IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


විපක්ෂ නායකකම ජනතාවගේ ජංගම සේවාවක් කරනවා

(*** අංජුල මහික වීරරත්න)

‘‘විපක්ෂයේ සිට වුවද කතාවෙන් නොව ක්‍රියාවෙන්  ආදර්ශවත් ජනතා සේවයක් කරන බව’’ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹදී පැවසීය.

 ‘‘විපක්ෂනායක ධුරය නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

 සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ මැද කොළඹ ජනතාව වෙත ස්තූතිය පළ කිරීම සඳහා පෙරේදා (9) පැමිණි අවස්ථාවේදීය.

මැද කොළඹ ජනතාව හමුවීමට පැමිණීමට පෙර ප්‍රේමදාස මහතා කොළඹ -14 බණ්ඩාරනායක මාවතේ ලංකාරාම විහාරස්ථානයටද මට්ටකුලිය-කල්‍යානි ගංගාරාම විහාරස්ථානයටද ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ගත්තේය.

අනතුරුව මැද කොළඹ සුචරිත ගොඩනැගිල්ලට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහි රැස්ව සිටි ජනතාවට සිය ස්තුතිය පිරිනමමින් මෙසේ පැවසීය.

මෙහි පැමිණීමේ මූලික අරමුණ වූයේ මෙවර මහ මැතිවරණයේදී මටත් මගේ සහෝදර මුජුබර් රහුමාන් මහතාටත් අසීමිත සහායක් දුන් සුචරිතය ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පිරිනැමීමයි. මෙහි ජනතාව  සුවිසල් මනාප ප්‍රමාණයක් දී අප ශක්තිමත් කළා. ඒ ගැන අවංක ස්තුතිය  පුද කරනවා.

 අපගේ කාර්යය  ශක්තිමත්ව ක්‍රියාත්මක කර  සත් ජාතිකත්ව ප්‍රතිපත්ති තුළ බෞද්ධ ප්‍රතිපත්ති මගින් ජාතිවාදය ආගම්බේදය-අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දමන්නට කටයුතු කරනවා. එමෙන්ම විපක්ෂනායක ධුරය නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරනවා.

සුචරිතය මුල් කරගෙන මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමාගේද මූලිකත්වයෙන් අප දැවැන්ත සමාජ සේවයක් සහ සංවර්ධනයක් මැද  කොළඹ ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයටත්, සමස්ත ශ්‍රී ලංකාවටත් ලබාදෙනවා. රාජ්‍ය  බලයක් නැතිව වුවත් අප ඒ කාර්යයන් ඉටු කරනවා.
  විපක්ෂයේ සිටියදී අප වැඩ පෙන්වන්නේ කතාවෙන් පමණක් නොවෙයි. ක්‍රියාවෙනුත් රටට සංවර්ධනයක් හා එකමුතු බව නිර්මාණය කරන ශක්තිමත් ගමනක් ආරම්භ කරනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු  ඇරඹෙන තුරු අපට කාලයක් දෙන්න. පසුව සුචරිත  ව්‍යාපාරය පැය 24ම ජනතාවට සේවයක් හා  සංවර්ධනයක් කරන ජනතාවට ශක්තියක් දෙන නිරන්තර  සමාජ සේවා හා ජංගම සේවා ආයතනයක් ලෙස  ක්‍රියාත්මක කරනවා. එමෙන්ම විපක්ෂයේ සිට වුවද ආදර්ශවත් ජනතා සේවයක් ඉටුකරන බවට ප්‍රතිඥා දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගය මැද කොළඹ සංවිධායක මුජිබර් රහුමාන්  මහතාද සහභාගි විය.



අදහස් (0)

විපක්ෂ නායකකම ජනතාවගේ ජංගම සේවාවක් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site