ප්‍රේමලාල් දිවුරුම් දීමෙන් අනාගතයේ බරපතළ ප්‍රශ්න ඇතිවේවි ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට දුන් කතානායකවරයාගේ අනීතික තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය වන අතර එසේ නැතිව පූර්වගාමී නියෝග හා පාර්ලිමේන්තුවේ උසස් සම්ප්රදාය ඉවතලා කටයුතු කිරීම අනාගතයේදී ත්රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත්වීමේ මඟ සකස් කිරීමක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 September 2020
ජනපති විගණකාධිපති පත්කිරීම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වාගෙයි ‘‘විසිවැනි සංශෝධනය යටතේ ස්වාධීන විගණන කොමිසම අහෝසි කර ජනපති විසින් විගණකාධිපති පත් කිරීම ‘‘නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ’’ යන සිංහල කියමන යළි සිහිපත් කරවන ජාතියේ එකක්’’යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවේ ඊයේ (13) පැවසීය. 14 September 2020
‘ප්රජාතන්ත්රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’ ප්රජාතන්ත්රවාදයට, නිදහසට, විගණනයට දොර වැසී ඇති 20 වැනි සංශෝධනය අකුලා ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(11) පැවසීය. 11 September 2020
ජනතා විරෝධයක් තිබියදී ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදිසි ඇයි? නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ලවී ඇති අවස්ථාවක එය ගෙන ඒමට හදිස්සි වන්නේ ඇයිදැයි රජයෙන් විමසා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී ඊයේ (10) පැවසීය. 11 September 2020
හිටපු ඇමැති වජිර එජාප නායකත්වයට පත්කරන්න ‘එජාප නායකත්වය සඳහා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කළ යුතු බවට ගාල්ල මහ නගර සභාව නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රීවරුන් 14 දෙනාම ඉල්ලා සිටින බව, ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා පැවැසීය. 11 September 2020
‘බලය වෙනුවෙන් දේශපාලන න්යායපත්ර ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරමුණයි’ බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන දෙනවා වෙනුවට තමන්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරමුණ බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 09 September 2020
මගේ අරමුණ පක්ෂ ප්‍රතිසංවිධානය කඩිනමින් ඇරඹීමයි “තම අරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට යෑම නොව හැකි ඉක්මනින් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ඇරඹීම” යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. 09 September 2020
20 වැනි සංශෝධනය ජනවරම පාවාදීමක් මෙන්ම ජනමතයට පයින් ගැසීමක් රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනවරම පාවාදීමක් මෙන්ම ජනමතයට පයින් ගැසූ අවස්ථාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා (7) පැවසුවාය. 09 September 2020
විස්සේ භයානකකම ජනතාව තවමත් දන්නේ නෑ ‘‘ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට මැර ප්‍රහාරයක් එල්ල කරමින් වර්තමාන ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරනවා. රාජපක්ෂ පවුලේ පැවැත්මට මෙවැනි සංශෝධනයක් ගෙන ඒමට තුනෙන් දෙකක බලයක් ජනතාව දුන්නාද? ද්විත්ව පුරවැසිභාවය එලෙසම තබා ගැනීමට පාර්ලිමේන්තුවට පිවිසීම අරමුණු කර ගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ අත්‍යවශ්‍යතාව ඉටුකර ගැනීමට රටේ ව්‍යවස්ථාව අද ඉදිරියට ගෙනවිත් තිබෙනවා. 08 September 2020
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත් ‘‘ආණ්ඩුව ජනතා අභිලාෂ පසෙක දමා ජන වරම පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදවමින් සිටින හෙයින් එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්න කාලය එළැඹ ඇතැයි’’ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ 7 වැනිදා පැවසීය. 08 September 2020
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹදී ඊයේ (06 වැනිදා) පැවසීය. 07 September 2020
එජාපයේ යළි නැගිටීම නියතයි කඩාවැටීම් පරාජයන් මැද නැගී සිටිය යුතුම යැයි ද වැරැදුණු තැන අවබෝධ කරගනිමින් වඩාත් ශක්තිමත් වෙමින් ඉක්මනින් නැගී සිටිය යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 September 2020
ශ්‍රී ලනිපය මෙරට ගමන්මග වෙනස් කළ පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගමන් මග සම්පූර්ණයෙන් වෙනස් කළ පක්ෂයක් යැයි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පෙරේදා (2) පැවසූහ. 04 September 2020
20 වැනි සංශෝධනයේ අරමුණ ඒකාධිපති ගමනක ඇරඹුමයි ‘‘ආණ්ඩුවේ අරමුණ වන්නේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර එක රටක් එක නීතියක් ඇති කිරීම නොව එක රටක් එක පවුලක් සංකල්පය යටතේ රට පාලනය කිරීම බව’’ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (3) පැවසීය. 04 September 2020
