(***අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට සහ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ සෘජුව සහයෝගය ලබා නොදිය යුතු බවට වන යෝජනාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඒකමතිකව සම්මත වූ බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (01) පැවැත්වුණු අතර එහිදී මෙම යෝජනාව සම්මත වී තිබේ.
මෙම රැස්වීම සඳහා කොළඹ මහ නගර සභාවට අලියා ලකුණින් තරඟ කර තේරී පත්වූ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම සහභාගි වී සිටි බව සිරිකොත පක්ෂ මුලස්ථානය සඳහන් කළේය.
මෙහිදී නාගරික මන්ත්‍රී ටයිටස් පෙරේරා මහතා විසින් ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් මහතා එම යෝජනාව ස්ථිර කර තිබේ.
ඒ අනුව සහභාගී වූ සියලුම නාගරික මන්ත්‍රීවරුන් අත් ඔසවා යෝජනාවට සහාය පළකළ අතර යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ බව සිරිකොත ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ නාගරික මන්ත්‍රීවරුන් වන සියලු දෙනා ඒකමතිකව එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැපවී ක්‍රියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි.
අතීතයේ සිට තමන් සැමවිටම ක්‍රියා කළේ පක්ෂය ආරක්ෂා කිරීමට බව මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බවද අවධාරණය කළේය.
සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
විනය ආරක්ෂා කිරීම ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්මට අත්‍යවශ්‍යම කාරණයක් බවත් පක්ෂ විනය කඩ කරමින් වෙනත් දේශපාලන පක්ෂයක නාමයෝජනා අත්සන් කළ පිරිස් වෙත දැනටමත් නිදහසට කරුණු විමසා ලිපි යවා ඇති අතර ඔවුන් නිදහසට ඉදිරිපත් කරනු ලබන කරුණු කාරණා සලකා බලා පක්ෂයෙන් නෙරපීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.
දිගින් දිගටම පක්ෂයේ කටයුතු සඳහා සහභාගී නොවන සහ සහයෝගය ලබානොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සහ නීති අංශය සමග සාකච්ඡා කොට එම පිරිස වෙත අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එජාප කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.
නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙහිදී පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද උපරිමයෙන් ජයග්‍රහණය කරවීමට නාගරික මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෙයින් ගෙට යමින් ජනතාව දැනුම්වත් කරමින් උපරිම ශක්තියෙන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බවයි.
හිටපු අමාත්‍යවරුන් වන රවි කරුණානායක, දයා ගමගේ, බොරැල්ල සංවිධායක ඒ.එස්.පී. ලියනගේ ඇතුළු ක්‍රියාකාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පොහොට්ටුවට විරුද්ධව සිරිසේනත් ඔය වගේ දේවල් කළා.. එතකොටත් හැමෝම අත ඉස්සුවා..
මෙයාල කොහොමද එහෙම කියන්නේ? චන්දය චන්ද දායකයාගේ ස්වාදීන අයිතියක්... කාටවත් බලපෑම් කරන්න බෑ.
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා පසුබිම සකස් කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව දැන් පක්ෂයට ලැබී ඇත. අපගේ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට අයත් නොවන කණඩායම මේ වනවිට පිටව ගොස් ඇත. පක්ෂයේ අනාගතය වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණත් ලබාදිය යුතු සියලු වෙනස්කම් ඇති කොට පක්ෂය ආරක්ෂා කරන සහ රට වෙනුවෙන් කැපවන අවස්ථාවාදී නොවන තරුණ "නිර්මාණශීලි" කණ්ඩායමක් පක්ෂය තුළ බිහිකර ගැනීමට මේ ලැබී තිබෙන අවස්ථාව කිසිම දේශපාලන පක්ෂයක ලැබී නොමැත. එයින් උපරිම ප්‍රයෝජන ගතයුතුවේ. නුදුරේදීම, ගෝලීය දේශපාලනය. ගෝලීය ආර්ථිකය, සහ නූතන ලෝකයේ දියුණු රටවල නායකයන් අර්බුද අවස්ථාහිදී කටයුතු කරන ආකාරය පිළිබඳව සහ ගෝලීය ආයතන පිළිබඳ උනන්දුවක් දක්වන සියලු ලාංකිකයන් හට සහ විශේෂයෙන් පාසල් සිසුන්ට නිවසේ සිටම කියවීමට සහ නැරඹීමට අවස්ථාවක් ලබා දෙන්නෙමු. ඔබ අප සියලු දෙනාහට ලෝකයේ රටවල් දියුණු වී ඇති ආකාරය සහ එම රටවල් අප පසුකර යද්දී ලංකාව නිදහසින් පසුව තවමත් එකතැන කැරකෙන්නේ මන්ද කියා සිතා බලන්න. ලෝකයේ යුද්ධවලින් විනාශ වී නැවත ඉක්මණින්ම දියුණුවූ රටවල් සහ නොදියුණු රටවලට ආධාර ලබාදෙන ගෝලීය ආයතන එක්කොට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායකයා පිළිබඳව ගැටලුවක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට නැත... ඔහුගේ පාලන කාලයේදී ඇමතිවරයෙකූ ලෙසත්, අගමැතිවරයෙකූ ලෙසත් කළ හොඳ දේ බොහොමයකි. නායකයාගේ ප්‍රතිරූපය විනාශ කලේ ඔහු වටා සිටි කිහිපදෙනෙකි.. අදත් සිදුවී තිබෙන්නේ එයමයි.. පක්ෂය තුළ සිටි බුද්ධිමත්, ජනප්‍රිය පුද්ගලයින්ට ඉදිරියට ඒමට අවස්ථාවක් ලබා නොදෙන බවට පැහැදිලි වන බැවින් නායකයා වටා සිටින අයගෙන් පක්ෂය ගලවා ගැනීමට මෙන්ම පාක්ෂිකයින් සිටින්නේ කොතැනද යන්න පැහැදිලි කර දීම සඳහා වෙනම තරග කිරීමට ගත් තීරණය සුදුසුයි.. පක්ෂයක් ඉදිරියට යාමට බහුතර ජනමතය හඳුනාගෙන කටයුතු කළ යුතුයි..
කොළඹ සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවර බුද්ධිමත්ව ඡන්දය භාවිතා කළොත්, අපට කාලයක් තිස්සේ රට අරාජීර්ණය කරපු වැඩකට නැති මහල්ලෝ ටිකක් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන්ගේ දේශපාලනය මෙතනින් ඉවර කළ හැකිය. දෙපැත්තේම හොරුන් ඇල්ලීමේ පළමු පියවරත් එය විය හැක..
නායකතුමා මොකද මේ නිල්පාට තොප්පියක් දාගෙන ඉන්නේ...? එක්කෝ තමනුත් එක්තරා ජනවර්ගයකට අයත් බව පෙන්වීමටද? නැතිනම් කොරෝනා කොන්ඩය හරහාත් බෝවෙනවා කියලා හිතා ගෙනද? එහෙමත් නැතිනම් තමන්ගේ නියෝජනය නිල්පාට පක්ෂයකට දෙන්න හිතිලද?
සමගි ජනබලවේගය කියන්නෙත් එජාපයම තමයි. ඔබ සමුගත් දවසක එජාපය ජයග්‍රහණය කරාවි.
චන්දෙ දෙන්නේ මහජනතාව ඒජාපෙ මහබැන්කු හොර නඩේ පරද්දන්න හොද අවස්ථාවක්...