(*** අංජුල මහික වීරරත්න)
අතීතයේ සිට පැවැති දේශපාලකයන්ගේ බලය තහවුරු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට ජනතා අයිතීන් තහවුරු කෙරෙන පළමු සංශෝධනය වූයේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය බවත් ආණ්ඩුව එම අයිතිය උදුරා ගන්නට සැරැසෙනවා නම් ජනතාව සමග එක්ව අරගලය ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (26) පැවැසීය.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් ලබන 28 වැනිදා විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා : “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණු යහපත් ක්‍රියාවලිය අද ඊයේ ඇරැඹුණු දෙයක් නොවේ. 20 වැනි සියවස ඇරැඹුමේ සිටම ජනතාව එවැනි ක්‍රියාවලියක් බලාපොරොත්තු වුණා. එවන් සංශෝධනයක් අහෝසි කිරීම අපරාධයක් බව කිව යුතුයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූයේ විශාල මහජන බලවේගයක් සමඟයි. එදා සියලු සමාජ බලවේගවල ඉල්ලීම වූයේ කුමක් ද? රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ, පොලිසිය, මූල්‍ය අංශ, දේශපාලන අතපෙවීම්වලින් මුදාගැනීමයි. එමෙන්ම දේශපාලනීකරණයට ලක්නොවූ ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුවා.
1948 වසරේ සිට අප විවිධ ව්‍යවස්ථා හැදුවා. 1948 ව්‍යවස්ථාව හැදුවේ සුද්දන්ට තවදුරටත් බලය මෙරට රඳා පවත්වාගැනීම සඳහායි. ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව ගෙන ආවේ තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහායි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මහින්ද රාජපක්ෂගේ බලය තහවුරු කරගැනීම සඳහායි. මේ සෑම අවස්ථාවකදීම සිදුවූයේ රටේ ජනතාව නොව දේශපාලකයා ශක්තිමත් වීමයි. රටේ ජනතාව ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් පළමුවරට ගෙන ආවේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බව කිව යුතුයි.
සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් එක්ව මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළා. දීපව්‍යාප්ත වැඩසටහනක් හදා ජනතාව සමග එය සාකච්ඡා කළා. ඒ අනුව දේශපාලකයන්ට තිබූ අනිසි බලය අහෝසි කරනු ලැබුවා. පත්වීම්වල බලතල ව්‍යවස්ථාදායක සභාවට පවරනු ලැබුවා.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා අයිතීන් රකින්න ගෙන ආ පළමු සංශෝධනයයි. එම සංශෝධනය ඉවත් කර ද්විත්ව පුරවැසියන්ට එම විදෙස් පුරවැසි බව තබාගෙන සිටියදීම මෙරට මන්ත්‍රී ඇමැති හෝ අගමැති වෙන්න අවස්ථාව සකස් කළ යුතු ද? දැන් ඔවුන්ගේ වුවමනාව වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න නිරාකරණය කරගැනීමයි. ඉදිරියට යන ගමන ආපසු හරවාගෙන මොවුන් උදුරා ගන්නට හදන්නේ ජනතාව සතු අයිතියයි.
අප දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගෙන ආ විනිවිද බව, වගවීමේ කාර්යය මෙන්ම ජනතා අයිතීන් කප්පාදු කරනවාට සමගි ජන බලවේගය එකඟ නැහැ. මොවුන්ට තුනෙන් දෙකේ බලය ලැබුණේ ඕනෑම දෙයක් කරන්නට නොවේ.
එහි අනුව දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම සඳහා වන සාකච්ඡාවකට අප ලබන සිකුරාදා (28) සියලු සමාජ ක්‍රියාකාරීන්, සිවිල් බලවේග පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යය සිදු කෙරෙනවා. ඉන් ඔබ්බට ගොස් අප ජනතාව සමග එක්ව දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම සඳහා දිගින් දිගටම අරගල කරනවා.
ආණ්ඩුවේ උත්සාහය වන්නේ පවුල් බලය තහවුරු කරගැනීම සඳහා රටක් පාවා දෙන්නටයි. ජනතා අයිතීන් තහවුරු කරගැනීම සඳහා අප දිගින් දිගටම නොනවතින අරගලයකට මුල පුරන බව කිව යුතුයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා : “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පුරවැසියාගේ අයිතීන් ශක්තිමත් කළා. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළා. ඒ තුළින් පුරවැසියා වෙත වගවීම තහවුරු කළා.
විදේශිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ කළ හැකි දේ සහ කළ නොහැකි දේ දහනව වන සංශෝධනයෙන් දක්වා තිබෙනවා. රට ගොඩනැගීම සඳහා විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල කාර්යභාරයක් සිදුවන බව අප පිළිගන්නවා. නමුත් එහි සීමාවන් අප වටහා ගත යුතුයි.
