IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘තාරුණ්‍යයට නව අරුතක් දෙන බලකායක්‘

(*** අංජුල මහික වීරරත්න)

‘‘පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ලබාදීමේදී තරුණ පරපුර වෙනුවෙන් සියයට 25ක  අනිවාර්ය  නියෝජනයක් දීම නීතියක් ලෙසම සම්පාදනය කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹදී පැවසීය.

ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය ජාත්‍යන්තර  තලයේ ශක්තිමත් තාරුණ්‍යයක් බවට පත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

 සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සඳහන් කළේ මැද කොළඹ තරුණ බළකාය ආරම්භකිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

සමගි ජන බලවේගය මැද කොළඹ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර්  රාහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරුණු මෙම උත්සවය මැද කොළඹ ග්‍රෑන්ඩ්පාස්හිදී  පැවැත්විණි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මැද කොළඹ තරුණ බළකාය අරඹනු ලබනවා. සමගි තරුණ බළකාය ලෙස අප සංවිධාන වෙනවා. මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ දෙදහසක යොවුන් බළකායක් අප නිර්මාණය කරනවා.

 යොවුන් පරපුර වෙනුවෙන් අප වැඩ කටයුතු රාශියක් කරන බව කිව යුතුයි. ඒ වැඩ කටයුතු සියල්ල පාර්ලිමේන්තු අණ පනත් හා කෙටුම්පත් හරහා ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. තරුණ පරපුරේ අයිතිය ආරක්ෂා කරන නව නීති රීති පාර්ලිමේන්තුව හරහා ස්ථාපනය කරන්නටත් අප කටයුතු කරනවා.

පළාත් පාලන සහ පාර්ලිමේන්තු අපේක්ෂකත්වය දෙන විට සියයට 25ක අනිවාර්ය තරුණ නියෝජනයක් ලබාදීමේ යෝජනාවක් නොව නව නීතියක් ලෙස ස්ථිර වැඩ පිළිවෙළක් හරහා ස්ථාපනය කරනවා.

 ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම විශිෂ්ටතා මධ්‍යස්ථාන තොරතුරු තාක්ෂණ, ඩිජිටල් තාක්ෂණ, තාක්ෂණ දැනුම, පරිගණක තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ආදී නවීන ප්‍රවණතා හැදෑරීමේ අවස්ථා මෙම මධ්‍යස්ථාන හරහා දෙනවා.

ජාත්‍යන්තර තලයේ තිබෙන ප්‍රමිතිගත ඉංග්‍රීසි භාෂාව අප රටේ තරුණ පරපුරට දෙනවා. මෙම විශිෂ්ටතා මධ්‍යස්ථානවලින් සුදුසුකම් ලබන සෑම තරුණ-තරුණියකට ඕනෑම ආයතනයක රැකියා ඇබෑර්තු වෙනුවෙන් පෙනී සිට ලොව ශ්‍රම බළකායේ සාර්ථක සාමාජිකයන් වීමේ අවස්ථාව දෙනවා.

තරුණ පරපුරේ ක්‍රීඩා දක්ෂතා ශක්තිමත් කරමින් අප රටපුරා ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානද ආරම්භ කරනවා. එවන් මධ්‍යස්ථාන හරහා තරුණ පරපුරට ක්‍රීඩා කේෂ්ත්‍රයේ ඉහළට යාමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරනවා.

 සමගි තරුණ බලවේගයේ වැදගත් ගුණාංග දෙකක් තිබෙනවා. අප සංවිධානය ගොඩ නගන විට දේශපාලන ලොක්කන්ගේ ඕනෑ එපාකම් මත තනතුරු දෙන්නේ නැහැ. තනතුරුවලට නම් කිරීම ප්‍රජානත්ත්‍රාවාදී ක්‍රමවේදයකට අනුව කරනවා.

 එමෙන්ම අප සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවර්ධන පදනමක් ස්ථාපනය කරනවා. ඒ පදනම  හරහා අපට බලය තිබුණත් නැතත් පොදු ජනතාවට  සේවය කිරීමේ ශක්තිය ඇති කරනවා. අප දැනටමත් මැද කොළඹ සංවර්ධන පදනම ආරම්භ කර අවසානයි.

 කොරෝනා සමයෙදී මමත්, මුජුබර් රාහුමාන් මන්ත්‍රීතුමාත් මැද කොළඹ වකුගඩු රෝහල සඳහා රුධිර පෙරණ යන්ත්‍ර පරිත්‍යාග කළා. ඒ සඳහා විශාල මුදලක් වැය කළා. රණසිංහ ප්‍රේමදාස රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කළා. ඉදිරියේදී සංවර්ධන පදනමේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම තරුණ බලවේගයට දෙනවා.

 ඒ බලවේගයේ අනුශාසක ලෙස මා කරන්නේ දේශීය හා විදේශීය දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රහය ගැනීමයි. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ තරුණ පරපුරයි.

මැතිවරණයට පෙර මැද කොළඹ හොල්ලන සමගි තරුණ සංවිධාන මා බිහි කරනවා. ඔබේ අනාගතය අප බාර ගන්නා බවට මෙහිදී පොරොන්දු වෙනවා.


සමගි ජන බලවේගය මැද කොළඹ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රාහුමාන් මහතා.
1994  වසරට පෙර ආර්. ප්‍රේමදාස මහතා මැද කොළඹට විශාල වැඩ කොටසක් කළා. ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථාන, ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථාන බිහි කළා. පාසල් පද්ධතිය දියුණු කළා. නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කළා.

ප්‍රේමදාස යුගයෙන් පසු දශක දෙකක කාලය තිස්සේ මේ ප්‍රදේශ අතහැර  දමා තිබුණා. මෙහි සංවර්ධනය ඇණහිට  තිබුණා. මැද කොළඹ යනු කොළඹ දිස්ත්‍රික්කයේ හදවතයි. මේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, බහුජාතික සමාගම්, පෞද්ගලික ආයතන විශාල වශයෙන් පිහිටා තිබෙනවා. එහෙත් අපේ නගරයේ තරුණ පිරිස්වලට ඒ ආයතනවල රැකියා කරන්න අවස්ථාව නැහැ. ඒවා භුක්ති විඳින්නේ නගරයෙන් පිට අයයි.

මේ තත්ත්වයට හේතුව අපේ තරුණ-තරුණියන්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් නොලැබීමයි. ඒ නිසා තරුණ්‍යය සමාජ විරෝධී ක්‍රියාවලට පෙළඹී සිටිනවා. මේ තත්ත්වයෙන් තරුණ පරපුර මුදාගෙන විරැකියාවට පිළිතුරක් සෙවීම සඳහා අප කටයුතු කරනවා.



අදහස් (1)

‘තාරුණ්‍යයට නව අරුතක් දෙන බලකායක්‘

Raveendra Wednesday, 01 July 2020 01:38 PM

..ම්ම්.. 88/89 සජී පුතාගේ තාත්ත ප්‍රේම උන්නැහේ... හදපු බලකාය වගේ බලකායක්ද හදන්න යන්නේ සජි මල්ලියේ..? 88/89 වකවානුවට අදාළ එම බලකාය ගැන අපේ කලුකුමාරය ප්‍රමුඛ රතුහැට්ටකාරයින්ගෙන් විමසුවෝතින් නම් හොඳ විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි.

:       0       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site