IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එජාපය බලයට ගේන්න

(*** මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ආර්ථික අර්බුදයෙන් ගොඩඑන සැලැස්මක් මේ රජයට නැහැ. මුදල් ඇමැතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බණිනවා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අත්‍යවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කාරණයක් බව රාජ්‍ය ආරක්ෂක හා ජනමාධ්‍ය හිටපු ඇමැති ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීරිගමදී පැවැසීය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් වේවැල්දෙණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවේදී රුවන් විජයවර්ධන මහතා මේ බව පැවැසීය.

රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

ආණ්ඩුවත් එක්ක හැප්පෙන අතරේ පිරිසක් පක්ෂයෙන් කඩාගෙන යාම එක්සත් ජාතික පක්ෂයට මහත් අභියෝගයක් වෙලා. ප්‍රබලයන් හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අලුත් පක්ෂයේ අය ප්‍රබල යැයි කිව්වත් එතැන ප්‍රබලයන් නැහැ. ඒ අය ප්‍රබලයන් වුණේ එක්සත් ජාතික පක්ෂය නිසයි. සිරිකොත අල්ලන්න කියා ඡන්දය ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නයි.

කිසිවෙකුට කිසිදා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැහැ. ඩී.ඇස්. සේනානායක මහතා මේ පක්ෂය හැදුවේ දර්ශනයක් ඇතිවයි. යූ.එන්.පී.ය කියන්නේ රනිල්, රුවන්, සජිත් නොවෙයි. ගමේ සංවිධානය කරන ජනතාවයි. පක්ෂය රකින ජනතාව සියලු අභියෝග මැද ඉදිරියට යනවා.

පසුගිය වසර හතරහමාරේ එක්සත් ජාතික පාක්ෂිකයාට කිසිවක් වුණේ නැහැ. රැකියාවක් දෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා ජනතාවගේ වේදනාව, කලකිරීම සාධාරණයි. මමත් කලකිරුණා. රැකියාවක් දෙන්න බැරි වුණාට වසර හතරහමාරේ රටට විශාල සේවය කළා. සුවසැරිය, බෙහෙත් මිල, සිසු රක්ෂණය, වැටුප් වැඩිවීම, පාසල් දියුණුවට වැඩ ඒ අතරින් කිහිපයක් විතරයි.

අද මාධ්‍ය නිදහස නැහැ. රාජපක්ෂලා විවේචනය කරන්න බැහැ. ගැබිනි මවට දුන් පෝෂණ මල්ලට අද පයින් ගහලා. ඉන්ධන සහනය ජනතාවට දුන්නේ නැහැ. විදුලි බිල තුන් ගුණයකින් වැඩි කළා. රට පුරා කම්හල් වැහෙනවා. සේවකයන් එළියට දානවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්ම මේ රජයට ඇත්තේ නැහැ.

රටේ ආර්ථිකය ගොඩ නැගුණේ සැමදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පමණයි. ජනතාව ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා. සම්පත් සූරාකන, සාක්කු පුරවා ගන්නා දේශපාලනඥයන් නිසා ජනතාවට දේශපාලනයත් එපා වේගෙන යනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන එළියට යන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ අතරේ අපේ වනාන්තර පද්ධතිය බහු ජාතික සමාගම්වලට දෙන්න මේ රජය පිඹුරුපත් හදනවා. ඒවා වළක්වන්න ඕනෑ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා:- රටේ 2015ට පෙර බයෙන් හිටි හැටි ජීවත් වෙච්ච හැටි බොහෝ දෙනාට අමතක වෙලා. උද්ඝෝෂනය කළ අය මැරුණු හැටි දැන් මතක නැහැ. අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණා. මොනවා කිව්වත් මාධ්‍යයට තර්ජනය කළේ නැහැ. වසර හතරහමාරක් පුරා රටට කළ සේවය සලකා මමත් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. ජනතාව පක්ෂයට බැන්නත් කිසිදා පක්ෂය දාලා යන්නේ නැහැ. ඔවුන් ඒ තරමට පක්ෂයට ආදරෙයි. ක්‍රිකට් කතාවට මහින්දානන්ද සමාව ගන්න ඕනෑ. එහෙම නැත්නම් කරුණු කියන්න ඕනෑ. රාජපක්ෂ ක්‍රමවේදයට ජනතා අවධානය කඩන්න හෙට තව එකක් කියයි.

මීරිගම ආසන සංවිධායක අපේක්ෂක ඒ.ආර්. තිලක් අශෝක:- මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතා ඇතුළු කිහිප දෙනෙක්ද කතා කළහ.

 



අදහස් (3)

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එජාපය බලයට ගේන්න

vinivida Wednesday, 08 July 2020 11:07 PM

මේ වනවිට covid -19 වෛරසය නිසා ලෝකයේ ධනවත් රටවල ආර්ථිකය මේවනවිට ලබා ඇත්තේ බලවත් පසු බෑමකවේ. මේ වනවිට ආර්ථික විස්ලේෂකයන් විසින් එම රටවලට සිදුව ඇති ආර්ථික පසුබෑම විශ්ලේෂණය කරමින් සිටින අතර ආර්ථික කඩාවැටීම හමුවේ එම රටවල් ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ ලබන වසරේ පළමු කාර්තුව වනවිට එළිදක්වනු ඇත. හේතුව මේ වනවිට ඇමෙරිකාවේ ජනධිපති මැතිවරණ කටයුතු සිදුවමින් පවතින නිසාවෙනි. ඇමෙරිකානු ආර්ථිකය සමග ගෝලීය ආර්ථිකය බද්දව ඇතිනිසා බොහෝ රටවල් මේවන ඔවුනට හැකිපමනින් ඔවුන්ගේ ආර්ථික ක්‍රියාදාමයන් සිදුකරමින් තිබේ. ගෝලීය ආර්ථික කඩාවැටීම් හමුවේ ලංකාවේ ආර්ථිකයකඩාවැටීමට මුහුණ දීමට රජය සුදානම් නොවුන හොත් ලංකාවේ ආර්ථිකය නැවත 70-77 යුගයට ලගාවනු ඇත. වඩාත්ම වැදගත් කරුණනම් මෙවර මැතිවරණයේදී සෑම පක්ෂයකට තරුණ ඡන්ද ලැබීම අවම වනු ඇත තරුණ පිරිස් මේවන විට සිටින්නේ මැතිවරණ පවත්වා පොරොන්දු ලබාදෙන නමුත් අවසානයේ විසදුම් නොමැතිව සියලු පොරොන්දු කඩවන පොරොන්දු බවට පත්වන නිසාවෙනි. තරුණයන් රටින් පිටවීමට බලපාන පළමු හේතුව මෙය වේ. ලංකාවට ප්‍රතිපත්තිමය දේශපාලන වෙනසක් සිදුකලයුතුවේ.

:       0       0

ranjith Thursday, 09 July 2020 12:29 AM

මෙවර අලි බබා සහ මහබැංකු හොරු ටික අන්ත පරාජයකට ලක්වෙනවා.

:       0       0

Bamunuarachchiu Thursday, 09 July 2020 04:32 AM

2015 රට බාර ගන්නකොට 7.5 ට තිබුන ආර්ථිකය 1.5 බස්සලා දීලා දැන් ගොඩගන්න ඒගොල්ලන්ටම බාර දෙන්න ලු. හිතා ගෙන ඇති රටේම ඉන්නේ ගොන්නු කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site