‘හොරකම් කරන දේශපාලකයන්ට බේරෙන්න උපක්‍රම හදන්නේ විද්වතුන්‘ දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්ෂේත්රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්රශ්නය ඇද ඇද ඉඳලා ජනතා අවධානය වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08) පැවසීය. 09 July 2020
‘යහපාලනයෙන් පලිගත්තා මිස කරපු දෙයක් නෑ‘ ඉකුත් රජය සීමාවක් නොමැතිව පලිගැනීම් සිදුකළා මිස ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (7) පැවැසීය. 09 July 2020
තුනෙන් දෙකක් ගන්නවා යැයි කී අය දැන් 125ක් ගැන කියනවා මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්නවා කියලා පාරම්බාපු ආණ්ඩුව දැන් මන්ත්‍රී ධුර එකසිය විසිපහක් ගන්න කතා කරනවා. ඔවුන්ට ඔවුන් ගැනම තිබුණ ෂුවර් එක නැති වෙලා. මැතිවරණයෙන් ලැබෙන්නේ ඊටත් අන්ත ප්‍රතිඵලයක් බව ඔවුන් දැනටමත් දන්නවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (7) පැවසීය. 08 July 2020
‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘ ‘‘වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ආණ්ඩුව යටතේ කඩිනමින් දෙන බව’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවසීය. 08 July 2020
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එජාපය බලයට ගේන්න ආර්ථික අර්බුදයෙන් ගොඩඑන සැලැස්මක් මේ රජයට නැහැ. මුදල් ඇමැතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බණිනවා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අත්‍යවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කාරණයක් බව රාජ්‍ය ආරක්ෂක හා ජනමාධ්‍ය හිටපු ඇමැති ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීරිගමදී පැවැසීය. 08 July 2020
‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘ දැන් තිබෙන සැලුන් දොර වෙනුවට ශක්තිමත් යකඩ දොරක් දැමීමට නම් එළැඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙෙක් බලයක් අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (6) පැවසීය. 08 July 2020
මහින්දලා ඉදිරියට ගෙනියන්නේ එජාපයේ වැඩ පිළිවෙළයි නාවික හමුදා සෙබළුන් කොරෝනා රෝගයට ගොදුරු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පැවසීය. 07 July 2020
රටම දිනවන වැඩපිළිවෙළක් ගේනවා රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය. 07 July 2020
කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න ඩොලර් මිලියන 6000ක් ඕනා ‘ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීමට නම් ඩොලර් මිලියන 6000ක විදේශ මුදල් අවශ්‍යයි ද ඒ මුදල සොයා ගැනීමේ සැලසුම තමා සතුව ඇතැයි’ ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැස්බෑවේ දී පෙරේදා (5) පැවසීය. 07 July 2020
නිදහස් සෞඛ්‍ය නොතිබුණා නම් කොරෝනාවෙන් රටම හාන්සි වෙනවා නිදහස් සෞඛ්‍ය සේවයක් බිහිකිරීම සඳහා එදා කොමියුනිස්ට් පක්ෂය ගෙනගිය නොනිමි අරගලය නොතිබෙන්නට මෙදා කොරෝනා වසංගතයෙන් රටම හාන්සිවන්නට තිබුණා යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා ඉකුත්දා පැවසීය. 07 July 2020
පැහැදිලි සාක්කියක් නැත්නම් රජයේ සේවකයකු අත්අඩංගුවට ගන්න බෑ පැහැදිලි සාක්කි නොමැතිව කිසිදු රජයේ සේවකයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (5) පැවැසීය. 07 July 2020
විනාශ වී යන හාල් ගබඩා පිළිසකර කරනවා රටට බත සපයන ගොවි ජනතාව ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම්කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) පැවැසීය. 07 July 2020
‘ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත පහළ දැමීම ගැන ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනෑ’ ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන ලබාදුන් වත්මන් ආණ්ඩුව රැකියා කිරීමට නොහැකිව බැංකු පොලියෙන් ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාත පහළ දැමීම ගැන ලැජ්ජා විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කොළඹදී අද (7) පැවසීය. 07 July 2020
‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘ රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය. 06 July 2020
බිඳවැටුණු ආර්ථිකය ගොඩගන්න සමඟි ජන බලවේගයෙන් වැඩි ඉඩක් කොරෝනා වසංගතයෙන් පසු බිදවැටුණු රටේ ආර්ථිකය, ජන සමාජය සහ දේශීය කර්මාන්ත හා නිෂ්පාදකයින් රැකගැනිම වෙනුවෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ඉලක්ක කර ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(6) පැවසීය. 06 July 2020
