(අනීෂා මානගේ)
'මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා' යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(03) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළීතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
'අපි සතුටු වෙනවා සියලු පාර්ශවයන්හි කරුණු විමසා බලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න මේ අවස්ථාවේදී අධිකරණය මැදිහත් වී තිබෙනවා. මැතිවරණ කොමිසම බොහෝ වේලාවට උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්නයි. එක්සත් ජාතික පක්ෂයේ සාමය ඇති වෙනකල් මැතිවරණය කල් දාන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අයට ඕනෑ විදියට නාමයෝජනා හදන්න මැතිවරණය කල් දාන්නයි. මේක තමයි අපි දැකපු දේ. මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා. අපි සතුටු වෙනවා මේ රටේ ජනතාවට පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් දැන් තෝරාපත්කරන්න. ජනතාවට අවශ්‍ය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදය විසඳගන්න එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕනෑ. අපිට ඇඟිල්ල දික් කළාට වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කුණුගොඩවල් හොයන්න අපිට වෙලාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විනාශ වීමට සජිත් ප්‍රේමදාස මහත්තයා වගකියන්න ඕනෑ. නායකත්වයට විරුද්ධව ගිහින් නායකත්වයත් එක්ක හැප්පිලා පක්ෂය විතරක් නෙවෙයි දිස්ත්‍රීක්කයේ ජනතාවත් පාවා දීලා තමයි දිස්ත්‍රීක්කය අත්හැරලා යන්න ගියේ' යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බේබි නැගිටලා. අවස්ථාවාදී මිනිස්සු.
මහ ජනතාව කොවිඩ් අනතුරට මුහුණ පෑමට සලස්වා හෝ මහ මැතිවරණය පැවැත්වීමට රජයේ පාර්ශවවලට තියෙන හදිස්සිය මැකෝට කොහෙත්ම නැහැ. මැකෝ මැතිවරණය දෙස බලන්නෙ ජනතාවාදී ඇසකින් බවයි පේන්නේ. ඔහුට ඕනෙ වුනේ මහ මැතිවරණය අප්‍රේල් මස නොපවත්වා කල් දැමීමටයි. එය දැනටම සිදුවෙලා. ප්‍රජාව අතරින් තව දුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නෙ නැත්නම් ඔහු මහ ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වුන දේ සිදුවෙලා ඉවරයි.