IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපරාධත් රජයට බැරකර දේශපාලන වාසිගන්නවා

(*** නාලක සංජීව දහනායක.)

රටතුළ සිදුවන අපරාධ රජයට සම්බන්ධ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට යම් පිරිසක් උත්සාහ ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙරේදා (14) පැවසීය.

එහෙත් ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරමින් රටතුළ විනයානුකූල පාලනයක් ගෙනයන බව ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

ජනතාව ඒකරාශීකර ප්‍රචාරක රැස්වීම් පවත්වන්නේ නැතිව මැතිවරණයක් පැවැත්විය නොහැකි බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරනවා. 88/89 වසරවල මැතිවරණ පවත්වපු විදිය ඔහුට දැන් අමතකයි. 88 පළාත් සභා මැතිවරණය පැවැත්වූවේ ජීවිත පරිත්‍යාගයෙන්. එදා රටම භීෂණයෙන් වෙලී තිබුණා. රාජ්‍ය නිලධාරීන් මරා දැම්මා. ඡන්දය පාවිච්චි කළ පළවෙනිම පස්දෙනා මරා දැම්මා. ඒ භීෂණකාරී වාතාවරණය මැද එවකට හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකරන්න කටයුතු කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි සෞඛ්‍ය අංශය විසින් පනවා තිබෙන නීති රීතිවලට යටත්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන්න සූදානම්. ඒ නිසා අපේ මැතිවරණ ව්‍යාපාරය බොහොම පිවිතුරුව සිදුකරගෙන යනවා. කොරෝනා වසංගතයෙන් තොර සමාජයක් නිර්මාණය වෙමින් යනවා. එහෙත් ජනතාව තවදුරටත් නීතිරීති අනුව කටයුතු කළ යුතුයි. සියලුම දෙනා සෞඛ්‍ය අංශයේ නීතිරීති පිළිපදිනවානම් මැතිවරණය පැවැත්විය හැකියි. මේ මැතිවරණය කල්දමන්න විපක්‍ෂය උසාවි ගියා. නමුත් වාසනාවකට අධිකරණය ඒ පෙත්සම් සියල්ලම නිෂ්ප්‍රභ කළා.

කොරෝනා වසංගත තත්ත්වය නිසා ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් දැඩි පීඩනයකට නතු වුණා. ඒ නිසා ජනතාවට හා බැංකුවලට සහන දෙන ලෙසට ජනාධිපතිවරයා නියෝග කළා. ඒ නීති රීති ක්‍රියාත්මක කිරීමේදී රජය තදින් ඉන්නවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා, රටට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපනයන ක්‍ෂේත්‍රයත් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඒ නිසා මේ මොහොතේදී සහන දීම බැංකුවල යුතුකමක්.

අද වනවිට එක්සත් ජාතික පක්‍ෂය කෑලිවලට කැඩිලා. සමඟි ජන බලවේගයේ සමහරු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. තවත් සමහරු එක්සත් ජාතික පක්‍ෂයට එකතුවෙලා. මේ නිසා සජිත් පිල ඇද වැටිලා, රනිල් පිල ශක්තිමත් වෙලා.

මහමැතිවරණයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න සියලුම දෙනා කටයුතු කළ යුතුයි. ඒ වගේම ගහගන්න, බැණගන්න අය මෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර නොගැනීමට ජනතාව වගබලා ගතයුතු යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක මධුමාධව අරවින්ද සහ දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ උප ලේකම්වරයකු වන නීතීඥ ඩී. කලංසූරිය මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

අපරාධත් රජයට බැරකර දේශපාලන වාසිගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site