IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘කරුණාඅම්මාන් දෙමළ ජනයාගේ වීරයකු කරන්න හදනවා‘

(*** ඩයනා උදයංගනී)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයකු ලෙස තමන් අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා  ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (21 වැනිදා) පැවසීය.

එළැඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා රණවිරුවන් ඉදිරියට දමමින් කටයුතු කරන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී ක්‍රියාවලියක නිරත වී සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.

“කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා මැතිවරණය වෙනුවෙන් රණවිරුවන් ඉදිරිපත් කරමින් සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කරන රාජපක්ෂලා, දෙමළ ජනතාවගේ කොටි වීරයාත් පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීමෙන්, ඔවුන්ගේ දුෂ්ට, දෙබිඩි දේශප්‍රේමය හෙළිදරව් වෙනවා. වෙන පක්ෂයකින් තරඟ කළත් තම සහය මහින්ද රාජපක්ෂ මහතාට බවත් ජාතික ලැයිස්තුවෙන් එන්න ආරාධනා කළත්, නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ආශීර්වාදයෙන් ඉදිරියට යන බවත් ඔහු ප්‍රකාශ කර තියෙනවා.

මොහු පාර්ලිමේන්තුවට එන්න යන්නේ අලිමංකඩදී හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරපු දෙමළ කොටි වීරයා හැටියටයි. ඔහු ඒ ගැන සඳහන් කරමින් කර ඇති ප්‍රකාශය ප්‍රසිද්ධ එකක් නිසා එක්තරා ආකාරයකට සාක්ෂියක්. ඒ නිසා රජය වහාම විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කරුණා අම්මාන්ගේ මේ ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ දේශප්‍රේමී සළුපිළි ගැලවී, ඔවුන්ගේ දේශද්‍රෝහී ක්‍රියා කලාපය සහ ත්‍රස්තවාදීන් සමග කරන නාටකය හෙළි වී තිබේ.

වත්මන් රජය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් යළිත් ජාතික අපරාධයක් කරන්න යන බව පේනවා. මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරය ඇති ස්ථානයේ එම සමාගම ලවාම තවත් මෙගා වොට් 300 ක බලාගාරයක් ඉදිකිරීමට සැරසෙනවා. මෙය විදුලිබල පනතට පටහැනි ආකාරයට සිදුවන්නක්. පනතට අනුව මෙගා වොට් 25 ට වඩා වැඩි විදුලි බලාගාරයක් කිසියම් සමාගමක් විසින් සිදු කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා රජයේ කොටසක් තිබිය යුතුයි මෙන්ම තරගකාරී පදනමින් ටෙන්ඩර් කැඳවීමක් කළ යුතුයි.

එම කිසිවකින් තොරව ලක්විජය බලාගාරය ගෙනියන සමාගමටම මෙහි කටයුතු පවරා තිබීම සම්පූර්ණයෙන් නීති විරෝධීයි. දැනට මෙගාවොට් 900 ක් පුත්තලම බලාගාරයේ තියෙනවා. සාමාන්‍යයෙන් ගල් අඟු‍රු බලාගාරයක ස්ථාපිත ධාරිතාවයෙන් සියයට 85 ක් වාර්ෂිකව ලබාදිය යුතුයි. එහෙත් මෙයින් කිසිම වසරක සියයට 85 ක් ලැබී නැහැ. මෙහි ඉදිකිරීම් කළ 2006 සිට 2008 දක්වා සිදුවූ අක්‍රමිකතා මෙයට බලපා තිබෙනවා.  අපි 2010-11 දී එය නිවැරදි නොකළා නම් මේ තත්ත්වයවත් අද නෑ. දැනටමත් මෙගාවොට් 200 ක හිඟයක් තිබියදී තව මෙගාවොට් 300 ක් එතැනින් ගන්න ගියොත් වෙන දේ ජනතාව තේරුම් ගත යුතුයි.

මේ බලාගරයේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. මුහුද රළු වෙන කාලෙට ගල් අඟු‍රු සපයන්න බෑ. මුහුදෙන් ඇරෙන්න සැපයීමේ ක්‍රමයක් නෑ. තවත් ගල් අඟු‍රු වැඩි කළොත් කෙබඳු තත්ත්වයක් උදාවෙයිද? මෙහි ගල් අඟු‍රු සුළගේ ගොස් අවට දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව කීවත් තවම සුළං ආවරණ ඉදිකර නෑ. මේ නව බලාගාරය සම්බන්ධයෙන් කිසිදු නිල පරිසර අධ්‍යයනයක් සිදුකර නෑ. බලාගාරය පසුගිය කාලේ දිව්වෙත් මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීතිවලට පටහැණිවයි. මේ පරිසර විනාශයත් විඳින්න වෙන්නේ අවට ජනතාවටයි.

 



අදහස් (1)

‘කරුණාඅම්මාන් දෙමළ ජනයාගේ වීරයකු කරන්න හදනවා‘

mp Wednesday, 24 June 2020 05:52 AM

තමන්ගේ කිල්ලෝටේ චෝදනා තිබෙද්දී අනුන්ගේ කිල්ලෝටවලට ගල් ගැසීමේ ඇති ඵලය කුමක්ද? දෙකම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 286 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1506 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 470 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site