(නිමල කොඩිතුවක්කු)
ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්න මේ ආණ්ඩුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට සහනයක් නොලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.
ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට සහන දෙමින් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයමින් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට සමගි ජනබලවේගය කැපවෙන බවද රණවක මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීවේය.
“අද රට මුහුණ දෙන මූල්‍ය අර්බුදය, කොරෝනා වසංගතයත් එක්ක ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණය සහ අනාගතයේ මුහුන දෙන ණය අර්බුදය කියන කාරනා වලට මේ රජයට මොනම විසඳුමක්වත් නැහැ. මහමැතිවරණයෙන් පස්සේ ඉතාම බරපතල ආකාරයට ජනතාවට තවත් බරපැටවිම්, රාජ්‍ය දේපල විදේශීකයන්ට විකුණා දැමීම ආදී ක්‍රියාවලියක් සිදුවිමට ඉඩ තිබෙනවා.
කොරෝනා වසංගතයට පෙර දෙසැම්බර් 01 දා ගෝඨාභය රජය ඉතාම ඉහළ ගනයේ බදු සහන ලබාදුන්නා. මෙහි ප්‍රතිළුලයක් විදියට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පළමු හය මාසය තුල එකතු වෙලා තිබෙන්නේ 2019 වසරේ අපේ රජයේ මුල් මාස හය තුළ එකතු වූ මුදලින් අඩකට ආසන්න මුදලක් පමණයි. පළමු මාස හයේදී අපේ රජය මගින් රුපියල් බිලියන 464ක් වැනි මුදලක් එකතු කළා. නමුත් මේ රජය යටතේ එකතු කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 245ක් පමණයි.
මේ ආදායම එකතු කරගන්න රජය කොරෝනා වසංගතයත් එක්ක කඩා වැටිලා ණය වෙලා ඉන්න ජනතාවට ඉතාම බරපතල බදු ගණනාවක් එකතුකරලා තියෙනවා.
පළමුවැනි එක තමයි මේ ඛනිජගෙල් මත පනවා තිබෙන බද්ධ. 2015 බලවට පත්වූ අපේ රජය දින 13ක් ඇතුළත තෙල් මත රාජපක්ෂලා පනවා තිබූ බදු ඉවත් කලා. අපි ඉන්ධන මිල පහත දාලා ජනතාවට විශාල සහනයක් ලබාදුන්නා. ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලැබෙන්නෙ තිබුන කෝටි හැටපන්දාහක ධනය අපි ජනතාවට ලබාදුන්නා. හිතවතුන්ට ලබාදුන්නු ටෙන්ඩර් අවලංගු කරලා අපි ඛනිජතෙල් සංස්තාව මූල්‍යමය වශයෙනුත් ස්ථාවර කළා.
මීට දින කිහිපයකට පෙර අලුත්ම තෙල් නැව ආවා. ඩීසල්, පෙට්‍රල් මේ දෙකම එන්නේ රුපියල් පනහකට වඩා අඩු මුදලකට. ඩීසල් රුපියල් 104 කටත් පෙට්‍රල් 137කටත් විකුණමින් සහගහන තෙල් බද්ධක් අද අපේ ජනතාවගෙන් අයකරනවා.
මේ රජයෙන් අපිට සහන බලාපොරොත්තු වෙන්න බැහැ. ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්නා. නමුත් රටේ සාමාන්‍ය ජනතාවට සහන නැහැ. මුදල් අච්චු ගගහා බැංකු වලට සල්ලි දාන එකෙන් රටේ ආර්ථිකය පනගන්වනන්න බැහැ.
සමගි ජනබලවේගය රජයක් යටතේ අපි විධිමත් නව මිල සූත්‍රයක් හදුන්වා දීලා මේ ඉන්ධන සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා.
අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගල් අගුරු සහ තෙල්. දැන් ගල් අගුරු මිලත් අඩුවෙලා තියෙනවා. තෙල් මිලත් අඩුවෙලා තියෙනවා. හැබැයි විදුලි බිල එහෙම්මමයි. වෙනදටත් වඩා වැඩිපුර දැන් ගාස්තු අයකරමින් සිටිනවා. විදුලි බිලට ජල බිලට සහනයක් රටට අවශ්‍යයි.
අපේ ආණ්ඩුවක් යටතේ මේ සහන ලබාදෙන්න අපි කටයුතු කරනවා. ආදායම් අහිමි වූ පිරිස් වලට මාසිකව 20000ක සහනයක් ලබාදෙන්න සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් කියලා තියෙනවා.
රාජ්‍ය සේවකයන්ට අද වනවිට වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් වර්ධක ගෙවලා නැහැ. අපේ කාළයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුණ කළා. සුව විරුවො කිව්වට අද වනවිට වෛද්‍යවරයගේ සිට ඒ අවශ්‍ය දිරි දීමනා ගෙවන්නේ නැහැ.
අද වනවිට රටක් විදියට අපි දරුණු ඩොලර් හිගයකින් පෙලෙනවා. සියලුම වර්ගයේ ආනයන සීමා කරලා තියෙනවා. මේ නිසා අද වාහන ගෙන්වන පිරිස්, භාන්ඩ ගෙන්වන පිරිස් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.
මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වලා තියෙනවා. අපේ ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 7.2ක සංචිත තියලා ගියා. ඒ සංචිත වලින් තමයි අද විදේශ ණය ගෙවන්න නෙමෙයි. මේ සංචිත තියෙන්නේ හදිසි තත්වයක් යටතේ ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීමටයි. එහෙම නැතුව විදේශ ණය ගෙවන්න නෙමෙයි.
අද රටේ දරුණු ඖෂධ හිගයක් තියෙනවා. පොහොර හිගයක් තියෙනවා. මේ හැම ක්ෂේත්‍රයකින්ම අද පෙන්වලා තියෙන්නේ රජයේ නොහැකියාවයි”යැයිද ඔහු එහිදි පැවැසීය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ධන කුවේරයන්ට බදු සහන දුන්න ආණ්ඩුව ජල-විදුලි බිලට සහන දුන්නේ නෑ’
Raveendra Monday, 29 June 2020 12:18 PM
මෙම දේශපාලුවන්ගේ කටින් දැන් නම් පිටවෙන්නේ පුදුමාකාර හැඟීම්බර වචනමයි දුප්පත් මිනිසුන් වෙනුවෙන්... "මෙවන් පාපතර කාලකන්නින් " නැවතත් දියවන්නාව පට්ටියට සුර සැප ගැනුමට තෝරා යවනවාද? නැද්ද? යන්න සියදහස් වාරයක් සිතිය යුතු නොවේද?