IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘කතෝලික ඡන්ද සජිත්ට නොලැබීම පාස්කු ප්‍රශ්නයේ ගේමක්‘

(*** පොලොන්නරුව – ක.ග. කරුණාරත්න)

අගරදගුරු තනතුර දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිතයක් තිබෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට කතෝලික ජන්ද නොලැබී ගියේ පාස්කු ප්‍රශ්නයේ ගේමක් නිසා බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (21) සවස පොළොන්නරුවේ මැදිරිගිරියේදී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ මැදිරිගිරිය නගරයේ පැවැති සමගි ජනබලවේගයේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් අමතමිනි.
හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.

 ‘‘සමගි ජනබලවේගය බිහි වෙන්න මොකක්ද අපි හදපු පළමුවෙනි න්‍යාය. ඒක පක්‍ෂයක් නෙවෙයි. සමගි ජනබලවේගය අපිට හදන්න වුණේ අපි අර දේශපාලන වශයෙන් මහා හිරවීමක හිටපු මිනිස්සු පිරිසක්.  පහුගිය පාර බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන නවයම දිනුවා. යූඑන්පියට ඡන්ද 2,25,000යි. මට ලක්‍ෂ දෙකයි ඡන්ද. ඒත් මෙදාපාර ඉල්ලන්නේ නැතුව ඇයි අපි සමගි ජනබලවේගය හැදුවේ කියලා ගමින් ගම කියාගෙන යනවා. ජාතික ලැයිස්තුවෙන් මට දුන්නත් එකයි නැතත් එකයි. මේක අපි විසින් කළ යුතු දෙයක්. පක්‍ෂය අපට කරපු අසාධාරණයට. අපි යූඑන්පී කාරයෝ. හරි යූඑන්පීකාරයෝ ඒ පැත්තේ ඉන්න විදියක් නෑ මෙච්චර අසාධාරණයක් වෙනකොට.

‘ඒත් අද කල්පනා කරන්න අද මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා, මෙච්චර ප්‍රශ්න ජීවිතේට වෙලා නෑ. ඔබතුමාලා දන්නවා පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි මේ සියලු දේ ආරම්භ වුණේ. රටක මිනිස්සුන්ට බය කියන දේ ඇති වුණාම අවිශ්වාසය කියනදේ ඇති වුණාම ජන්දය වෙනස් වෙනවා. ඒකේ මොකක්ද වුණේ.

ඒකෙන් මම තමයි කෑවෙ නරුම පරිප්පුවක්. තාත්තා කිව්වද කියලා අහනවා. තාත්තා ඔක්තෝම්බර් මාසෙ මැරුණා. මගේ තාත්තා ඒ වෙලාවෙ හිටියේ රෝහලේ. මම හිටියේ බදුල්ලේ. තාත්තා කිව්වද අහනවා. මම එදා කිව්වේ, මට ඕන වුණේ පෙන්නන්න මේ රටේ සේනාධිනායකයා ඉන්නවා. මම නිකම් මන්ත්‍රී වරයෙක්, ඇමති කෙනෙක් හැබැයි එතන රනිල් වික්‍රමසිංහ මේ බව දැනගෙන හිටියේ නෑ. ඒක මම පැහැදිලිවම දන්නවා. මම ඒ වෙලාවේ බදුල්ලේ හිටියේ. මට හෙලිකොප්ටරයක් එවනවා. ශවේන්ද්‍ර සිල්වා තමයි මාව එක්කරගෙන ආවේ කොළඹට, අරගෙන ආපුවහම මම ඉස්සෙල්ලම ගිහිල්ලා තාත්තගෙන් ඇහුව තාත්ත කොහොමද දන්නේ කියලා. තමුසෙට වඩා මම දන්නවනේ යනවා යන්න කියලා.

පස්සෙ මම හොයලා බලාපුවාම ඉස්පිරිතාලේ ලෙඩෙක් බලන්න ආපු සී.අයි.ඩී. එකේ නිලධාරියෙක් කියලා තියෙන්නේ. ඒ දවස් ටිකේ විතරක් මාව සී.අයි.ඩී. එකට අට පාරක් ගෙනිච්චා. මමද මැරුවේ? මමද බෝම්බ ගැහුවේ? මෛත්‍රීපාල සිරිසේන රටේ ඉන්න ජනාධිපති. බුද්ධි අංශ තියෙනවා හමුදාව තියෙනවා පොලීසිය තියෙනවා, ඔක්කොමත් අරගෙන මෙයා දන්නේ නෑ කියනවා. ඒක පෙන්නන්න ගියහම රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්ව මාධ්‍ය සාකච්ජාවක් තියල කියපං කියලා. මමත් ඉතින් මෝඩය  වගේ කිව්වා මට තියෙන ප්‍රශ්නේ. හමුදාව පොලීසිය දන්නේ නෑ කියල කිව්වට ලෙඩ ඇඳේ ඉන්න මගේ තාත්තා දන්නවනේ කියලා. අම්ම කැරකිලා ආපි යකෝ මට. මම බැලුවා මම මේක බොක්කෙන්, මගේ හදවතින් කියන්නේ. ඉතින් මේක මිනිස්සු අතරේ තිබ්බයි කියන එක. දැන් ඒක කියනවානේ. වාර්තා එවලා තියෙනවා.

