බන්දුලගෙන් හර්ෂට අභියෝගයක්
නිදහසින් පසු මෙරට ආර්ථිකය මුළුමනින්ම විනාශ කළ එකම ආණ්ඩුව පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බවත්, එය එසේ නොවේ නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි එම රජයේ හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කරන බවත්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.