IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘හොරකම් කරන දේශපාලකයන්ට බේරෙන්න උපක්‍රම හදන්නේ විද්වතුන්‘

(***මුදිතා දයානන්ද)

දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්‍ෂේත්‍රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්‍රශ්නය ඇද ඇද ඉඳලා ජනතා අවධානය වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“සමහරු අහනවා මෙච්චර විනාශයක් රටට කරලා තියෙද්දීත් මේ පාලකයෝම බලයට පත් කරන්නෙ ඇයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ දේශපාලනයේ තිත්ත ඇත්ත ජනතාවට පහදලා දෙන්න තරම් බොහෝ විද්වතුන් බියවීම, නිහඬවීම. මේ ප්‍රශ්නවල මුල දේශපාලනය බව ඔවුන් රටට පැහැදිළි කළ යුතුයි. නැතිනම් විවිධ මිත්‍යාවන්වල ජනතාව ගිලෙනවා. විද්වතුන්ගෙන් සුළුතරයක් තමයි ජනතාවට සත්‍යය පැහැදිලි කරන්නේ. මේක හරිම අභාග්‍යයක්.

දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්‍ෂේත්‍රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්‍රශ්නය ඇද ඇද ඉඳලා වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා. දුෂ්කරතා මධ්‍යයේ හෝ අපිට හිරිකිතයෙන් තොරව හිටගන්න පුළුවන් තැන තමයි ජාතික ජන බලවේගය. අපේ කණ්ඩායමට මේ රට බේරගන්න අවංක වුවමනාවක් තියෙන නිසා තමයි අපි මේකට එකතු වුණේ. අපිත් සමඟ එකතු වෙලා රට ගොඩනැගීමට ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”


කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා:
“එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ගුණරුවන් කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා එයින් ශ්‍රී ලංකාවට බරපතළ හානිකර තත්ත්වයක් උදාවන බව. ඒත් පාලකයෝ දැන් ඍජු උත්තරයක් නොදී ගිවිසුම වටේ කැරකි කැරකී ඉන්නවා. මේ කල් මරන්නේ මැතිවරණය ඉවර වෙනකම් පමණයි. ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔය ගිවිසුම අත්සන් කරනවා.

තව පැත්තකින් 2001/5 චක්‍රලේඛය අහෝසි කරලා ලංකාවේ අවශේෂ වනාන්තර විදෙස් ජාවාරමුන්ට බිලි දෙන්න යනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැවත පටන් අරන් නිදහස් අධ්‍යාපනය වළදමන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ වනවිට උසස් පෙළ ළමයින්ට විභාගය තියන දිනයක් නැහැ. මේ සියලු විනාශයන් වළක්වාගෙන රට ගොඩනැගිය හැකි බලවේගයක් මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ සඳහා සුදුසු එකම බලවේගය ජාතික ජන බලවේගයයි.”


විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය:
“රටේ අධ්‍යාපනයට අදාළ නිවැරදි තීන්දු තීරණ ගැනීමට නම් ඒ සඳහා සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මේ වනවිට රාජ්‍ය අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරමින් පවතිනවා. නිදහස් අධ්‍යාපනය බේරාගැනීමට නම් ඒ සඳහා අවංකව අරගල කරන පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි රටට එළිදක්වලයි තියෙන්නේ. අප විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්තියෙන් තමයි රටේ අධ්‍යාපනය ගොඩනංවන්න පුළුවන් කියලා. කොරෝනා වසංගතය සමග අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු මතුවෙලා. ඔන්ලයින් අධ්‍යාපනය මේකට එකම විසඳුම නොවෙයි. සමහර සිසුන්ට ඒ සඳහා පහසුකම් නැහැ. අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා රටේ දරුවන්ට අහිමි වෙලා.

