IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘කෙළින් වැඩ කරන්න තුනෙන් දෙක දෙන්න‘

(*** නාලක සංජීව දහනායක)

වෙනත් දේශපාලන පක්‍ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත්නොවී ඍජුව කටයුතු කිරීම සඳහා තම පක්‍ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (8) පැවැසීය.

ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා නතරව ඇති තැනින් රට ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.

ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාවේදී කොරෝනා වයිරසය එතරම් ව්‍යාප්තව තිබුණේ නැහැ. නමුත් නාම යෝජනා ලබාගන්නා අවස්ථාව වනවිට ලංකාවේ අපේ රටේ වගේම ලෝකයේ සෙසු රටවලත් කොරෝනා වයිරසය ව්‍යාප්තව තිබුණා. ඒ නිසා මැතිවරණ කොමිසම දින නියමයකින් තොරව මහ මැතිවරණය කල්දැම්මා. දේශපාලනිකව කටයුතු කරනවාද එහෙමත් නැත්නම් කොරෝනා වයිරසයෙන් රටත් ජනතාවත් මුදාගන්න කටයුතු කරනවා කියල අපි ඒ මොහොතේදී කල්පනා කළා. ඒ අනුව දේශපාලන කටයුතු පසෙක දමා රටත් ජනතාවත් බේරාගන්න කටයුතු කළ යුතුයැයි අපි කල්පනා කළා.

කොරෝනා වයිරසය ඉදිරිපිට ලෝකයේ අනෙක් රටවල් දණින් වැටෙන විට අපිට පුළුවන්කම ලැබුණා. වයිරසය ව්‍යාප්තවීම පාලනය කරගන්න. ඒ ගැන අපිට සතුටුයි. පසුගිය අප්‍රේල් මාසයේදී අපි අපනයනය කළ ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 250යි. නමුත් පසුගිය මාසයේදී අපේ ඇමරිකානු ඩොලර් මිලියන 950ක වටිනාකමකින් යුත් අපනයනයන් සිදුකර තිබෙනවා. ඒ නිසා මේක යූ ටර්න් එකක් නෙවෙයි තනිකරම වී ටර්න් එකක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඉකුත් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. සංස්කෘතිය විනාශ කළා. ඒ අභියෝගයන් ජයගැනීම අවශ්‍ය බව අපි දැනගෙන හිටියා. නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්තිය අපිට සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක්. අපි ඒ අභියෝගය ජයගත්තා. රට නැවතුණ තැනින් ඉදිරියට ගෙනියන්න අපිට ලොකු වගකීමක් තිබෙනවා. මැතිවරණය ජයගෙන ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේ කටයුතු කරන්න අපේ පක්‍ෂයට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්න. ඒ නිසා වැඩිය ඈතට හිතන්න එපා. කොරෝනා වයිරසය ව්‍යාප්තියේදි ක්‍රියාකළ ආකාරයම ඇති අපිට ඡන්දය දෙන්න.

අද අපිට මැතිවරණය මෙහෙයවන්න වෙලා තිබෙන්නේ මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නිරෝධායන නීති රීතිවලට අනුවයි. ඒ සියලුම නීති රීති සුරකිමින් හා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට ගරුකරමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන්න කියල අපි අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලනවා. අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය විරුද්ධ පක්‍ෂයක් නැති කමයි. ඒ නිසා පක්‍ෂවල ඉන්න අයම මනාප ලබාගන්න එකිනෙකාට විරුද්ධව කටයුතු කරනවා. ඒ නිසා අපි අපි අතර ප්‍රශ්න ඇතිකරගන්න ඕන නැතැයිද ඔහු පැවැසීය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා බැසිල් රාජපක්‍ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඔබගේ පක්‍ෂයට තියෙන වැඩපිළිවෙල මොකද්ද?
පිළිතුර - ආණ්ඩු බලය ලබාගෙන කෙටිකාලයක් තුළ කරපු දේවල් ගැන හිතල බලල අපිට ඡන්දය දෙන්න. අපිට ලොකු සංවිධාන ජාලයක් තිබෙනවා. පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් සමග එකතුවෙලා අපි වැඩ කරනවා. දැන් මමත් ඉන්න නිසා ඉදිරි දින 29 කාලයේදී විශාල වැඩ කොටසක් කරනවා.

ප්‍රශ්නය - මැතිවරණය ජයගෙන ව්‍යවස්ථාව වෙනස් කරන බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියනවා. ඒ තරම් ප්‍රබල ජනවරමක් ලැබෙයිද?
පිළිතුර - 1978 හදපු මේ ව්‍යවස්ථාව දැනට 19 වතාවක් සංශෝධනය කර තිබෙනවා. දැන් මේක අණ්ඩ දැමූ කමිසයක් වගෙයි. ඒ නිසා රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන. 2005 සිට 2010 වසර දක්වා පැවති ආණ්ඩුවට සැලුන් දොරක් තිබුණා. දැන් ඒ දොර නැහැ. ඒ නිසා එක එක්කෙනාගේ ප්‍රාණ ඇපකරුවන් නොවී රටට හා ජනතාවට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපිට පැහැදිලි බලයක් දෙන්න.

ප්‍රශ්නය - නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද?  
පිළිතුර - ඒ සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා හා මැතිවරණ කොමිසම බාරගත යුතුයි.  

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්‍ෂය දෙකඩවෙලා. ඒ ප්‍රශ්නය පිටිපස්සේ ඉන්නේ ඔබද?
පිළිතුර - ඒක කළේ මම නොවෙයි. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි ප්‍රධාන පක්‍ෂ දෙකඩවීමට ඒ පක්‍ෂවල නායකයොම වගකිව යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අද වනවිට යම් තරමකට විනාශ වෙලා. දෙමළ සන්ධානයත් දෙකඩවෙලා කියල ආරංචියි. මේවට ඒ පක්‍ෂවල නායකයොම වග කියන්න ඕන.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර විශාල ගැටීමක් තිබෙන බව පේනවා. මෙහෙම ගැටීම් තියාගෙන ආණ්ඩුව හදන්නේ කොහොමද?
පිළිතුර- අපි ඒ ගැන පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කළා. මේ භාරකාර ආණ්ඩුවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරුන් ඉන්නවා. ඔවුන්ගේ අනන්‍යතාව ආරක්‍ෂාකරගෙන කටයුතු කරන්න ඕන. නමුත් මේ මැතිවරණයේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩිපුර පත්වෙනවට මම පුද්ගලිකව කැමැතියි.



අදහස් (0)

‘කෙළින් වැඩ කරන්න තුනෙන් දෙක දෙන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17526 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site