‘කතෝලික ඡන්ද සජිත්ට නොලැබීම පාස්කු ප්රශ්නයේ ගේමක්‘ අගරදගුරු තනතුර දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිතයක් තිබෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කතෝලික ජන්ද නොලැබී ගියේ පාස්කු ප්රශ්නයේ ගේමක් නිසා බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (21) සවස පොළොන්නරුවේ මැදිරිගිරියේදී ප්‍රකාශ කළේය. 23 June 2020
‘සමගි ජනබලවේගයට එජාපයේ අයිතියක් නෑ...‘ පක්ෂය විනය කැඩූ පිරිසේ සාමාජිකත්වය අත්හිටුවමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය වාරණය කරන්නැයි කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දැමීමත් සමඟ සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කිසිදු අයිතිවාසිකමක් කීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (22 වැනිදා)පැවසීය. 23 June 2020
ත්රස්තවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නෑ යුද්ධ කළේ ත්රස්තවාදීන් සමග මිස යම්කිසි ජාතියක් සමග නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) කුරුණෑගලදී පැවැසීය. 22 June 2020
කරුණා අම්මාන් කියන කතා ගැන කණගාටු වෙනවා අලිමංකඩදී එක රැයින් හමුදාවේ දෙදහසක් - තුන්දහසක් ඝාතනය කළ බවටත් එය කොරෝනාවට වඩා බරපතළ බවටත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ජනහමුවේදී කළැයි කියන කතාව සුළුවෙන් තැකිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, අරක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 22 June 2020
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක් ‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී කීවේය. 22 June 2020
ප්රජාතන්ත්රවාදී නිදහසට ‘පොහොට්ටුව’තර්ජනයක් ‘‘ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට සහ නිදහසට පොහොට්ටු පක්ෂයෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි’’ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ 21 වැනිදා පැවැසීය. 22 June 2020
‘’කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි’’ කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අනුව හමුදා නිලධාරීන් ඝාතනය කළ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඊට අනුබල දීමත් පිළිබඳව වහා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව සමගි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂිකා හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය අද (21) පැවසුවාය. 21 June 2020
’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’ ‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය. 19 June 2020
මහ බැංකු නිලධාරින්ට එරෙහිව මා කළ සටනට ජනපතිත් එක්වුණා ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන මහ බැංකුවේ සීතල කුටිවල සිටින නිලධාරීන්ට එරෙහිව වසර පහක් තිස්සේ තමා කළ සටනට ජනාධිපතිවරයා ද එක්වීම ගැන සතුටට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (18) පැවසීය. 19 June 2020
‘මොන වෙට්ටු දැම්මත් ආණ්ඩුවක් පිහිටුවනවා‘ එක්සත් ජාතික පක්ෂය හා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව යෝජනා ස්ථිරත්වයෙන් පිහිටු වූ සමගි ජන බලවේගයේ ඉදිරි ගමන අඩාල කිරීමේ චේතනාවෙන් දේශපාලන ඩීල් දමා මගේ කකුලෙන් අදින්න පටන් ගෙන තිබුණද සියලු කුමන්ත්‍රණ පරදා දුරකථනය ජයග්‍රහණය කර සමගි බලවේග රජය පිහිටුවීමෙන් හා ඇමති මණ්ඩලය පත් කිරීමෙන් පසු සිරිකොත බලයද අල්ලන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී පැවසීය. 19 June 2020
‘’බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් එපා’’ බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුකර බැංකු ක්ෂේත්රය දුර් වල කරන්න එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවසීය. 18 June 2020
හිස් වැඩවලට තිත තියලා ජනතාව ජීවත් කරවනවා පොදු ජනතාවගේ දුකට පිහිට වන හිතක් පපුවක් ඇති අපේ රජයක් පිහිටුවා හිස් වැඩ වෙනුවට ජනතාව ජීවත් කරවන වැඩ කරන යුගයක් අගෝස්තු පස්වැනිදායින් ආරම්භ කරනවා යැයි සමගි ජනබලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (16 වැනිදා) මීරිගම දී පැවසීය. 18 June 2020
අපේ ආණ්ඩුව ආ ගමන් බඩුමිල අඩුකරනවා එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්රභූන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවසීය. 18 June 2020
සිසුන්ට ටැබ් දුන්නා නම් උසස් පෙළ කල්දාන්න ඕනෑ නෑ ‘‘යහපාලන රජය සමයේ හඳුන්වා දුන් ටැබ් පරිගණක උසස් පෙළ සිසුන් සඳහා ඒ ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා දුන්නේ නම් උසස් පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව නියමිත දින වකවානුවටම පැවැත්වීමට ඉඩ තිබිණැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 18 June 2020