දැන් නැවත අලුත් විශ්වවිද්‍යාල පනතක් ගේන්න යනවා. එය නවීන තත්ත්වයන්ට ගැළපෙනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් ඒක මොන වගේ පනතක්ද, ඒකෙන් නිදහස් අධ්‍යාපනය ගැන මොනවද කියන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ඔබට යෝජනා කරනවා ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හොඳින් කියවා බලා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස.”


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා:
“මගේ අත්දැකීම්වලින් මම දුටු දේ තමයි පසුගිය අවුරුදු 72ක තුළම මේ රටේ බිහිවුණු සියලුම ආණ්ඩු අසමත් කියන එක. අපිට තියෙන්නේ ඉතා වටිනා රටක්. මේක හොඳට ගොඩනගන්න පුළුවන්. එහෙත් සාධාරණ සමාජයක් නිර්මාණය නොකොට ඒක නිර්මාණය කරන්න බැහැ. මම මුලින් හිටියේ කොමියුනිස්ට් පක්‍ෂයේ. ඔවුන් 18වැනි සංශෝධනයට මහින්දට සහයෝගය දුන්නා. මම ඒ නිසාම කොමියුනිස්ට් පක්‍ෂයෙන් ඉවත් වුණා. මේ රටේ දැන් ඉන්න ශක්තිමත් මෙන්ම කාර්යක්‍ෂම සහ අවංක වාමාංශික බලවේගය තමයි ජවිපෙ. මේ රටේ ප්‍රශ්න විසඳිය හැකි එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය. පනස් වසරක මගේ දේශපාලන දිවියේ අත්දැකීම්වලින් මම මේක කියනවා. ජාතික ජන බලවේගය දිනවන්න. එහෙම වුණොත් රටත් ඔබත් දිනුම්.”


මහාචාර්ය කුමාර් ඩේවිඩ් මහතා:
“මම බය නැතිව කියනවා, මම මාක්ස්වාදියෙක්. ජාතික ජන බලවේගය එක්ක මේ ගමන යන්න මම තීරණය කළේ මූලික කාරණා තුනක් උඩ. පළමුවැන්න, අප හමුවේ බරපතළ දේශපාලන අනතුරක් තියෙනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් එක සාධකයක් තමයි ඊට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම. පාර්ලිමේන්තුව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී තැනක් විය යුතුයි. මේ ආණ්ඩුව යන ගමන තුළ එහෙම දෙයක් පේන්නට නැහැ. යූ.ඇන්.පී. එකටත් මේ ගමන නවත්වන්න බැහැ. ඔවුන්ට උවමනාවකුත් නැහැ. මෙය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බව මම තදින්ම විශ්වාස කරනවා. දෙවැනි කාරණය නම් ආර්ථිකය ගොඩනැගීම. මේ ගරාවැටුණු ආර්ථිකයෙන් රට ගොඩගන්න දර්ශනයක් සහිත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. තුන්වැනි කාරණය මේ රටේ ජාතික ගැටලුව. මේ රටේ හැම ආණ්ඩුවක්ම බලයට ආවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය එක එක ප්‍රමාණවලින් අවුස්සලා. ඒ නිසා මේ කිසිදු පාලකයකුට රටේ ජාතික ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ඒක විසඳිය හැකි නිවැරදිම වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙන්නෙ ජාතික ජන බලවේගයයි. ඒ නිසා රට ගැන හිතන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සහෝදර සහෝදරියන්ට මම කියන්නේ දෙගිඩියාවකින් තොරව ජාතික ජන බලවේගය දිනවන ලෙසයි.”

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජය කුමාර් යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජිනසේන හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු, මහාචාර්ය ප්‍රේමදාස ජයකොඩි යන මහත්වරු ද එම මාධ්‍ය හමුවට සහභාගි වූහ



අදහස් (0)

‘හොරකම් කරන දේශපාලකයන්ට බේරෙන්න උපක්‍රම හදන්නේ විද්වතුන්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 278 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1504 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 465 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 118 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site