(*** අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ඩොලර් මිලියන 230 ක් මුදලට සිදුවූයේ කුමක් දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) වැනිදා කොළඹදී පැවැසීය.
පාර්ලිමේන්තුව සක්‍රීයව පැවැති අවස්ථාවක නම් මේ මුදලට වූ දේ හෙළි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය බැඳී සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන් දහසක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් කළ යෝජනාව ද මග හැර දමා ඇතැයි කීවේය.
එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කරන කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල අපේක්ෂක හමුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පිටකෝට්ටේ-සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ හමුව පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මර්දන කටයුතු සඳහා ඩොලර් මිලියන 230 ක මුදලක් දුන්නා. ඒ මුදලට වූයේ කුමක්දැයි ආණ්‍ඩුව වහා රටට හෙළි කළ යුතුයි.
කොරෝනා පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ මුහුණු ආවරණ හෝ වෙන්ටිලේටර් යන්ත්‍ර හෝ කිසිවක් මේ වන තෙක් රජය මිලදී ගෙන නැහැ. ඒ තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මුදලට සිදු වූයේ කුමක්දැයි ශ්‍රී ලාංකිකයන් දැනගත යුතුයි.
සෞඛ්‍ය අමාත්‍යවරිය මැදිහත්වී ඒ මුදලට වූ දේ ගැන හෙළි කළ යුතුයි.
ලෝකයේ අනෙක් රටවල් නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තම රටවලට වෙන් කරන ලද මුදල් ලැබීමටත් පෙර අවශ්‍ය කරන උපකරණ ඇණවුම් කළා. ආණ්‍ඩුවට විදේශ මුදල් නැති නම් දේශීය සෞඛ්‍ය සමාගම්වලින් උපකරණ නොගත්තේ ඇයි.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ඔවුනට ලැබුණු ආධාර මුදල් යොදවා වෙන්ටිලේටර් යන්ත්‍ර 5000 අධික ප්‍රමාණයක් ගත්තා. කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් නොපමාව අවශ්‍ය සියලු සෞඛ්‍ය උපකරණ ගෙන ඇති බව සඳහන් කළ යුතුයි.
පාර්ලිමේන්තුව බලාත්මක වී තිබූ අවස්ථාවක නම් මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න හැකියාව තිබුණා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරිය මහජනතාවට මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විනිවිද භාවයකින් යුතු ලේඛනයක් ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා.
කොරෝනා වසංගතය පැතිරෙමින් තිබූ සමයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සමහර කණ්ඩායම් අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී කටයුතු කිරීමට බලා ගත්තා. අප රජයෙන් කළ එකම ඉල්ලීම වූයේ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පන්දහසක් කරන ලෙසයි. අපේ ඒ ඉල්ලීම ද රජය නොසලකා හැරීම කනගාටුදායක බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා මර්දනයට දුන් ඩොලර් මිලියන 230ට මොකද වුණේ?