IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


තැපැල් ඡන්දයේදී ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි

(*** නිමල කොඩිතුවක්කු)

‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.

‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබාදීමත් ජනතාවට සහන දීමත් සමගි ජන බලවේගය රජයක මූලික කාර්යය බවද’’ මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද කීවේය.

 “අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. පසුගිය ආණ්ඩුවලින් රාජ්‍ය සේවකයන් විශාල රැවටීමකට ලක් කළා. දෙනවා කිව්ව වැටුප් වර්ධක දීමනා දුන්නේ නැහැ.

මේ නිසා 2015 වනවිට රජයේ සේවකයනුත්, විශ්‍රාමිකයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියේ. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතනින් නොනැවතී අපේ ආණ්ඩුව කාලයේදී රජයේ සේවකයන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළා. අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැඟී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් අප දුන්නා.

මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස් දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉඳිද්දි ඒ අයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගසා අවසානයි.

මේ ආණ්ඩුව ගැන රජයේ සේවකයන් අද හොඳටම කලකිරිලා. ලෝකයේ කිසිම රටක රජයේ සේවකයන්ගෙන් ආපහු වැටුප්  ඉල්ලලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්-දීමනා වැඩි නොකළ මේ ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් යළි ඉල්ලා සිටිනවා.

අගෝස්තු පස් වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කපා දමා තිබූ වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් දීමට අප කටයුතු කරනවා.
මේ ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ?

රජයේ සේවකයන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වැඩියෙන්ම සලකපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ආබාධිත රණවිරුවන් දාලා උපවාස පවත්වා ඒ තුළින් බලයට එන්න කටයුතු කළ මේ ආණ්ඩුව අඩුම තරමින් ඔවුන්ගේ ප්‍රශ්නවත් විසඳුවේ නැහැ.

අද එකක් කියා හෙට එකක් කරන ආණ්ඩුවක් තමයි මේක. මේ කෙටි කාලය තුළ මේ ආණ්ඩුව රටේ අසාර්ථකම ආණ්ඩුව බවට පත්වුණා.

අද රජයේ සේවකයන් බොහොම නරක තත්වයට පත්  කරලා. අද රජයේ නිලධාරින් පරිපාලන නිලධාරින් යකඩ සපත්තුවෙන් පාගාගෙන  ඉන්නවා. රජයේ සේවකයන් මේවට උත්තර දෙන්න අද බලාගෙන ඉන්නවා.  මේ ආණ්ඩුව  කරපු දේට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් දෙන්න කියා අප ඉල්ලා සිටිනවා.’’


කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය:-
“මේ ආණ්ඩුවට කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. මේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික සහ මූල්‍ය සැලසුම් හේතුවෙන් අද වාහන ආනයනකරුවන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. ව්‍යවසායකයන්- ව්‍යාපාරිකයන් අද කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා.

කොරෝනා අරමුදලට මේ වනවිට කෝටි 145ක් ලැබිලා. මෙයට අමතරව විදේශවලින් විශාල මුදලක් ලැබී තිබෙනවා. මේ මුදල්වලට වෙච්ච දෙයක් නැහැ. ඒවා වියදම් වූ ආකාරය ගැන දැනගන්න ජනතාවට අයිතිය තිබෙනවා.

දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් වියදම් කරන්න රජයට සල්ලි නැහැ කියලා. සුනාමි අරමුදල්වලට වෙච්ච දේ තමයි මේ මුදල්වලටත් වෙන්නේ.

අද සුඩානයේ සහ ලංකාවේ ආර්ථිකය සමාන කරලා. මේ ආණ්ඩුව ඇවිත් මාස අටක කාලයකට කරපු වැඩ ටික කොහොමද?
ඇමරිකානු පුරවැසියකු වෙච්ච තමන්ට ව්‍යවස්ථාව වෙනස් කර පාර්ලිමේන්තුවට එන්න දැන් බැසිල් රාජපක්ෂ මහතා තුනෙන් දෙකක් ඉල්ලනවා. රටට මොකක් වුණත් තමන් ගොඩ යනවා නම් ඔවුන්ට ඇති. මේ වගේ ප්‍රතිපත්ති තමයි, අද පොහොට්ටුවේ නායකයින්ට තිබෙන්නේ’’ යයි ද ඇය එහිදී සඳහන් කළාය.

 



අදහස් (2)

තැපැල් ඡන්දයේදී ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි

කල්පනා Saturday, 11 July 2020 01:02 AM

සමගි ජන බලවේගයේ ලේකම්තුමනි, මෙවර ආණ්ඩුබලය ගැනීම අනාගතයේ කිසිදාක බලයක් ගැනීමට නොහැකිවීමට හේතුවක් විය හැකිය. එබැවින් පවතින පාලනයටම සාමාන්‍ය බලයක් සහිත රජයක් ඇතිකර ගැනීමට ඉඩ දෙන්න එවිට. 1970-1977 රජයට සිදුවූදේ ඇතිවිය හැකිය..

:       0       0

මුණසිංහ Tuesday, 14 July 2020 03:21 PM

ඔව් ඔව්, හීන දකින එකේ නිමක් නැහැ. තැපැල් ඡන්ද ගණන් කරනකොට ඒක බලන්නකෝ..!

:       0       151

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17526 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site