‘’එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ ආණ්ඩුවෙන් ප්රභූන්ට වෙනම නීතියක්’’ එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්රභූන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 16 June 2020
ජනපතිගේ ජනතාවාදී වැඩපිළිවෙළට අතදෙමු කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැතිවරණ අපේක්ෂක සිරිපාල ගම්ලත් මහතා ඉකුත් දා පැවසීය. 16 June 2020
අපරාධත් රජයට බැරකර දේශපාලන වාසිගන්නවා රටතුළ සිදුවන අපරාධ රජයට සම්බන්ධ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට යම් පිරිසක් උත්සාහ ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙරේදා (14) පැවසීය. 16 June 2020
ඡන්ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් මැතිවරණ කොමිසම මැතිවරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග ගැන සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (15) පැවැසීය. 16 June 2020
‘’ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා’’ ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍යට අදාලව බරපතල බිඳවැටීම් ගණනාවක් සිදුව ඇති බවත් ඊට ඍජුවම හෝ වක්‍රව ආණ්ඩුව වගකිව යුතු යැයි ද ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය. 14 June 2020
‘’රට වැටී ඇති අගාධයෙන් බේරාගැනීමට යළිත් වරක් එජාපය කැපවෙනවා’’ එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවට ඇහුම්කන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව අනුවර්තනය වෙමින් සිටින බව පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2020
ජනතා බලය නංවන්න නම් ඉක්මනින් ඡන්දය තියන්න පවුලක් විසින් රට පාලනය කිරීම වළක්වා ප්රජාතන්ත්රවාදී මූලධර්මයන්ට හෝ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් පාලනයක් ඇති කිරීමට හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පැවසීය. 11 June 2020
ජනාධිපති කාර්ය බළකාය පත්කිරීමේ ක්‍රමවේදය වැරැදියි සුරක්ෂිත රටක් - විනයගරුක, ගුණවත්ව, නීත්‍යානුකූල සමාජයක් ගොඩ නැගීම සඳහා වන බව සඳහන් කරමින් ජනාධිපති කාර්ය සාධන බළකාය පත්කර ඇත්තේ පිළිගත් ක්‍රමවේදවලට පටහැනි ආකාරයට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කර සිටී. 11 June 2020
සමගි ජනබලවේගයේ ඩීල්කාරයෝ නෑ සමගි ජන බලවේගය සමග ඩීල්කාරයන් හෝ කළු චරිත හෝ නැති බවත්, පොදු ජනතාව සමග පවතින ඩීල් එකට අනුව මහ මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යන බවත්, සමගි ජන බලවේගය නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. 11 June 2020
කොරෝනා මර්දනයට දුන් ඩොලර් මිලියන 230ට මොකද වුණේ? ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ඩොලර් මිලියන 230 ක් මුදලට සිදුවූයේ කුමක් දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) වැනිදා කොළඹදී පැවැසීය. 11 June 2020
’ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළ දකිනවා’ ඇමරිකානු විරෝධයක් මවාපාමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වූ ජනතාවට පහරදීමෙන්ම වත්මන් ආන්ඩුවේ ඇමරිකානු ගති බාවය පෙන්නුම් කරන බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා කොළඹදී පැවසීය. 10 June 2020
ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණුවේ මාවතට ගෙනඒමට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අත්‍යවශ්‍ය තිබෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (8) පැවැසීය. 09 June 2020
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි මහ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණකැයි ඒ පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය පමණක් යයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී ඊයේ (8) පැවැසීය. 09 June 2020
වසර 15 කින් බලමණ්ඩලය රැස්වෙලා නෑ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2005 වසරෙන් පසුව පක්ෂ බල මණ්ඩලය කිසි දිනෙක රැස්වූයේ නැතැයිද, දිගින් දිගටම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය පිරිහීමට පත්වූයේ මේ නිසා යැයි”ද එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 08 June 2020
රනිල් ඩීල් එක දැම්මේ රාජපක්ෂලාට තියෙන බයටයි ‘රනිල් වික්‍රමසිංහ නඩය මොකක්ද මේ කරන්නේ? දෝතින්ම ආණ්ඩුව බාර දුන්නා. බහුතරය අපට තිබුණා. අපට ආණ්ඩුවකට යන්න තිබුණා. එහෙමනම් අද අප මැතිවරණය කරන්නේ ආණ්ඩුව තියාගෙනයි. මේ ඩීල් එක කළේ රාජපක්ෂවරුන්ට තිබෙන බයටයි. ඒගොල්ලන්ගේ හොරකම් ටික අල්ලාගනීවී කියන බයට යයි. සමගි ජන බලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා මතුගමදී පැවැසීය. 08 June 2020
අසහනයට - පීඩනයට තිත තියනවා ‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (7)පැවසී ය. 08 June 2020
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026