IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සියලු දේශපාලන පක්ෂවලට සාධාරණව ඡන්ද දිනය තෝරාගන්න

(*** ඩයනා උදයංගනී)

සියලුම දේශපාලන පක්‍ෂවල ප්‍රචාරණ කටයුතු සඳහා සමාන සහ සාධාරණ අවස්ථා ලැබෙන පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි දිනයක් තෝරාගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාවීම සඳහා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවත් එහිදී ජනතාවගේ හා මැතිවරණ කටයුතුවල යෙදෙන නිලධාරීන්ගේ ආරක්‍ෂාව මෙන්ම සියලු දේශපාලන පක්‍ෂවලට තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් තහවුරු විය යුතු බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඉකුත් 3 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම්වරයා මෙසේ ද කීවේය.

“ජනාධිපතිවරයා තම බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින විටත් කොවිඩ් අනතුර රටට තිබුණා. රජය කීවේ වසංගතය පාලනය කළ හැකි බවයි. රෝගීන් හඳුනාගැනීමට ගුවන්තොටුපළේ යන්ත්‍ර සවි කර ඇති නිසා කිසිදු රෝගියෙකුට රට තුළට ඇතුළු විය නොහැකි බව කීවත් අපේ රටත් එයට ගොදුරු වුණා. ආණ්ඩුව මුල් අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. කොවිඩ් උවදුර ඉහළ නගිද්දිත් ආණ්ඩුවේ වුවමනාව වුණේ මැතිවරණය ඉක්මණින් පැවත්වීමයි. නමුත් නාමයෝජනා බාරදීම අවසන් වූ පසු මැතිවරණ කොමිසම ඡන්දය කල්දැමීමට තීරණය කළා. දරුණුම වසංගත තත්ත්වයක් මැද මැතිවරණය පැවැත්වීම වළක්වා ගන්න ලැබුණේ ඒ නිසයි.

මේ දිනය වෙනස් කිරීමේදී මාස තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකිවීම මත ව්‍යවස්ථා ගැටීමක් සිදුවිය හැකි බැවින් ශේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට කීවා. නමුත් ජනාධිපතිවරයා එය කළේ නැහැ. එසේ නොවූ නිසා වෙනත් පාර්ශ්ව තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට අධිකරණය වෙත ගියා. ජනාධිපතිවරයා එය කළා නම් ප්‍රශ්නය දිග්ගැස්සෙන්නේ නැහැ. සති දෙකක කාලයක් පෙත්සම් විභාගයට ගත යුතුද නැද්ද යන්න දීර්ඝ වශයෙන් සලකා බැලු‍ණා. ජූනි 20 මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් රට පාලිත වසංගත තත්ත්වයට පත්වී සති 9ත් 11ත් අතර කාලයක් ගතවිය යුතු බවත් මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු අතර එහිදී මූලික කරුණු තුනක් වෙත අවධානය යොමු විය යුතුයි. පළමුවැන්න රටේ සාමාන්‍ය ජනතාවගේත්, මැතිවරණ රාජකාරි කරන රජයේ නිලධාරීන්ගෙත් ආරක්ෂාව තහවුරු විය යුතුයි. එසේ නොවුණොත් තවත් වටයකින් වසංගතය වර්ධනය විය හැකියි. එමෙන්ම දේශපාලන පක්ෂවලට නිදහසේ තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යා හැකි විය යුතුයි. රැස්වීම් පැවැත්වීමට, පත්‍රිකා බෙදීමට, ජනතාව මුණගැසීමට, මාධ්‍ය මගින් ප්‍රතිපත්ති අදහස් ඉදිරිපත් කිරීමට සාධාරණ හා සමාන අවස්ථා ලැබිය යුතුයි.

පූර්ව ප්‍රචාරක කටයුතු, ඡන්ද පොළ තුළ ක්‍රියාකාරිත්වය, මැතිවරණය එක් දිනක පවත්වනවාද, ගණන් කිරීම දවස් කිහිපයකට යනවාද ආදිය ගැනත් සිතිය යුතුයි. ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණය සඳහා සුදුසු දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දකුණු කොරියාවේ මැතිවරණයෙන් පසු කොරෝනා වසංගතය ඉහළ ගියා. එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ලංකාවේ මැතිවරණය පැවැත්විය යුතුයි.

මෙවැනි තත්වයකදී බලය ඇති කණ්ඩායම් රාජ්‍ය බලය පාවිච්චි කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදිය හැකියි. එවැනි දේ පාලනය කළ යුතුයි. ජාතික ජන බලවේගය ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් වූ විගස ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු මැතිවරණයට මැදිහත්වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට දායක වෙන්නත් අපි සූදානම්.”



අදහස් (1)

සියලු දේශපාලන පක්ෂවලට සාධාරණව ඡන්ද දිනය තෝරාගන්න

Raveendra Sunday, 07 June 2020 12:43 PM

අද අප රටේ තිබෙන සියලුම දේශපාලුවන්ගේ පක්ෂ කැමති වුණත් යම්කිසි දිනයකට එදාට මේ රතු හැට්ටකාරයින් " අනේ අපි අද ගෙට වෙලානේ " එ නිසා ඒ දවසට ඡන්දය තියනවාට අපි විරුද්ධයි යන්න කියනු ස්ථිරයි...

:       170       126

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site