(*** මතුගම බන්දු තඹවිට)
‘රනිල් වික්‍රමසිංහ නඩය මොකක්ද මේ කරන්නේ? දෝතින්ම ආණ්ඩුව බාර දුන්නා. බහුතරය අපට තිබුණා. අපට ආණ්ඩුවකට යන්න තිබුණා. එහෙමනම් අද අප මැතිවරණය කරන්නේ ආණ්ඩුව තියාගෙනයි. මේ ඩීල් එක කළේ රාජපක්ෂවරුන්ට තිබෙන බයටයි. ඒගොල්ලන්ගේ හොරකම් ටික අල්ලාගනීවී කියන බයට යයි. සමගි ජන බලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා මතුගමදී පැවැසීය.
සමගි ජන බලවේගයේ මතුගම මෙහෙයුම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී. සමගි ජන බලවේගයේ මතුගම සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාද මතුගම සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද මාධ්‍ය හමුවට සහභාගී වූ අතර එහිදී ජගත් පින්නගොඩ විතාන මහතා මෙසේද කීවේය.
අපේ යහ පාලනයට නරකම කිය කියා බැන බැන යහ පාලනයේ හිටපු ලොක්කත් අද එහාට ගෙන අවසානයි. එයා මෛත්‍රිපාල සිරිසේනයි. එයා යහ පාලනයේ ප්‍රධානියා. එයා කියපු විදිහට අප වැඩ කෙරුවා. අද එයාව ඡන්දයටත් දාලා. සන්ධාන ගත වෙලා. මොකක්ද මේ කරන්නේ? වැරදි වැඩේ හඬනගා කියන්න පුළුවන් වෙන්න ඕනා. අපි එදත් කිව්වා අදත් කියනවා.
අපේ කට්ටියට වුණත් හොරකම් කරලා නම් දඬුවම් දෙන්න ඕනෑ. හොරු ඔක්කොම අඳුනනවා. පුදුම වැඩේ රහස් පොලිසිය දන්නෙත් නැහැ. වංචා විමර්ශනය දන්නෙත් නැහැ. කෝප් කමිටුව දැන් ඇත්තෙත් නැහැ. මේ ගොල්ලෝ දන්නේ නැති වුණාට ගමට ගිහින් ඇහුවොත් ගමේ මිනිහා නම් කවුද හොරකම් කළේ කියයි. හොරුන්ට දඬුවම් කරන්නයි අප උත්සාහ කරන්නේ.
මේ නඩ දෙක එකතු වුණොත් රට ඒකාධිපතිකරණය වෙන එක කාටවත් වළක්වන්න බැහැ. දැන් පොලිසිවලට උඩ ඉඳලා පහළට ඒගොල්ලන්ගේ අයව දාගෙන සිටිනවා. අප ඒ දවස්වල පොලිසිවලට ගියේ නැහැ. අප නිලධාරීන්ට අත ගැහුවේ නැහැ.
එවැනි දේවල් නතර කරන්න තිබෙන අවසන් අවස්ථාවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සමහර අය තර්ජනය කරනවා මන්ත්‍රීකම දෙන්නේ නැහැ කියනවා. දීමනාව දෙන්නේ නැහැ කියනවා. ඒවා නීතිවිරෝධී ප්‍රකාශයි. අපි ඒ අයට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ.
මතුගම ආසනයේ සංවිධායක වරයා ලෙස මාව පත් කළේ රනිල් වික්‍රමසිංහයි. මා එයා කියන දේ අහන්නේ නැහැ. එදා වැරදි වැඩ කරන අයව ආරක්ෂා කරන හැටි දැක්කා. සංවිධායකකම පිළිබඳව සිතන්නේ නැතිව එළියට බැස්සා. අප සදහටම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්කයි. අප සජිත් මහත්තයව ජනාධිපති කරලයි නවතින්නේ. ඒකට වැඩිකල් යන්නේ නැහැ.
ජන මතය අපට දෙන්න. දැන් ආණ්ඩුව 2/3 ගැනීමේ සිහිනය අත්හැරලා. දැන් ඒ ගොල්ලන් ජයග්‍රහණය විතරයි ප්‍රාර්ථනා කරන්නේ. පටන් ගන්න විට කිව්වේ තුනෙන් දෙක ගන්න ඕනෑ කියලයි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් ඩීල් එක දැම්මේ රාජපක්ෂලාට තියෙන බයටයි
මෝ Monday, 08 June 2020 10:37 AM
ඇයි රනිල් ඇර යූඑන්පියේ හිටපු හොරු සෙට් එකම දැන් ඉන්නේ නැහැ...
saman Monday, 08 June 2020 01:46 PM
සජිත් සමග සිටින පිරිස ඩීල් කියන වචනයේ වටිනාකමත් නැති කොට ඇත. ඩීල් ඩීල් ඩීල් දැන් කිසිවකු ඔය ඩීල් කතා ගණන් ගන්නේ නැත...
Rata Perata Monday, 08 June 2020 04:04 PM
සජිත් කරන්නෙත් රනිල් කරපු සෙල්ලමම තමයි. හැමෝම එකතු වෙලා හොරකම්, මැරකම් තියෙන, රටේ සම්පත් ඔක්කොම තමාගේ බාරයට ගන්න එක පවුලක් රකිනවා. රටේ සහ රටවැසියාගේ කරුමේ.