IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘රනිල් - සජිත් සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ‘

(හැටන් රංජිත් රාජපක්ෂ)   

 
මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පැවසීය.

එස්.බී. දිසානායක මහතා ඒ බැව් කියාසිටියේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ (27) දින පැවැති තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙනස් මත දරණ අය බවත්, එවන් අය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට කිසිසේත් නොගැලපෙන බවයි.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දී තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදුවන බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.



අදහස් (1)

‘රනිල් - සජිත් සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ‘

Perera Sunday, 28 June 2020 11:46 AM

පසුගිය ඡන්දයේදී SB හිතුවේ ඔහුත් දිනුම් කියලනේ... පරාද වුණු අයගේ කතා ගණන් ගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site