යොවුන් පෙරමුණේ මනාපය රුවන්ට එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සඳහා පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පත්විය යුතු යැයි ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටුව තීරණය කළ බව යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් දර්ශන චතුරංග බ්‍රාහ්මණගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය. 04 September 2020
ද්විත්ව පුරවැසියකුට ඡන්ද අයිතිය තිබේ නම් මන්ත්‍රීකම නැත්තේ ඇයි ද්විත්ව පුරවැසියකුට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ඇත්නම් ඔවුන්ට මන්ත්‍රී ධුරයක් දැරීමට ද අවස්ථාව තිබිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (2) පැවැසීය. 03 September 2020
19 නොදන්නා අය සංශෝධනය දකින්නේ අපරාධයක් වගේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව දැනුමක් නැති පුද්ගලයන් එය සංශෝධනය කිරීම අපරාධයක් වශයෙන් දකින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඒ.එල්. පීරිස් මහතා ඉකුත් දා (31) මහනුවර දී පැවැසීය. 03 September 2020
එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයා කඩිනමින් පත් කරනවා පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ. 02 September 2020
රජයේ යහපත් වැඩවලට සහාය දෙනවා. අකටයුතු වලට එරෙහි වෙනවා රජය ක්‍රියාත්මක කරන යහපත් දේවල්වලට සහාය දෙන අතර අකටයුතු ක්‍රියාවලට දැඩි ලෙස එරෙහි වන බව විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පෙරේදා (31) පැවැසීය. 02 September 2020
තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙන් ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය. 02 September 2020
සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් නායකත්වය බාරගන්නවා ‘එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමන් ඉදිරිපත්වීමට සූදානම් බවත් ඒ සඳහා පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාක්ෂිකයන්ගේ ආශිර්වාදය අපේක්ෂා කරන බවත්’ එජාප නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා (29 වැනිදා) අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේය. 01 September 2020
එක එක්කෙනාට ඕනෑ විදියට ව්‍යවස්ථා වෙනස් කරන එක කැතයි ‘‘රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කරගෙන නොව ජනතාවගේ අයිතිය ශක්තිමත් කර ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා’’ යයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. 01 September 2020
ඡන්දය දුන්නේ කැලෑ කපන්න නෙවෙයි ‘‘වර්තමාන පාලකයන්ට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ පරිසරය ආරක්ෂා කිරීමට මිස විනාශ කිරීමට නොවේ යැයි’’ සමගි ජනබලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු කොළඹදී ප්‍රකාශ කළේය. 01 September 2020
ආණ්ඩුව කියන දේවලුයි කරන දේවලුයි අහසට පොළොව වගේ වෙනස් ‘‘නව රජය කියන දෙය සහ කරන දෙය අතර විශාල පරස්පරතාවක් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමෙන්ම පැහැදිළි වෙතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ දී ඊයේ (27) පැවසීය. 28 August 2020
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ විශ්වාසය මා ගැන තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට සූදානම් යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 27 August 2020
19 උදුරාගන්න ලෑස්ති වුණොත් ජනතාව එක්ක පාරට බහිනවා අතීතයේ සිට පැවැති දේශපාලකයන්ගේ බලය තහවුරු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට ජනතා අයිතීන් තහවුරු කෙරෙන පළමු සංශෝධනය වූයේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය බවත් ආණ්ඩුව එම අයිතිය උදුරා ගන්නට සැරැසෙනවා නම් ජනතාව සමග එක්ව අරගලය ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (26) පැවැසීය. 27 August 2020
ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් විපක්ෂයේ කොහොමටත් බෑ ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට විපක්ෂයේ දේශපාලනය කවදාවත් කළ නොහැකි වනවා සේම ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ද ඉටු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 26 August 2020
ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා “තුනෙන් දෙකෙහි බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂා ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළමු කැබිනට් මණ්ඩලයේ දීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසි කර දමා ජනතා අභිලාෂයට පයින් ගැසූ බව”, සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී පැවසීය. 25 August 2020
මන්ත්‍රීකමක් තිබුණත් නැතත් ප්‍රබල සමාජ ව්‍යාපාරයකට ඇප කැපවෙනවා තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධුරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණු වෙනුවෙන් දිවි දෙවැනි කොට කැපවන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (18) පැවසූහ. 19 August 2020
සමගි තරුණ බලවේගය සමග එක්වන්නැයි ඇරියුම් කරනවා සමගි තරුණ බලවේගය සමග එකතු වන්නැයි තරුණ පරපුරට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 19 August 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026