IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පස්වැනිදායින් පසු පවුල්වාදයට ඉඩක් නැහැ

ප්‍රශ්නය:- සජිත් කියන්නේ උතුරට එකක් කියා දකුණට එකක් කියන නායකයකු බවත් එ.ජා.පය දෙකඩ කළ ලෙසින් රට දෙකඩ කිරීම ඔහුට අපහසු දෙයක් නොවේ යැයි අගමැතිවරයා දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් සමගි ජනබලවේගයට එල්ල කරනවා. ප්‍රධාන කථිකයකු හැටියට මේ චෝදනාව ගැන දෙන පිළිතුර මොකක්ද?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ වගේ ඉන්දියාවට තර්ටීන් ප්ලස් කියලා ලංකාවට තර්ටීන් මයිනස් කියන ප්‍රතිපත්තියක් සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නෑ. ජනාධිපතිවරණයේදී අපි යම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. මෙවර මහමැතිවරණයේදි අපි ඉදිරිපත් කර තිබෙන්නේ ඒකමයි. අපි මේ රටේ ඒකීයභාවය පිළිගන්නවා. ඊට සහාය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට අපේ සහායක් නෑ. ඒ වගේම පළාත් සභා කියන්නේ දැනට තිබෙන ව්‍යුහයක්. ඒ නිසා ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අපේ ගැටලුවක් නෑ. එහෙත් ඒවායේ සංශෝධන එනවා නම් ඒ ගැන සලකාබලන්න අපි සූදානම්. හැබැයි කවුද මේ චෝදනාව කරන්නේ? මහින්ද රාජපක්ෂ. එයාගේ දේශපාලන සන්ධානයේ ඉන්නේ කවුද? අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් වැඩකටයුතු කරගෙන යන්නේ හිටපු කොටි නායක විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා. කිලිනොච්චි මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී නායකයා වූ කේ.පී. මේ බෙදුම්වාදී ත්‍රස්තවාදී දෙදෙනා දේශපාලන සන්ධානයේ කිහිලිකරු හැටියට තියාගෙන අපට 13 ගැන කතා කරනවා.

ප්‍රශ්නය:- 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රේමදාස මහතා උතුරට පොරොන්දුවක් දුන්නද?
පිළිතුර:- පට්ටපල් බොරුවක්. 13 වැනි සංශෝධනය වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂට රත්තරන් අවස්ථාවක් 2013 දි ආවා. තුනෙන් දෙක ලැබුණා. පළාත් සභා ක්‍රමයේ කරුණු පහක් වෙනස් කරන්න කියලා අපි යෝජනා කළා. ඒක කරන්නේ නැතිව ඉන්දියාවට පොරොන්දු දීලා ඡන්දය තියලා විග්නේෂ්වරන්ට පාලන බලය අරන් දුන්නා. එහෙම පාවාදීම් කළ කෙනෙක් කිසිම දේශපාලන බලයක් නොදරපු සජිත් ප්‍රේමදාස මහත්තයට චෝදනා කිරීම විහිළුවක්. රට බෙදපු ත්‍රස්තවාදී නායකයන් එක්ක එකතු වෙලා ඔබ කරන්නේ භයානක සෙල්ලමක් වගේම මේ රටේ ජනතාවටත් රණවිරුවන්ටත් කරන්නේ අවමානයක් යැයි අපි මහින්ද රාජපක්ෂට කියනවා. මේ කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවලියක්. ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව කවදාක හෝ ඔහුට පිළිතුරු දේවි.

