IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘රට ගොඩනඟන්න තුනෙන් දෙකේ බලය දෙන්න‘

(*** මාවතගම කාන්චනමාලා බණ්ඩාර)

ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී රටේ සංවර්ධනය වේගවත් කිරීමට මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (21) පැවැසීය.

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියකට සහභාගිවෙමින් හෙතෙම මේ බව කීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඔබතුමන්ලා දන්නවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන පිරිසක් සිටිනවා. දිස්ත්‍රික්කයේ ශක්තිමත් නායකත්වයක් තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය ඉදිරියට යනවා. අපි 18 දෙනෙකු තරග කරනවා පොහොට්ටුවෙන් අපට ආසන වැඩි සංඛ්‍යාවක් ලබාගත හැකියි.

අපි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා.
විදුලිය සහ බීමට පිරිසුදු නළ ජලය සෑම නිවසකටම ලබාදීමේ වැඩ සටනක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුමක් සකස්කර තිබෙනවා.
ක්‍රමානුකූලව පාරවල් හැදිලා විදුලිය ඇවිත් බීමට ජලය ලැබුණාම නගරයක තිබෙන පහසුකම් ගමටත් ලැබෙනවා.

අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි අධ්‍යාපනය දියුණු කරන්න විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.

සෞඛ්‍ය පහසුකම් ලබාදීමද අපේ වගකීමක්. ගෝඨාභය රාජපක්ෂ නොහිටින්න කෝවිඩ් වසංගතයෙන් වෙනත් තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණා. ඒ තත්ත්වයෙන් රට බේරා ගැනීමට ඔහුට හැකිවුණා.

යුද්ධය අවසන් කර කොවිඩ් මර්දනය කරලා ජනතාව ආරක්ෂා කරගෙන ඉදිරියට රටේ සංවර්ධනය ශක්තිමත් කිරීමට එතුමාට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායක මහාමාර්ග හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

මේ මැතිවරණය තියන්න තිබුණේ ජනාධිපතිවරණය අවසන් වූ විගසයි. ඒ කාලෙ හැටියට නම් ජනාධිපති දිනුව ගමන් පාර්ලිමේන්තුව විසුරවලා ජයග්‍රහණය ලබලා තමන්ගේ ආණ්ඩුවක් හදනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහෙම කරන්න හැකිවුණේ නෑ. කරන්න පුළුවන්දේ තමයි මාර්තු මාසේ පළවෙනිදා විසුරුවා හැරීම කළේ. දැන් මාස හයක් ගිහින් ජනාධිපතිතුමා දිනලා අගමැති තුමාට බහුතර ආණ්ඩුවක් හදාගන්න බැරිවෙලා.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අනුර කමල් පෙරේරා මහතා මෙසේ කීය. කොටිකාපොළ කියන්නේ මැති ඇමැතිවරු දෙන්නෙක් හිටි ගමක්. ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙක් මේ ගමට ගෙනා පළමු වතාව මේ. ඒ ගැන මා සතුටුවෙනවා. මා පොඩි පවුළකින් දේශපාලනයට ආව කෙනෙක්. මම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදියට දේශපාලනයට ඇවිත් ආසන සංවිධායක වෙන්න මට හැකිවුණා.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන්ද කථා කළ අතර වයඹ ආණ්ඩුකාර මුසම්මිල් මහතාද මාවතගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හා වරියෝද සහභාගි වූහ.



අදහස් (0)

‘රට ගොඩනඟන්න තුනෙන් දෙකේ බලය දෙන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site