ස්වාධීන කොමිෂන් සභා එන්ජීඕ නාඩගම් බව ජී.එල්. පීරිස් ඇමැතිවරයා කියා තිබුණා. එවැනි පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන මා පුදුමයට පත්වුණා. මෙවැනි මත ඉදිරිපත් කිරීම ඉතා කනගාටුදායකයි.
ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තුවට හෝ ඇමැතිවරයෙක් අගමැතිවරයෙක් වශයෙන් පත්කොට තිබියදී අදාළ රටවල් දෙක අතර යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් ද්විත්ව පුරවැසියා ගන්නේ කුමන රටේ පැත්ත ද?”
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා : “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්න හදන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවටයි. ඇමෙරිකාව වෙනුවෙන් තුවක්කුව අතට ගන්නට වුවත් පොරොන්දු වන බව ඇමෙරිකා පුරවැසියන් පොරොන්දු වී තිබෙනවා. බැසිල් රාජපක්ෂත් එම පොරොන්දුව ලබාදී තිබෙනවා. ඕනෑම අවස්ථාවක වඩා ප්‍රමුඛතාව තිබෙන්නේ ඇමෙරිකානු පුරවැසිභාවයටයි. එවැනි පුද්ගලයෙක් අප රටේ ජනපති අගමැති ඇමැති කෙනකු වන්නේ කෙසේ ද? අද සිදුවෙමින් තිබෙන්නේ ඇමෙරිකා පුරවැසියෙක් වෙනුවෙන් ලක්ෂ 210ක් වන ජනතාවගේ වරප්‍රසාද නැති කිරීමයි. ශ්‍රී ලාංකික පුරවැසියන් ඇමෙරිකා පුරවැසියා වෙනුවෙන් පෙනී නොසිටිනු ඇතැයි අප සිතනවා.”
නීතිඥ ශිරාල් ලක්තිලක මහතා : “19 සුරකිමු යනුවෙන් අප ඉදිරිපත් කරන්නේ දේශපාලන බලය තහවුරු කරන වැඩසටහනක් නොවේ. ශීලාචාර පුරවැසියන් ලෙස දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියට එන්නැයි අප පුරවැසියන්ට ආරාධනා කරනවා.
දැන් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මුව හමට තඩි බාන්නේ 18 සහ 19 යන සංශෝධන දෙකටම අත එස වූ අයයි. ඔවුන් දැන් විසිවන සංශෝධනයටත් අත එසවීමට සූදානම්.”
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
19 උදුරාගන්න ලෑස්ති වුණොත් ජනතාව එක්ක පාරට බහිනවා
Bandara Thursday, 27 August 2020 09:40 PM
රාජිත තවත් කතා කරන්නේ කටින්ද?
සිරා Friday, 28 August 2020 04:05 AM
රටේ ජනාධිපති, අගමැති ඡන්දෙට කලින් කීවා මේක වෙනස් කරන්න බලය දෙන්න කියලා.. මිනිස්සු දුන්නා ඡන්දෙන් බහුතර බලය. එ්ක දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට... දැන් නිකන් පාරට බහින කතා ඕනෑ නෑ. අවුරුදු 5ක් රට කාලා තව කන්න හදන්න එපා.
සුනීත හිමි Friday, 28 August 2020 10:55 AM
හදවත් රෝගයකුත් තියෙනවා නේද? දැන්වත් කෑගහන්නේ නැතිව බණක් භාවනාවක් කරගෙන ඉන්න.
Bamunuarachchi Friday, 28 August 2020 11:44 AM
පාරට බැහැලා මොන බම්බුවක් කරන්නද? අපෙන් ගුටිකාලා තමයි යන්න වෙන්නේ. කොනක ඉඳන් දෙන්න තමයි වෙන්නේ. ජනතාව 2/3 බලයක් දුන්නේ ඕක කරන්න තමයි.
asamagi janabala Saturday, 29 August 2020 03:59 AM
ජනතාවගේ ඉල්ලීම රටේ අරාජිකත්වයක්, ආරක්ෂාවට තර්ජනයක් වුණ 19 වහාම අහෝසි කරන්න රාජිත දේශපාලනයෙන් ඉවත් කරන්න.
anura Saturday, 29 August 2020 04:00 AM
ජනතාව SLMC එකද?
මෝ Saturday, 29 August 2020 05:35 AM
පාරට බැහැපල්ලා. ඒත් ව්‍යවස්ථාව සම්මත වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේදී. රාජිතට උරුම මහපාර, නොව හිර ගෙදරයි.
Bamunuarachchi Tuesday, 01 September 2020 01:45 AM
පාරට බැස්සට කමක් නැහැ. පාරේ එළිබහින්න එපා.