‘මහින්දානන්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතුයි‘ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවසීය. 04 July 2020
‘ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න එජාප ආණ්ඩුවක් ඕනෑ‘ “ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේ නැහැ. මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බනිනවා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්..“ යැයි හිටපු ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 July 2020
‘තරහකාරයන්ගෙන් පලිගැනීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙලා‘ වැරැදි කළ පුද්ගලයන් රකින්න සමගි ජන බලවේගය කිසිවිටක උත්සාහ දරන්නේ නැති බවත්, මොනම ආකාරයකින්වත් ඔප්පු වුවහොත් සියලු දෙනාට අපක්ෂපාතීව දඬුවම්කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය. 03 July 2020
රුවන්ට දේශපාලනයේත් - කැලණියේත් උරුමයක් තියෙනවා ‘සේනානායක සහ විජයවර්ධන පරපුරේ කෙනකු හැටියට රුවන් විජයවර්ධන මහතාට මෙරට දේශපාලන ක්ෂේත්රය නියෝජනය කිරීමට වගේම කැලණිය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීමට ද ඓතිහාසික බැඳියාවක් මෙන්ම ලේවලින් ද සම්බන්ධතාවක් තිබෙනවා’ යැයි කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ. 03 July 2020
‘ප්‍රතිපත්ති විවාදයක් ඕනෑ‘ ‘‘එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන ආණ්ඩුව කැමැති නම් ඕනෑම විවාදයකට වුවද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා 30 වැනිදා කොළඹ දී පැවසීය. 03 July 2020
‘ගෝඨාභය අත්අඩංගුවට ගන්න යහපාලනය සූදානම් වුණා‘ ඉකුත් යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (2) පැවැසීය. 03 July 2020
කරුණාට - තොණ්ඩමන්ලාට එක නීතියක්, අසරණ ජනතාවට තව නීතියක් වත්මන් රාජපක්ෂ පාලනය යටතේ කරුණා අම්මාන්, තොණ්ඩමන් වැනි බලවත් අයට එක නීතියකුත් අසරණ ජනතාවට තව නීතියකුත් ක්‍රියාත්මක වෙතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය. 02 July 2020
කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (1) ප්‍රකාශ කළේය. 02 July 2020
‘වැඩ බැරි ආණ්ඩුව ප්‍රශ්න යටගහනවා‘ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක ගන්නට නොහැකි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා අනුන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක දෙන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. 01 July 2020
‘තාරුණ්‍යයට නව අරුතක් දෙන බලකායක්‘ ‘‘පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ලබාදීමේදී තරුණ පරපුර වෙනුවෙන් සියයට 25ක අනිවාර්ය නියෝජනයක් දීම නීතියක් ලෙසම සම්පාදනය කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹදී පැවසීය. 01 July 2020
‘අපට දැන් බුරියානි වගේම ඡන්දත් ලැබෙනවා‘ මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකගැනීමට තම රජය සෑම විටම කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29 වැනිදා) පැවසීය. 01 July 2020
‘මේක වැඩ බැරි ආණ්ඩුවක්‘ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් අඩුවී ඇතත් ශ්‍රී ලාංකික ජනතාවට ඒ සහනය ලබාදී නැතැයි ද අගෝස්තු පස් වැනිදායින් පසුව පිහිටුවන ජනතාවාදී ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සම්බන්ධ උපරිම සහනය ජනතාවට ලබා දෙන්නේ යැයිද සමගි ජනවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ඉකුත්දා පැවැසීය. 30 June 2020
‘ගුණරුවන් වාර්තාව හොර සහතිකයක් වගේ‘ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට පත්කළ ලලිත සිරි ගුණරුවන් වාර්තාව කිසිදු ගුණයක් හෝ වටිනාකමක් නැති වාර්තාවක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඉකුත් 27 වැනිදා පැවසීය. 30 June 2020
‘යහපාලන අත්දැකීම් හොඳට මතකයි‘ යහපාලන ආණ්ඩුවෙන් ලැබූ අත්දැකීම් අනුව ජනතාව කිසිම දිනෙක සජිත් ප්‍රේමදාසට ආණ්ඩු බලය ලබානොදෙන බව විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29) පැවැසීය. 30 June 2020
‘රට ගොඩනඟන්න තුනෙන් දෙකේ බලය දෙන්න‘ ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී රටේ සංවර්ධනය වේගවත් කිරීමට මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (21) පැවැසීය. 30 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026