(***අංජුල මහික වීරරත්න)
‘‘එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන ආණ්ඩුව කැමැති නම් ඕනෑම විවාදයකට වුවද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා 30 වැනිදා කොළඹ දී පැවසීය.
දේශපාලනය ගැන කලකිරී ඉන් ඉවත්ව සිටින තරුණ පරපුර සහ පුරවැසියන් නැවත දේශපාලනයට එකතු කරගන්නට හැකි වන්නේ ප්‍රතිපත්ති ගැන වාද කළහොත් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ නාලන්දාරාමයට සහ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුවය.
නුගේගොඩ – නාලන්දාරාමය දී විහාරාධිපති තිනියාවල පාලිත නාහිමියන් ද නාරාහේන්පිට අභයාරාමයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වලට ද සහභාගි විය.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
‘‘මෙහිදී දේශපාලනය කතා කරන්න මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරයේදී අප ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා. මහා සංඝරත්නය මෙන්ම සෙසු පූජ්‍ය පක්ෂය ඈඳා ගෙන දේශපාලන වශයෙන් පහර ගසන්නට අවශ්‍යතාවක් නැහැ.
අද ජනතාව වෙනුවෙන් අප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කැමැති නම් ඒ පිළිබඳව වාද කරන්න සූදානම්.
දේශපාලනයෙන් ඉවත් වී සිටින ඡන්දය නොදෙන බව කියන තරුණ පරපුර, පුරවැසියන්, වැඩිහිටියන් නැවත දේශපාලනයට ගන්න හැකියාව ලැබෙන්නේ ප්‍රතිපත්ති ගැන වාද කළහොත් පමණකැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ප්‍රතිපත්ති විවාදයක් ඕනෑ‘
Bamunuarachchi Saturday, 04 July 2020 02:09 PM
ඔබලාගේ ප්‍රතිපත්ති මේ අවුරුදු ගණනාවටම අපි දැක්කා. ඒ පිළිගැනීම තමයි 2019 නොවැම්බර් පෙන්නුවේ...