ප්‍රශ්නය:- යහපාලන රජය සමයේ වරාය නගරය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති අඩාල කළ බවට අගමැතිවරයා චෝදනා නගනවා. ඔබත් සංවර්ධන විෂය බාරව සිටි ඇමැතිවරයෙක්?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ වරාය නගරය සම්බන්ධයෙන් කිසිම පරිසර හෝ සමාජ අධ්‍යයනයක් කරලා තිබුණේ නෑ. ඒ වගේම වරාය අධිකාරියට එවැනි ගිවිසුමකට නීතිමය බලයක් තිබුණේ නෑ. මේ වරාය නගරයේ ඉඩම් සින්නක්කරව විදේශයකට පවරාදුන්නේ. වරාය නගරය මහින්ද රාජපක්ෂගෙ ක්‍රමයට කළා නම් ගල්කිස්ස වෙරළට වැලි දාලා වුණු වැඬේ තමයි වෙන්නේ. ඒ වගේම ලංකාව තුළම විදේශයක ස්වෛරී භූමියක් ඇති වෙලා ජාත්‍යන්තර යුද්ධයකට තමයි පාර කැපෙන්නේ. මේක කාශ්මීරයක් කරන්න තමයි මහින්ද රාජපක්ෂ උත්සාහ කළේ. අපි ඒ ඉඩම් සියල්ල රජය සතු කළා. විධිමත් සමාජ හා පරිසර අධ්‍යයනයක් කර ඒ කටයුත්ත අවසන් කළා. අද රාජපක්ෂලා අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කැන්සල් කරනවා. උදාහරණයකට කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ග වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අඩාල කරලා. අපි ජපානයත් සමග කතා කරලා වැඩ ආරම්භ කරලා තිබුණු සැහැල්ලු දුම්රිය වැඩපිළිවෙළ නතර කරලා. කැළි කසළ කළමනාකරණයට ආරම්භ කළ අරුවක්කාලු වැඩපිළිවෙළ නතර කළා. මේ විදියට රාජපක්ෂලාට බලය ලැබුණොත් ඊළඟ අවුරුද්දේ රට බංකොලොත්භාවයට ගෙනියනවා. ජනාධිපතිවරණයේදී කියපු බොරු ටික මේ මාස නවයේදි ඔප්පු වූ තත්ත්වයක් දැන් තියෙන්නේ.

