IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සිසුන්ට ටැබ් දුන්නා නම් උසස් පෙළ කල්ද‌ාන්න ඕනෑ නෑ

(*** නිමල කොඩිතුවක්කු)

‘‘යහපාලන රජය සමයේ හඳුන්වා දුන් ටැබ් පරිගණක උසස් පෙළ සිසුන් සඳහා ඒ ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා දුන්නේ නම් උසස් පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව නියමිත දින වකවානුවටම පැවැත්වීමට ඉඩ තිබිණැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්  මහතා පැවැසීය.

සිසුන් ලක්ෂ තුනක් සඳහා ටැබ් පරිගණක දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබූ බවත් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්  මහතා මෙසේද කීවේය.

“අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කරන බවට රජය මේ වන විට  ප්‍රකාශ කර තිබෙනවා. අතීතයේ අපට කළා වගේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ විරෝධතාවක් අපේ නැහැ.

සහරාන්ගේ බෝම්බය  පුපුරපු අවස්ථාවේ  උපරීම ආරක්ෂාව යටතේ  අපි හැකි  ඉක්මනින් පාසල් ආරම්භ කළා. පාසල් ආරම්භ කරන විට විපක්ෂය දිගටම පහර දුන්නා.

පාසල් ආරම්භ කිරීමේදී  විධිමත් ආකාරයට එය කළ යුතුයි. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය රැකගන්න මිලියන 680ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා. නමුත්  දැන් ලේකම්වරයා කියන්නේ  මිලියන 191 ක් පමණයි මේවනවිට වෙන් කර තිබෙන්නේ කියලයි. අනෙකුත් වියදම් මව්පියන් සහ වෙනත්  පාර්ශව වලින් සපුර ගන්න කියන පණිවිඩයත් ගිහින් තිබෙනවා.

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා විවිධ අංශවලට බර දාන්න එපා කියා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මා මව්පියන්ට කියනවා. මේ වියදම රජය දැරිය යුතුයි.

මෙයට පෙරත් නිරෝධායන මධ්‍යස්ථානවලට පාසල් යොදා ගන්න එපා කිව්වා. නමුත් යොදා ගත්තා. නිරෝධායන මධ්‍යස්ථානවල හිටපු අයටත් රෝගය හැදුණා. පාසල්වලට විවිධ කටයුතු සඳහා එන ගුරුවරුත්  අවසානයේ නිරෝධායනයට දාන්න වුණා.

අගොස්තු මාසයේ  පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය දැන් සැප්තැම්බර්  දක්වා කල් දාලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිගින් දිගටම කඩාකප්පල් වුණා. මේ දරුවන්ට ඇතැම් විෂය නිර්දේශ ආවරණය වෙලා නැහැ.

ඒ නිසා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී ආවරණය වී නැති පාඩම් වලට ගත යුතු ක්‍රියා මාර්ගය මොකක්ද කියා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.

සමහර පාඩම් කළ යුතුවම තිබෙනවා. එහෙම නම් යම් කල් දැමීමක් කළ යුතුයි කියා අප විශ්වාස කරනවා. දින නියම කිරීමේදී සියල්ල අධ්‍යයනය කර කළ යුතුයි. තවම එහෙම දෙයක් අපට පේන්න නැහැ.

දී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුව උපකාරක පන්තියකට සිසුන් සීයකට වඩා ගේන්න හැකියාවක් නැහැ. එතකොට එතනත් සිසුන්ට ප්‍රයෝගික ගැටලුවක් පැන නඟිනවා. මෙතනිනුත් දරුවන් අසරණ භාවයට පත්වෙනවා.

ඒ වගේම ටැබ් පරිගණක දීමේ වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ටැබ් පරිගණක ලක්ෂ තුනක් ගෙන්වීමේ  මුදල් අප වෙන්  කර තිබුණා.  ඒ මුදල් ගෙන උසස් පෙළ දරුවන් සඳහාවත් ටැබ් පරිගණක දිය යුතුයි.

මේ තත්ත්වය කොතරම් කාලයක් යයිද කියා අප දන්නේ නැහැ. තත්ත්වය අවබෝධ කරගෙන ටැබ් පරිගණක දෙන්න කියා මා රජයෙන් ඉල්ලා සිටින්න කැමතියි.

කැබිනට් පත්‍රිකා  13ක් දාලයි, මේ යෝජනාව  සම්මත කර ගත්තේ. මේක  ඇද-ඇද අවුරුදු ගණන් හිටියේ නැතිනම් මේවායේ ප්‍රතිලාභත් අද දරුවන්ට භුක්ති විඳින්න තිබුණා. එහෙමනම් උසස් පෙළ දරුවන්ගේ විභාග කල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.  
මහපොළ ඇතුළු දීමනා අපේ රජය සමයේ වැඩි කළා. ලලිත්  ඇතුලත්මුදලි  මැතිතුමා ආරම්භ කළ  මහපොළ ශිෂ්‍යත්වය අද ගෙවන්නේ නැති තත්වයට පත් කරලා.

ඒ වගේම අප ආරම්භ කළ සුරක්ෂා රක්ෂණය දීර්ඝ කරන්න රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ. රක්ෂණය මේ මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ලක්ෂ 45ක් වන පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණය අද විශාල පිටුවහල වී තිබෙනවා. පාසල් සිසුන් වෙනුවෙන් පවතින මෙවැනි දැවැන්ත වැඩපිළිවෙළ අතරමඟ නතර කරන්න එපා කියා මා රජයෙන් ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ සමග කටයුතු කරන්න කැමතියි කියා අද සමහර දේශපාලඥයන් අහනවා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එක්ක ඩීල් දානවා  කියා මේ පිරිස අපට චෝදනා කළා. මේ අය හදන්නේ මොන ඩීල්  එකද කියා අප අහන්න කැමතියි. බළලා මල්ලෙන් පැන්නා  වගේ දැන් මේ අය නොයෙක් දේවල් කියවමින් යනවා.

අපට ඕනෑ වෙන වෙන කණ්ඩායම් එක්ක හැප්පෙන්න නොවෙයි.  අපට ඕනෑ ආණ්ඩුවත්  එක්ක හැප්පි ජයග්‍රහණය කරන්නයි. අද රටේ භීෂණය යළි ඇවිල්ලා. බරපතළ විදියට  අද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යනවා.  අපේ අවුරුදු පහක කාලය තුළ එක මිනිස් බිල්ලක් ගත්තේ නැහැ. ජනතාවට නිදහසේ ජීවත්වීමට අප අවස්ථාව සළසා දුන්නා.

අප සටන දෙන්නේ ආණ්ඩුව ගන්නයි.  අප විපක්ෂ නායකකම් ගන්නවත්, වෙන වෙන මූලස්ථාන අල්ලන්නවත් පක්ෂ  කාර්යාල අල්ලන්නවත් නොවෙයි. අපේ සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්නයි. ඒ වෙනුවෙන් අපට ශක්තියක් තිබෙනවා.

රටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයටයි. ඒ වෙනුවෙන්  එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න කැප වෙන්න කියා රටේ ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා” යයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

සිසුන්ට ටැබ් දුන්නා නම් උසස් පෙළ කල්ද‌ාන්න ඕනෑ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site