(එෆ්.අස්ලම්)
ඉලංකයි තමිල් අරසු පක්ෂයේ තනි මතයට අනුව ගෙන තිබෙන දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණයට අප්‍රසාදය පළ කරන බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
මේ ආකාරයේ තීරණ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම අදහස් වලට අනුකූලව ගතයුතු බවත් එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හෝ තමිල් අරසු පක්ෂය එසේ නොකළ බවත් හෙතෙම සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කළ තවරාසා කලයිඅරසන් මහතාගේ පත්කිරීම ස්ථිර කරමින් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ත්‍රීකුණාමලයේ දී රැස්වී ගනු ලැබූ තීරණය පිළිබඳ ටෙලෝ සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් අඩෙයිකලනාදන් මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඩෙයිකලනාදන් මහතා මෙසේද කීය.
අපෙත් එක්ක කතා කරල තිබුණා අපි සිටින ස්ථාවරය කියනවා.අපේ ස්ථාවරය තමයි දෙමළ ජාතික සන්ධානයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දෙවසරක කාලයක් මාවෙයි සේනාධිරාජා මහතාට ලබාදී ඉතිරි වසර තුන අම්පාර දිස්ත්‍රික්කයටත් ලබාදිය යුතුයි කියන එක. එහෙත් අපෙන් අහන්නේ නැතිවයි දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ඉලංගයි තමිල් අරසු පක්ෂය ඒ පිළිබඳ තීරණය ගනු ලැබුවේ.
තවදුරටත් මේ ආකාරයේ තනි තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය ගෙන යන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් විදිහට අපට තීරණයක් ගැනිමට සිදුවන තැනට තල්ලු වනු ඇති.
දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරිමේ උත්සහායක් අපි ගෙන යනවා. තනි පක්ෂ වශයෙන් තීරණ ගන්නේ නම් ජනතාව අපෙන් දුරස් වනු ඇති යැයි ද අඩෙයිකලනාදන් මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැන තීරණය තනි මතයට ගත්තාට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය
N. Perera Sunday, 23 August 2020 04:27 PM
එතකොට පර්මිට් එකට ලැබෙන අධිසුඛෝපබෝගී වාහනය දෙකට කඩලා බෙදාගන්නවද , එසේත් නැත්නම් ජනතා මුදල් කාබාසිනියා කරමින් පර්මිට් දෙකක් දෙනවද ?