IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා

(*** නිමල කොඩිතුවක්කු)

“තුනෙන් දෙකෙහි බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂා ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළමු කැබිනට් මණ්ඩලයේ දීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසි කර දමා ජනතා අභිලාෂයට පයින් ගැසූ බව”, සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී පැවසීය.

“කොරෝනා වසංගතයත් සමග කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයි ද”, ඔහු එහිදී සඳහන් කළේය.

“රට මුහුණදෙන  අභියෝගවලට විසඳුම් දෙන ආකාරයේ  කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැතිවීම ගැන විපක්ෂය කනගාටුවට පත්වන බවද”, ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.

“ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශයක අවධානය යොමු කළ යුතු මූලික කාරණා එහි තිබෙනවා අප දැක්කේ නැහැ.

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ තමන්ගේ කාලසටහන ඉදිරිපත් කිරීම ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ ඉදිරි වැඩපිළිවෙළ හෝ ඉදිරිපත් කිරීම අපේක්ෂාවයි.

වත්මන් හෝ අනාගතයේ හෝ ජයගත යුතු අභියෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා තමන්ගෙ වැඩපිළිවෙළින් රටට ඉදිරිපත් කරලා නැහැ. කේක් ගෙඩියක අයිසින් ටිකක් තවරලා ඉදිරිපත් කළා වගේ දෙයක් තමයි මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ අපි දකින්නේ.

කොරෝනා වසංගතයත් එක්ක මුළු රටම ආර්ථික වශයෙන් අද කඩාගෙන වැටිලා තියෙනවා. අපේ ආදායම් මාර්ග අපිට අහිමි වෙලා තියෙනවා. කොරෝනා වසංගතය එක්ක කොහොමද රට ගොඩනගන වැඩපිළිවෙළ සහ මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. නමුත් අපේ රට මුහුණ දෙන මූලික ප්‍රශ්නයට කිසිදු ආකාරයක විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා නැහැ.

අද අපේ කර්මාන්තශාලා එහෙම් පිටින්ම අක්‍රිය වෙමින් තිබෙනවා. බොහෝ ආයෝජන ඉතාම දුර්වල මට්ටමක පවතිනවා. ඇඟලු‍ම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය බරපතළ අභියෝගයන්ට මුහුණ දෙමින් තිබෙනවා. මේ හා සමග බැඳුණු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.

රට මෙතරම් අභියෝගවලට මුහුණ දෙද්දී ඒවාට මුහුණ දෙන ආකාරය හෝ ඒවාට විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නොමැතිවීම ගැන අපි කනගාටුවෙනවා.

රටේ ගැටලු‍ විසඳනවා වෙනුවට අද ආණ්ඩුව දිගින් දිගටම කතා කරන්නේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීම පිළිබඳවයි. 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ද මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාව වෙලා තියෙන්නෙ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

ජනතාවට මේ වෙලාවේ ඕන 19 විසි කරන එකවත් 20 අලු‍තෙන් ගේන එකවත් නෙමෙයි. කොරෝනා වසංගතයත් එක්ක රට මුහුණපාලා තියෙන ආර්ථික සමාජ ව්‍යසනයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළක් පිළිබඳව අද ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. පසුගිය කැබිනට් මණ්ඩලයෙන් දහනම වන ව්‍යවස්ථාව අහෝසි කරන්න තීරණය කළාය කියන ප්‍රතිපත්තිමය තීන්දුව එළියට දානකොට විධායක ජනාධිපතිවරයාගේ කාල සීමාව හෝ දෙවරක් තරග කිරීම පිළිබඳ සීමාව අහෝසි කරන්නේ නැහැ කියලා කියනවා.

ඒ අනුව දහනමය අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරග කරන්න තියෙන අවකාශය නැවත ලබාගැනීම සහ ස්වාධීන කොමිෂන් සභා හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපෙවීම් කරන්න තියෙන අවකාශය වළක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම් සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්නයි. මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාව කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

එක පුද්ගලයකු හට බලය පැවරීම සඳහා ක්‍රියාදාමයකට තමයි මේ අය අවතීර්ණ වන්නේ. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහිමිවීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය ඉවත් කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඉවත් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තිබෙන සියලු අවස්ථාවන් විනාශ කර දැමීම අද මේ ආණ්ඩුවේ මූලිකම අරමුණ වී තිබෙනවා.

මේ සියලු‍ කාරණා දේශපාලන බලපෑමට යටත් කිරීමට තමයි රජය උත්සාහ කරමින් සිටින්නේ. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන බරපතළ අභියෝගයක් විදියට අපි දකිනවා. ආණ්ඩුව පටන්ගෙන තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රය දේශපාලනය කරමින් ආණ්ඩුව තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක දේශපාලන අභිලාෂ වෙනුවෙන් රටේ නීතිරීති තමන්ගේ අතට ගැනීමයි.

තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න කටයුතු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දී ම තීරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකරලා දාලා ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමයි. යළිත් වතාවක් රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් සහ සිවිල් පුරවැසියා යටපත් කරන තීන්දුවකට තමයි ආණ්ඩුව මුලින්ම අවධානය යොමු කරලා තියෙන්නේ. ආණ්ඩුවට ලබාදුන් ජනවරමට සාධාරණය ඉෂ්ට කරන්න කියලා විපක්ෂය විදියට අපි ඉල්ලා සිටිනවා” යැයි ද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (5)

ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා

Bandara Tuesday, 25 August 2020 10:35 AM

මෙයා ඉන්නවා නම් ඉතින් කොහොමත් පරදින එක ෂුවර්.

:       0       1

bandara Wednesday, 26 August 2020 12:58 AM

මොකටද කෝටි ගානක් වියදම් කරන්නේ.?

:       0       0

විජේ Wednesday, 26 August 2020 06:35 AM

මේ ධුරය හැර වෙනත් ධුරයන් තිබේද? (මහලේකම් ධුරයක් ඕනෙද?)

:       0       0

Kamal Koyrala Wednesday, 26 August 2020 04:02 PM

හොර අත්සන් ගහලා, කෝටි ගාණකට පාට මාරුකරලා, එක දවසේ සෞඛ්‍ය ඇමැති ධුරයක් දරා ලෝක වාර්තාවක් තියපු ඇත්තෝ දැන් කුමක් දොඩවනවාද?

:       0       1

Bamunuarachchi Thursday, 27 August 2020 01:02 AM

කොහේද හලෝ 19 ජනතා අභිලාෂය වුණේ..? රටේ ජනතාව 2/3 බලය දුන්නේ ඔය 19 ඉවත් කරන්න. 2/3 බලය ඉල්ලුවෙත් ඔය 19 ඉවත් කරන්න.. දැන් එය ලැබුණා. දැන් කටවහගෙන ඉන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site