‘බුද්ධි අංශෙන් කියලා තියෙනවා. ඉන්දියාවෙන් කියලා තියෙනවා. පැය බාගෙකට කලින් ගහන්න ඉස්සෙල්ලත් කියලා තියෙනවා. 2014 මම  පළාත් සභාවට ජන්දෙ ඉල්ලුවෙ පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා බේරාගන්න. නැත්නම් ඒගොල්ලන්ට රෙද්දක් ඇඳගෙන මහ පාරේ යන්න බෑ. මම අන්තිමට මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කැපකරලා ගිහිල්ලා පළාත් සභාවට ඉල්ලුවෙ ශෂීන්ද්‍ර රාජපක්‍ෂත් එක්ක. මහින්ද රාජපක්‍ෂගේ අයියගේ පුතත් එක්ක. නාළිකා මොකුත් නෑ මට. ගමින් ගම රැස්වීම් 600කට වැඩිය කතා කළා. මිනිස්සු මාත් එක්ක හිටගත්තා.

ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න රටේ නායකයෙක් ආවා. අපෙත් දැන් විශ්වාසයක් ආවා ලක්ෂ 69 ක් ජන්දෙ දුන්නා. 56ක් අපට දුන්නා. එතකොට සීයට42ක් සජිත් මහත්තයට සීයට 52ක් ගෝඨාභයට. හොඳට කල්පනා කරලා බලන්න මොකක්ද මෙතන වෙච්ච ගේම කියලා. සීයට 5ක් ජන්ද ගෝඨගේ ගොඩෙන් සජිත් මහත්තයට වැටුන නම් හතළිස් හතයි, හතළිස්හතයි, එතකොට දෙවෙනි මනාපෙ, දෙවෙනි මනාපෙදි ජේ.වී.පී. එක ලක්‍ෂ තුන හමාරකට වැඩිය ගහලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. කොහොමද එතකොට මේ සීයට පහ වෙනස් කළේ. දැන් හිතාගන්න පුළුවන්නේද? කවුද කියලා.

කතෝලික ඡන්ද වලට ගැහුවා පාස්කු ප්‍රශ්නේ. ගේමක් ගහලා දුන්නා සීයට 80ක් විතර. කතෝලික ජන්ද වෙනද ආවේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයට. එතෙන්ට දුන්න ෂොට් එක. ඒකට ගියා අගරදගුරු හිමිපාණන්ගාවට. එයා දුන්න මරු දේශනයක්. මම මේවා කවදාවත් කිව්වේ නෑ. ඒ මොකද මට කතෝලික සම්භවයක් තියෙන්නේ. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. මම ගියේ කොළඹ ශාන්ත ජෝශප් විදුහලට. ෆාදර්ලා, බ්‍රදර්ලා එතකොට හිටියේ. මම පුංචිකාලේ හිටපු ගම්මානේ වත්තල පල්ලියට ගලක් ගහන දුර. අපේ සීය තමයි වත්තල පල්ලිය හදල දුන්නේ.

මේවා ඇත්ත කතා. හැබැයි ඔය අගරදගුරු තනතුර දේශපාලනී කරණය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මම දවසක් එයාට කෝල් කළා. ඒවා කලින්  මාධ්‍යයේ ගියා. එයා කිව්වානේ ඇමති පුතා බේරුණා. අපේ මිනිස්සු මැරුණා කියලා. මොන හාත්භූත කතාවක්ද ඒක. ඒ කළේ තනිකර දේශපාලනය. ඒක තමයි සීයට පහ ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ. අද මොකක්ද වුණේ. ස්වභාවධර්මය ඔවුන්ට ගහලා තියෙනවා. ස්වභාවධර්මය කම්පාවෙලා තියෙන්නේ. ඡන්දේ දීපු එකාට ඒ 69 අද තේරෙන්න පටන් අරගෙන තියෙනවා ඒ හොරුටික ගැන. ස්වභාව ධර්මයෙන් කොරෝනා කියල එකක් ආවා. මුන්ට වැලේ වැල් නැතිවුණා.

දැන් හෙට අනිද්දා කරුණාව ගේනව සීඅයිඩී එකට නාට්‍යයක් රඟ පාන්න. මම එක ඉල්ලීමක් කරනවා මාධ්‍යයෙන්. පුළුවන්නම් ඔය නාටකය නටන්නේ නැතුව මෙයා අරගෙන දාන්න ඇතුළට. අපි තව සතියයි බලන් ඉන්නේ නොදැම්මොත් කොරෝනා නෙවෙයි මොක ආවත් අපි පාරට බහිනවා.

සමගි ජනබලවේගයේ  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  අපේක්‍ෂකයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න, චන්‍ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, එස්.එච්.එම්. අන්සාර් යන මහත්වරුද මෙම රැස්වීම අමතා කතා කළහ.

 



අදහස් (1)

‘කතෝලික ඡන්ද සජිත්ට නොලැබීම පාස්කු ප්‍රශ්නයේ ගේමක්‘

කල්පනා Wednesday, 24 June 2020 01:16 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. ජනාධිපතිවරණ වෙලාවේ අගරදගුරු හිමියන් කල කථාව අසාඇති අපටත් ඔබේ කියමන හරි කියල හිතෙනවා. බැරිද එම කථාව නැවත සොයල රැස්වීම්වල ප්‍රචාරය කර ඔබේ අදහසේ නිවැරදි බව පෙන්වන්න. එහෙම නැත්නම් බුදු දහමට හානිකරන අවස්ථාවල පාරට නොබසින සමහර හාමුරුදුවරුත් මිනිසුන් සමග පාරට බැහැල පිකටන් කරාවි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site