IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රජයේ ආදායම - වියදම අතර පරතරය 9% කට නැගලා

(***අංජුල මහික වීරරත්න)

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය සියයට නවයක් තරම් ඉහළ අගයක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

2001 වසරේ දී මේ පරතරය සියයට එකක් ලෙස පැවති බව කී රනිල් වික්‍රමසිංහ මහතා, කොරෝනා වසංගතය නිසා ඉල්ලුම අඩුවන හෙයින් අනෙක් රටවල බඩු මිල අඩු වුවද ලංකාවේ බඩු මිල වැඩි වී ඇතැයි ද සඳහන් කළේය.

මහ මැතිවරණය සඳහා මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයට සුදානම් වීමේ සාකච්ඡාවලට සහභාගි වූණා. ඒ අනුව දැන් අප ඡන්දය කරනවා.
රටේ ව්‍යවස්ථාව අනුව මූලික බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව නැතුව ක්‍රියා කරන එක රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. අනික් අතට මැතිවරණ කොමිසම කියන හැටියටම හැම කෙනාටම ජීවත් වෙන්න පුළුවන් විදිහට කොවිඩ්- 19 රෝගයට යටත් වෙන්නේ නැතුව ඡන්දය පවත්වන්න ඕනෑ ඒ ගැන මැතිවරණ කොමිසමද පක්ෂ නායකයින් ද සාකච්ඡා කළා මේ ඡන්දය අනික් ඡන්දවලට වඩා වෙනස් වෙනවා. මා හිතන්නේ 1977 ඡන්දයට පසු මේ වගේ ඡන්දයක් තිබෙන්නේ පළමු වතාවටයි. ජනතාවට අද ජීවත් වෙන්න අමාරුයි. මා ඒ ගැන අලුතෙන් කියන්න වුවමනා නැහැ. කුලී වැඩ කරන අය අමාරුවෙනුයි ජීවත් වෙන්නේ. ඒ වගේම ත්‍රීරෝද රථ රියදුරන්, කුඩා කඩ සාප්පු තිබෙන අය ද ජීවත් වෙන්නේ අමාරුවෙනුයි.

ඇඟලුම් කර්මාන්තවල ක්‍රියා කරන අයටත්  ජීවත්වෙන්න අමාරුයි. කුඩා සංචාරක ව්‍යාපාරයේ ඉඳන් විශාල සංචාරක ව්‍යාපාරය දක්වා සේවය කරන අයද ජීවත් වෙන්නේ අමාරුවෙනුයි. ඔවුන් කොහොමද ආදායම ලබන්නේ කියා හිතනවා. කොහොමද අපි දරුවන්ගේ ටියුෂන්වලට ගෙවන්නේ කියා හිතනවා. ඒ වියදම් හැම කෙනාටම තිබෙනවා. එය දරාගන්න බැරුවයි අද ලංකාවේ ජනතාව ජීවත් වෙන්නේ. ඊට අමතරව බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙන්න හේතුවක් නැහැ. අනිත් රටවල්වල ඇත්ත වශයෙන්ම කොවිඩ්- 19 නිසා බඩු මිල අඩු වුණා. නමුත් එදා තරම් ඉල්ලුම තිබුණේ නැහැ. ලෝකයේ ඉල්ලුම අඩු වෙලා බඩු මිල වැඩි වුණු එකම රට හැටියට ලංකාව පත් වෙලා. මේ දුෂ්කර කාරණය අප හැම දෙනාම මතක තියා ගන්න ඕනෑ. ලෝකය මෙහෙම නෙවෙයි.

ජනතාව ජීවත් කරන්න එක එක සහනාධාර දී තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ඒ අය සැලසුම් ඇති කරනවා. ඇත්තටම ඒ රටවල් කුමක් ද කරන්නේ. හැකි විදිහට ජනතාවට සහන දීල ඒ ආර්ථිකය නඟා සිටුවන්න තමයි ක්‍රියා කරන්නේ. ඒත් අපට ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම පොරොන්දු වුණ දීමනා රජයට දෙන්න බැරි වුණා ඒ මොකද? ආර්ථික තත්ත්වය නිසායි. මැතිවරණ කොමිසම ඒක තහනම් කළේ නැහැ.

අප කිව්වේ දේශපාලනය නැතුව මේවා බෙදන්න කියලයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යන්නේ නැතුව එය නිලධාරීන් මාර්ගයෙන් දෙන්න කියලායි. ඒත් ආණ්ඩුවට මුදල් තිබුණෙ නැහැ. ඒ වගේම පෞද්ගලික ආයතනවලට බලාපොරොත්තු වුණ විදිහට මුදල් ලැබී නැහැ. ණය ගන්න හරි අමාරුයි. මේ ප්‍රශ්න තිබෙනවා. ලෝකයේ සෑම රටකටම ආර්ථිකයෙන් පහරක් වැදුනට සාමාන්‍යයකට වඩා විශාල කඩා වැටීමක් ලංකාවේ ආර්ථිකයේ තිබෙනවා.

ලැබෙන තොරතුරු අනුව ඇත්ත වශයෙන්ම මේ සැරේ රටේ විදේශ විනිමය අඩු වූ නිසා ආනයන භාණ්ඩ තහනම් කරන්න සිදුවුණා.

ලැබෙන ආරංචි හැටියට මේ අවුරුද්දේ අය වැය රජයේ ආදායම් වියදම් අතර තිබෙන පරතරය විශාලයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් සමාන හිඟය තිබෙන්නේ. ඒක විශාල එකක් වනවා. මීට ඉස්සෙල්ලා 2001 දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 1 ක අඩුව තිබුණා. එදා මා ආර්ථිකය බාර ගත්තට පසු ඊළග අවුරුද්ද වන විට අපට ඒ ප්‍රශ්නය විසඳන්න ලැබුණා. ඒත් මේ සැරේ තිබෙන්නෙ සීයට 9 සෘණ අගයක්. ඒ කියන්නේ වියදම් වැඩි වෙනවා. ඒ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියට 9 කිනුයි.

මේ ගැන කරුණු හෙළි කරන්න. ඒක වහගෙන ඉන්න එපා. ඒක ජනතාවට බලපාන ප්‍රශ්නයයි. විසඳුම් හොයා ගන්න පුළුවනි. අපට කියන්න. ජාත්‍යන්තර ආයතනවලින් ණය අරමුදල් ලැබෙනවාද? නැද්ද? විදේශ රටවලින් ලැබෙනවාද නැද්ද කියන්න ආර්ථිකය ගැන දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ කරුණු හංගන්න එපා. ඇත්ත කියන්න.

අපි මේ ගැන අදහස් හුවමාරු කරමු. මොකක්ද කළ යුත්තේ කියල බලමු. කරුණු හංගාගෙන ඉන්නවා නම් අන්තිමට වෙන්නේ ජනතාවට කොවිඩ්- 19 ට යටත් නොවුනද ඇත්ත වශයෙන්ම සාගින්නට යටවෙලා ජීවිතය නැති වෙන්නයි. ආර්ථිකය ගැන කතා කර සහන දෙන්න වැඩ පිළිවෙළ අපි සාකච්ඡා කරමු. යයිද රනිල් වික්‍රමසිංහ මහතා කිවේය.

 



අදහස් (0)

රජයේ ආදායම - වියදම අතර පරතරය 9% කට නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site