IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘’ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා’’

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍යට අදාලව බරපතල බිඳවැටීම් ගණනාවක් සිදුව ඇති බවත් ඊට ඍජුවම හෝ වක්‍රව ආණ්ඩුව වගකිව යුතු යැයි ද ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.

වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ අධිකාරිය වත්මන් ආණ්ඩුව යටතේ බලාත්මක කර නැතැයි පෙන්වා දුන් වටගල මහතා එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙතෙක් පත්කර නැති බවද මේ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමට අදාල පනත තිබුණාට එහි ක්‍රියාකාරිත්වයක් නොමැති බැවින් මේ නිසා පැමිණිලිකරුවන්ට සහ සාක්‍ෂිකරුවන්ට බලපෑමක් ඇතිවී ඇතැයි ද කියා සිටියේය.

වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ ක්‍රියාමාර් ග වහාම බලාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර කියා සිටින බවත් අද වනවිට සමාජයේ අපරාධ ක්‍රියාවන් දවසෙන් දවස වර් ධනය වීම නිසා මේ සම්බන්ධ අවශ්‍යතාවය වඩාත් වැඩියෙන් ඇතිවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මිනී මැරුම්, අපරාධ සියල්ලටම වගකිව යුතු ආණ්ඩුවක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ලීසිං සමාගමකට අදාළව නිසි ක්‍රියාමාර් ග නොගත් බව ද  ලීසිං සමාගම්වලට අදාළව ඇතිවී තිබෙන ප්‍රශ්න කතාකරන්නට ගිය සංවිධානයක සභාපතිවරයෙක් ඝාතනය කර ඇති බවද කී වටගල මහතා ලීසිං පනත මගින් යැයි කියමින් සංවිධානාත්මක මංකොල්ල කල්ලි වාහන පැහැරගෙන යාම හේතුවෙන් ලීසිං ලබාගෙන ඇති අය බොහෝ දෙනක් අසරණ වී ඇතැයි ද කියා සිටියේය.

ලීසිං සමාගම් පනත යටතේ එවැනි ආකාරයෙන් වාහන පැහැර ගෙන යන්න කිසිම නීතිමය හැකියාවක් නැතැයි පෙන්වා දුන් වටගල මහතා පොලිස්ථානයක් වෙත පැමිණිල්ලක් කර වාහනයක් රැගෙන යන්න හැකි බවට නීතියේ සඳහන් යැයි අනියමින් ඇඟවීම් කර ඇතත් වාහන පැහැර ගෙන යාමට කිසිසේත්ම හැකියාවක් නැතැයි කී ඔහු  එවැනි පැමිණිල්ලක් පොලීසියට කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් නිසි ලෙස අදාල පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාදාමයකට යටත්කර අදාල වාහනය සමාගම වෙත ලබාගැනීම නිසි ක්‍රමවේදය යැයි ද පැවැසීය.

රටතුළ ප්‍රසිද්ධියේ අපරාධ සිදුවන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් හැමදේකටම දේශපාලන ඇඟිල්ල දිගු කළ නොහැකි මුත් පවතින දේශපාලන තත්වය වක්‍ර ලෙස අපරාධ සිදුවීමට උත්තේජනයක් වී තිබෙන බව කිවයුතු යැයි ද ඔහු සඳහන් කළේය.

පොලීසිය නාම පුවරුවක් බවට පත්ව ඇතැයි ද ආරක්‍ෂක අංශ සහ පොලීසිය මුලින්ම විනයවත්  නොවුනොත් රටේ විනය ගරුක බවක් හැදිය නොහැකි යැයි ද කී වටගල මහතා රටේ අපරාධ ඉතිහාසයක් තියෙන පුද්ගලයන් නීති සම්පාදනය කරන්නට පාර් ලිමේන්තුවට පත්කර නොයවා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන තිබෙන අපේක්‍ෂකයන් පාර් ලිමේන්තුවට යවන්න පෙළ ගැහෙන්නැයි ඉල්ලා සිටින බව ද පැවැසීය.

සුනිල් වටගල මහතාමේ අදහස් පළ කළේ බත්තරමුල්ලේ පැවැති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව ඇමතූ නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය කියා සිටියේ ලෝකයම ඇමරිකාවේ සිදුකළ ඝාතනය ගැන මුළු ලෝකයම කතා කළත් අපේ රට ඇතුළේ කාන්තාවක් උස්සලා වාහනයක් ඇතුළට විසිකිරීම සම්බන්ධයෙන් තිබෙන විරෝධය ඉතාමත් අඩු බවය.

අවුරුදු 72 ක් පුරා මේ අය කරගෙන ආපු දේවල් තව දුරටත් ඔළුව නමාගෙන, කට වහගෙන, දරාගෙන ඉඳියි කියලා පාලකයින් විශ්වාස කරන නමුත් සුළුතරය වන අපි ප්‍රගතිශීලීත්වයෙන්, දැනුමෙන්, ආකල්පවලින් ඉස්සරහින් ඉන්නේ යැයි ද ඇය කියාසිටියාය.

ජාතික ජන බලවේගයේ අපි නීතිය වෙනස්ව ක්‍රියාත්මක කිරීම හෙළාදකිනවා. යැයි ද සේරසිංහ මහත්මිය කියා සිටියාය. 

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ චරිත් ගල්හේන මහතා අදහස් දක්වමින් රජයක මූලික වගකීම පැහැර හැර ඇති බවත් රට වහලා තිබෙන කාලයේදී හමුදාව යොදවලා රට ගෙනියන්න පුළුවන් වගේ මතයක් සමාජ මාධ්‍ය ජාලා හරහා හදලා තිබු බවත් රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක හමුදාවට කරන්න පුළුවන් කාරණා සීමිත බව පැවැසීය.

රටේ විවිධ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න, විවිධ වෘත්තීන්වල නියැලී ඉන්න අයගේ ප්‍රශ්න අවුරුදු 5කට බලයදී තිබෙන ජනාධිපතිවරයාට ශක්තිමත් පාර් ලිමේන්තුවක් අවශ්‍ය බවත්  ශක්තිමත් පාර් ලිමේන්තුවක් කියන්නේ 2/3වත්, 5/6ක්වත් ලබාගැනීම නොවන බවත් හෙතෙම කියාසිටියේය. 

නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ හර්ෂණ නානායක්කාර, සුසන්ත දොඩාවත්ත, ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේඛ අධ්‍යක්ෂ නීතිඥ නිමලා සිරිවර්ධන, යන කොළඹ දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

 

 

 

 

 

 

 



අදහස් (0)

‘’ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site