(***අංජුල මහික වීරරත්න)
රාජපක්ෂලාගේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ මරණ උඩින් හෝ ගොස් රටේ බලය අල්ලා ගැනීම යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී ඉකුත්දා (3) පැවසීය.
සමගි ජනබලවේගයට අවශ්‍ය වන්නේ මිනිස් ජීවිත බිල්ලට නොදී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම බව කී මද්දුම බණ්ඩාර මහතා අධිකරණය හමුවට ගියේ එම යහපත් චේතනාව අනුව බව කීය.
ඇතුල් කෝට්ටේ සමගි ජනබලවේගය කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද සඳහන් කළේය.
ජනතාවගේ මරණ උඩින් ගිහින් හරි රාජපක්ෂලා රටේ බලය ගන්න හදන ආකාරය අපි දැන් දකිනවා. කොවිඩ් වසංගතය මර්දනය කිරීමත්, දේශපාලන න්‍යාය පත්‍රයක් කියන මේ දෙකම එකටයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි අපේ රටේ මේ වන විට කොවිඩ් ආසාධිතයින් 1600ක් ඉක්මවා ගිහින් තිබෙන්නේ.
අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයක් පැවැත්වීමටයි. ආණ්ඩුවට අවශ්‍ය වුණේ කලින්ම මහ මැතිවරණය පවත්ව ගන්නයි. ඒත් ඊයෙත් කෝවිඩ් ආසාධිතයින් හතළිස් ගණනක් වාර්තා වී තිබෙනවා.
අපි ඒකයි කිව්වේ ජුනි 20 මහ මැතිවරණය පවත්වන්න එපා කියලා. අපි අධිකරණයට ගියේ ඒකයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත තමයි මැතිවරණය පැවැත්විය යුත්තේ. අද ස්වාධීන මැතිවරණයක් පවත්වන්න, ජන ජීවිත අනතුරේ නොදමන මැතිවරණ ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වල තිබුණා පාර්ලිමේන්තුව කල් දානවිට මැයි මාසයේ වුණත් මහ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. නමුත් මේ මැතිවරණය කල් දැමීම ක්‍රියා කිරීම ගැන අපි මැතිවරණ කොමිසමට ස්තුතිය පුද කරනවා. ජුනි 20ත් මැතිවරණයක් පවත්වන්න සුදුසු නැති නිසායි අපි අධිකරණයට ගියේ. ඒක අද ඉෂ්ට වෙලා තිබෙනවා. අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. අපි ඉල්ලන්නේ ජනතාව ගැන සිතලා අනතුරුදායක තත්ත්වයක් නැති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශ කළ පසුව මැතිවරණයක් පවත්වන්න කියලා.
එක්සත් ජාතික පක්ෂයත් අනෙක් පක්ෂත් විවිධ අදහස් මැතිවරණය පැවැත්වීම ගැන කිව්වා. නමුත් සමගි ජනබලවේගය ලෙස අපි මැතිවරණවලට බය නෑ. මැතිවරණවලට යන්න අපි ඕනෑම වෙලාවක සූදානම් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවීම තමයි අපි අපේක්ෂා කරන්නේ.
අපි මේ සමගි ජනබලවේගය පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ඇතිවයි. එජාපය තීන්දු කළා සංධානයක් යටතේ තරග කරන්නත් එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නත් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නත්, ඒ වගේම සංධානයේ මහ ලේකම් සජිත් ප්‍රේමදාස මහතාගේ කැමැත්ත පරිදි පත් කර ගත යුතුයි.
මේවා ගැන අපිට ලිඛිත සාක්ෂි තිබෙනවා. මෙය නිත්‍යානුකූලයි. පළාත් පාලන මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න බෑ. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. එජාපයට නීති විරෝධී වැඩ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ සුළු මොහොතකට පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු 11 දෙනාගෙන් නව දෙනෙක් මෙතැනට ඇවිත් මාධ්‍යය හමුවක් පැවැත්තුවා.
ලංකාවේ සියයට අනූ පහක් එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් අපි සමගයි සිටින්නේ. සමහර අය මන්ත්‍රීකම ගැන කල්පනා කරලා උඩින් පෙන්නල අපිට යටින් වැඩ කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සුළුතර කණ්ඩායමක් ඉන්නේ ඒ අයට තීන්දු ගන්න අයිතියක් නෑ. බහුතරය මෙතැනයි. මේ ආණ්ඩුවට අවශ්‍ය වුණේ ජනතාව ගැන කල්පනා නොකොට හෝ රටේ බලය ගන්නයි. අපි කියන්නේ නිසි විදිහට සෞඛ්‍යාරක්ෂිත ලෙස සියලු විධිවිධාන යොදා මේ මැතිවරණය පවත්වන්න කියලායි
මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා-
අපේ රටේ තිබුණ විශාලම මූල්‍ය ආයතනයක් වන ද ෆිනෑන්ස් ආයතනයේ කටයුතු මේ වන විට නවත්වා තිබෙනවා. අපේ රටේ පුරවැසියන් 175000ක් පමණ මෙහි මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ වගේම සේවකයින් 5000ක් පමණ සිටිනවා. මේ ආයතනයට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ අපේ රටේ මුදල් ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.
මේ ආණ්ඩුව මූල්‍ය කලමනාකරණයේ අසමත් කියලා ඔප්පු කරලා තිබෙනවා. මේ අය පෙන්වලා තිබෙනවා මේක වැඩ බැරි ආණ්ඩුවක් කියලා. මහින්ද රාජපක්ෂ මහතා අද දුර්වලයි. ඔහුට ශාරීරික හා මානසික ශක්තියක් නෑ මුදල් ඇමැතිධුරය දරන්න. මේ විදිහට වගකීම් පැහැර හරින්නේ නැතුව තැන්පත් කරුවන්ගේ මුදල් ලබා දෙන්න සේවකයින්ට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසත් අපි ඉල්ලනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රාජපක්ෂලාගේ අරමුණ බලය ඇල්ලීමයි
liyanage Sunday, 07 June 2020 02:02 PM
සජිත් ප්‍රේමදාස නායකයාව සිටින සමගි ජනබලවේගයේ රට ගොඩනැගීමට හැකි පිරිසක් සිටිනවාද? සජිත් ඇතුළු පිරිසට රටට නායකත්ව ලබාදීමට තිබෙන්නාවූ සුදුසුකම් මොනවද ?
නිමල් Sunday, 07 June 2020 02:22 PM
එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව සමගි ජන බලවේගයේ නායක පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 කට ලිපි නිකුත් කරනු ලැබුවත් ඔවුන්ට එම ලිපි ලැබී නොමැතිබව ඔවුන් කියා සිටි. මෙම ලිපි සියල්ල සමගි ජන බලවේගයේ කාර්යාලයට ලැබී තිබු බව කවුදෝ කියනවා ඇසිනි
Kumar Monday, 08 June 2020 02:21 AM
මට පෙනෙන්නේ ඔයගොල්ලන්ගේ ලොක්කටත් ඕනෙවෙලා තිබෙන්නේ බලය අල්ලා ගන්නයි. ලංකාවේ දැන් ඉන්න පක්ෂ නායකයින්ට ඕනෙ... කෙසේ හෝ බලය අල්ල ගන්නයි. ඒ කෙනාගෙන් වාසිය ඇත්නම් ඒ නායකයා පස්සේ එල්ලීගෙන යනවා.