IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘‘එජාපය කඩා වෙන් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා‘‘

(රංජිත් රාජපක්ෂ)                     

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුළින් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසීය.

ගිනිගත්හේන නගරයේ අද (25) පැවති ජන හමුවකදී නවින් දිසානායක මහතා මේ බව පැවසීය.

රටේ නායකයින් ගණනාවක් බිහි කළ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ගිය කොටසක් කිසිඳු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත් එය කිසිසේත් ඔවුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා පැවසීය.

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රී ධූර කිහිපයක් ලබා ගන්නා බවත් එසේ තේරි පත් වන මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කඳවුර ශක්තිමත් කිරීමට පිහිටුවන රජයත් සමඟ එක්වන බවත් නවින් දිසානායක මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සමඟ එක් වී සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැඳී සිටිමට නොහැකි පිරිසක් බවත් එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවත් නවින් දිසානායක මහතා පැවසීය.

තමන් මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන අවසන් අවස්ථාව බවත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැඳී සිටින බවත් නවින් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (0)

‘‘එජාපය කඩා වෙන් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site