන කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 June 2020
තොණ්ඩමන්ලා ජාතිවාදය වැපුරුවේ නෑ ජනවර්ග නියෝජනය කරන බොහෝ නායකයන් පාර්ලිමේන්තු බලය ලබාගැනීම සඳහා ජාතිවාදය වැපුරුවද තොණ්ඩමන්ලා කවදාවත් එවැනි ක්‍රියා නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී පෙරේදා (31) පැවැසීය. 02 June 2020
සෞඛ්‍ය අංශ කොළ එළි දල්වා නැත්නම් මැතිවරණයක් සාර්ථක වෙන්නේ නෑ රටේ කොරෝනා වසංගතය තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ මහමැතිවරණය පවත්වන්නැයි සෞඛ්‍ය අංශ මෙතෙක් කොළ එළියක් පෙන්වා නැතැයිද එවැනි පසුබිමක මැතිවරණ පැවැත්වීම සාර්ථක වේ යැයි කිව නොහැකියැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මාධ්‍යහමුවකදී පෙරේදා (27) පැවැසීය. 29 May 2020
සමගි ජන බලවේගයේ නාමයෝජනා එජාපයට එකතුවෙන්නේ නෑ සමගි ජනබලවේගයෙන් මහා මැතිවරණයට නාම යෝජනා දුන් කිසිවකුත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්නේ නැතැයි ද එලෙස එකතු වන එක් අයකු හෝ සිටී නම් පෙන්වන්නැයි අභියෝග කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. 29 May 2020
නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණයි නිරෝධායන පනත ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධියේ පවසා ඇතැයිද එලෙස නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 29 May 2020
කොරෝනා පාලනය වුණේ රජය හරි තීන්දු ගත් නිසයි ශ්‍රී ලංකාව කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන්නේ වත්මන් රජය ක්‍රියාකළ ආකාරය නිසා යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පෙරේදා (26) පැවසුවාය. 28 May 2020
ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ්ලෑලි කල්ලිය භාරඅරන් සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලැල්ලක් බවට පමණක් පවත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇතැයි ද, මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට පුවතක් ප්‍රචාරය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 28 May 2020
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය. 27 May 2020
රාජිත නිදහස්කර ගන්න සෑම සටනක්ම කරනවා ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවය ගොඩනැංවීම සඳහා අමිල මෙහෙවරක් කළ රාජිත සේනාරත්න මහතා නිදහස් කරගැනීම සඳහා කළ යුතු සියලු ප්රජාතන්ත්රවාදී සටන් ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (26) පැවැසීය. 27 May 2020
පොහොට්ටුව මෙදා 2/3ක් ගන්නා බව එජාපය දැන්මම පිළිඅරන් ආණ්ඩුව ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැතිසබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කථාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුවහොත් පොදු ජන පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (26) පැවැසීය. 27 May 2020
මහ ඡන්දයේ ප්‍රතිඵලය දන්නා විපක්ෂය දැන් බයේ දඟලනවා මහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක්දැයි දන්නා බැවින් විපක්ෂයමැතිවරණයට මුහුණදීමට දැඩි බියක් දක්වන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (26) පැවසීය. 27 May 2020
‘‘ආණ්ඩුව තුනෙන් දෙකක් ගන්නා බව කියන්නේ එජාපයයි‘‘ ආණ්ඩුව ඉක්මණින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැති සබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කතාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුව හොත් පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 26 May 2020
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 17 May 2020
විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග්‍රහයක් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 12 May 2020
‘මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල්-ඩීසල් මිල රුපියල් 20 කින් අඩු කළ හැකියි’ යහපාලන රජය ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රය මෙතෙක් පැවතියේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින් අඩුකර බස් හා ත්‍රීවීල් ගාස්තු ද අඩුකිරීමට තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 10 March 2020
ආණ්ඩුව නටන්න බැරි නිසා පොළොව ඇදයි කියනවා උපාධිධාරීන්ට රැකියා ලබාදීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව අනාගත්තා ආණ්ඩුවට නටන්න බැරි නිසා පොළව ඇදයි කියනවා වගේ හැම දේටම තුනෙන් දෙක ඉස්සරහට දානවා යැයි ජ.වි.පෙ. ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (08) පැවසීය. 08 March 2020
ජාතික සමගි පෙරමුණේ සමගියක් නැහැ ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුළ නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුළ ජනතාව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසීය. 07 March 2020
තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කබීර් කියයි තමන් ත්‍රස්ත සංවිධානයක් සමඟ හවුල් බවට පවසමින් මැතිවරණ සමයේ තමන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළඹදී අද (06) පැවසීය. 06 March 2020
මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව එම සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි. 05 March 2020
පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. 01 March 2020
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ වත්මන් රජය ප්ර්රජාතන්ත්රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (26) පැවසීය. 26 February 2020
‘‘මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් හදනවා‘‘ මේ ආණ්ඩුව වැඩිකල් යන එකක් නොවේ.ඉදිරි මැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් අපි හදනවා.ඒ ගැන විශ්වාසය තබාගෙන ඉන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කීය. 24 February 2020
‘බොරු පොරොන්දු දී බලයට ආ ආණ්ඩුව අලුත් අවුරුද්ද විනාශ කළා’ රට සුඛිත මුදිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ අලූත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. 24 February 2020
‘‘ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙනවා‘‘ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බව විද්වතුන් සිදු කරන ලද අහඹු සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් මහමැතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය නොදුන් සියලුදෙනා ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (22) පැවසීය. 22 February 2020
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026