ප්‍රශ්නය:- පාතාලය හා මත්ද්‍රව්‍ය කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල වශයෙන් බලපාන සාධක දෙකක් බවට පත්ව තිබෙනවා. ඒවා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන කොළඹ අපේක්ෂකයකු හැටියට ඔබ මොකද හිතන්නේ?
පිළිතුර:- මේක ඇත්තටම පාතාල නායකයන්ගෙන් ජනාධිපතිට තර්ජන, ආරක්ෂක ලේකම්ට තර්ජන ආදී වශයෙන් කරන තවත් නාටකයක්. මේ අය හැමදාම කළේ තමන්ගේ පාතාලයටයි ව්‍යාපාරිකයන්ටයි විරුද්ධ අය මර්දනය කරපු එක. ආණ්ඩුවේ ලැයිස්තුවල එහෙම ව්‍යාපාරිකයන් කී දෙනෙක් ඉන්නවද? කොළඹ ඡන්දෙ ඉල්ලන කී දෙනෙක් ඔය ව්‍යාපාරවලට සම්බන්ධ ද? කොළඹ පාතාලයට දැන් ඉන්න අපේක්ෂකයන් කී දෙනෙක් සම්බන්ධ ද? දෙමටගොඩ පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමේ පැවැති හමුවට අවශ්‍ය පහසුකම් සැලසුවේ කවුද? තමන්ට අවනත නොවන පාතාලයටයි කුඩු බිස්නස්කාරයන්ටයි තමයි වෙඩි තියන්නේ. හැබැයි අපේ ප්‍රතිපත්තිය වන්නේ සියලු ආකාරයේ පාතාල හා මත්කුඩු මර්දනයයි.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහනාධාර විශාල වශයෙන් ලබාදීම ගැන පොරොන්දු දෙනවා. හැබැයි රටේ තිබෙන ආර්ථික අර්බුදය සමග ඇත්තටම මේවා කරන්න පුළුවන් ද?
පිළිතුර:- කවුරු මොනවා කිව්වත් යහපාලන ආණ්ඩුව යටතේ මේ රටේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වුණා. 2014ට සාපේක්ෂව අපි ආණ්ඩුවේ ආදායම දෙගුණ කළා. 2019 දෙසැම්බර් පළමු වැනිදා ඉහළ ගණයේ ධන කුවේරයන් ද ඇතුලත්ව දැවැන්ත බදු සහනයක් ලබාදුන්නා. ඒ අතරේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 26 කට බදු අයකළා. අර ආදායම් බදු හානිය නිසා රටේ ආදායමින් තුනෙන් එකක් නැතිවුණා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 700 ක මුදලක්. ඒ නිසා වුණේ මොකක්ද? රජයේ සේවකයාගේ වැටුප් වර්ධකය ජනවාරි මාසේ සිට නතර කළා. ඊළඟට විශ්‍රාම වැටුප් වර්ධකය, අතිකාල නතර කළා. මේ ඔක්කොම වුණේ කෝවිඞ්වලට පෙර ජනවාරි මාසේ. ඒ වගේම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්වලින් සහ ගහන බදු දැන් අය කරනවා. පෙට්‍රල් ලීටරයට රුපියල් 93ක් ඩීසල් ලීටරයට 59 ක ලාබයක්. ගල් අඟුරු බිල ඉතාම පහළට වැටිලා තිබෙද්දි අහස උසට විදුලි බිලක් එවලා තියෙනවා. මේ විදියට බදු පිට බදු ගහලා ජනතාව හිර කරගෙන සහනාධාර දෙන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. යහපාලන රජයේ විදුලි බල ඇමැති මම. බලයට ඇවිල්ලා දින දොළහෙන් ඉන්ධන මිල අඩු කළේ නැද්ද? විදුලි බිල අඩු කරලා සහනය දුන්නේ නැද්ද? ඒ වගේම ලංවිම 2015 දි ලාබ කරලා දුන්නේ නැද්ද? මේ වසරේ ලංවිම ලාබ කරලා පෙන්වන්න කියලා මම ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරනවා. කිසිම රාජ්‍ය ආයතන කළමනාකරණයක් නැති රාජපක්ෂලා රාජ්‍ය මූල්‍ය ලාබ උපයපු අපට අභියෝග කරනවා. ඔය රුපියල් විසි දාහ පවුලකට දෙනවා කියන එක ගනිමු. රාජපක්ෂලා දීපු බදු සහනෙන් පවුල් තිස් ලක්ෂෙකට මාසෙට රුපියල් විසි දාහ ගානේ දෙන්න පුළුවන්. අපි ධන කුවේරයන්ට බදු සහන දෙන්නේ නෑ.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගය සටන් කරන්නේ ආණ්ඩුබලය ගැනීමට නොව සිරිකොතේ බලය අල්ලන්න යැයි ආණ්ඩුව සමච්චල් කරද්දී හිටපු රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරු 54ක් එ.ජා.පයෙන් දොට්ට දැමූ බවට පුවත් පළවෙනවා. ඇත්තටම ස.ජ.බලවේගයේ ඉලක්කය මොකක්ද?
පිළිතුර:- අපේ දේශපාලන ඉලක්කය රාජ්‍ය බලය අල්ලා ගැනීමයි. ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය අල්ලාගැනීමයි. සිරිකොතේ ඉන්න පිරිසකට විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඒත් අවුරුදු විසි හයක් මේ පක්ෂය විපක්ෂයේ තියාගෙන සීයට පනහකට වඩා බලයක් තිබූ දැවැන්ත පක්ෂය සීයට විසි පහේ චූටි පක්ෂයක් කිරීම ගැන ජනතාවගේ විනය පරීක්ෂණය අගෝස්තු 5 වැනිදා රනිල් වික්‍රමසිංහ හා කණ්ඩායමට එරෙහිව අහනවා. එදායින් පසුව එක්සත් ජාතික පක්ෂය අවසන් වෙනවා. රනිල් වික්‍රමසිංහ තමයි එක්සත් ජාතික පක්ෂය අවසන් කළේ කියලා අපි බොහෝම පැහැදිලිව කියනවා. ඩී.එස් සේනානායක එදා ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හැදුවා වගේ නව තරුණ ආරම්භයක් සමගි ජනබලවේගයෙන් රැගෙන තිබෙනවා. රාජපක්ෂලා පරද්දන්න තිබුණු ලොකුම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අද රාජපක්ෂලා පරද්දන්න බාධා නෑ. පස් වැනිදායින් පසුව පවුල්වාදයට ගජමිතුරුවාදයට වංශක්කාර මංකොල්ලකාරිත්වයට එරෙහිව අප මේ රටේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය වෙනවා.

(*** සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ)



අදහස් (0)

පස්වැනිදායින් පසු පවුල්වාදයට ඉඩක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site