IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්

(*** අංජුල මහික වීරරත්න)

‘‘ආණ්ඩුව ජනතා අභිලාෂ පසෙක දමා ජන වරම පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදවමින් සිටින හෙයින් එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්න කාලය එළැඹ ඇතැයි’’ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ 7 වැනිදා පැවසීය.

‘‘එක්සත් ජාතික පක්ෂය ද ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය නම් සමගි ජන බලවේගය සමග එක්වීමට හෝ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාරදීමට හෝ කටයුතු කළ යුතු බව ද’’ තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.

‘‘එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑ හතරක් පිරුණා. මේ වසරේ දී සමරනු ලැබූයේ පක්ෂයේ බිඳ වැටීම සනිටුහන් වූ සංවත්සරයයි. එක්සත් ජාතික පක්ෂය මේ තරම් පරිහානියට ලක් වූයේ ඇයි? පක්ෂය නිසි කලට තීන්දු තීරණ ගත්තා නම් මෙවැනි ඉරණමකට ලක්වන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය නායකයන් හත් දෙනකු යටතේ පාලනය වී තිබෙනවා. එයින් දිගු කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කළා. එතුමා යටතේ විටින් විට ජයග්‍රහණ කිහිපයක් ගත්තත් ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගා ගන්නට බැරි වුණා. ජනතා කැපවීම තේරුම් ගෙන පාක්ෂිකයන්ට හා රටට ගැළපෙන පරිදි කටයුතු කිරීමට ඔවුන් අපොහොසත් වුණා.

එක්සත් ජාතික පක්ෂයට අත්වීමට නියමිත ඉරණම පිළිබඳව සඳහන් කර මීට වසර පහකට පෙර මා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් බාර දුන්නා. පක්ෂය ජයග්‍රහණය සඳහා ගත යුතු තීන්දු ගැන එහිදී අවධානය යොමු කළා. ඒ අදහස් කිසිවක් රනිල් වික්‍රමසිංහ නායකතුමා හෝ සෙසු නායකයන් හෝ පිළිගත්තේ නැහැ.

එමෙන්ම 2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම වැරදි තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ අභිමානය රැක  ගැනීම සඳහා පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි කළ යුතු බව මා එහිදී අවධාරණය කළා. ඒ උපදෙස් නොපිළිපැදීම උද්දච්චකම නිසා අද මෙවැනි ශෝචනීය තත්ත්වයකට පත්ව තිබෙනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ එක්සත් ජාතික පක්ෂය රැකෙනවා  නම් අප සතුටුයි. අප එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ  එක දෙයයි. ජනතාව දුන් තීන්දුව ගැන නැවත නැවතත් සිතා බලන්න.

පළමු වරට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය යළි ජය ගැනීමට නම් සමගි ජන බලවේගය සමග එක් විය යුතුයි. නැතිනම් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාර දෙන්න. එසේ නොකළහොත් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට එය දැවැන්ත අසාධාරණයක්. අප සැම එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්නට කාලය එළැඹ තිබෙනවා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ කාරණා රැසක් තිබෙනවා. ද්විත්ව පුරවැසි බව තිබෙන අයට පාර්ලිමේන්තුවට එන්නට පමණක් නොව ජනාධිපති ධුරයට පත් වීමට පවා විසිවැනි සංශෝධනයෙන් ඉඩ හදා තිබෙනවා. මේ අය ලැබූ ජන වරම ද්විත්ව පුරවැසි බව රකින්නට පාවිච්චි කරනවා නේද?

ජනතාව අපේක්ෂා කරන්නේ තම අභිලාෂ ඉටු කරන ව්‍යවස්ථාවක්. එමෙන්ම විසිවැනි සංශෝධනය හරහා හිතුවක්කාර ලෙස පත් කිරීම් කරන්නට ජනපතිට අයිතිය දී තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය මේ වන විට හෑල්ලු‍ කරමින් සිටිනවා. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය හෑල්ලුවට ලක් කර තිබෙනවා. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පුරවැසි බලය නැවත පාලකයන් සතු කර ගන්න දරන උත්සාහය බව කිව යුතුයි.

මෙම ක්‍රියාවලියට එරෙහිව අප අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගත්තේ සමස්ත පාර්ලිමේන්තුවේම එකඟතාවයෙනුයි. දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූ අය විසි වැනි සංශෝධනයට අත ඔසවන්නේ කෙසේ දැයි මට නම් තේරෙන්නේ නෑ. මෙම සංශෝධනයට එරෙහිව අප පාර්ලිමේන්තුවේ දී ශක්තිමත්ව විරෝධය පළ කරනවා. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත් සියලු‍ම ජන කණ්ඩායම් ඒකරාශී කරගෙන විරෝධතා පළ කරනවා.

අද වන විට රටේ ආර්ථිකය ඍණ තත්ත්වයට පත් වෙමින්  තිබෙනවා. ණය බර වැඩි වෙමින් තිබෙනවා. රටේ ආදායම වගේ දෙගුණයක් ණය ගෙවන්න වෙලා.

කඩා වැටෙමින් තිබෙන රට ගොඩනැඟීමට ජන ජීවිතය ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාව දෙනවා වෙනුවට මේ අය කරන්නේ කුමක්ද? ඔවුන්ගේ අරමුණ තම බලය රැක ගැනීම සඳහා නීති සම්පාදනය කර ගැනීමයි. මෙය ඉතා නරක තත්ත්වයක්.
ජනතාව තුනෙන් දෙකක බලයක් දී ආණ්ඩුව පත් කරගෙන  මාසයක් යන්නටත් පෙර රජය උද්දච්ච තත්ත්වයෙන් හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා:- ‘‘ආණ්ඩුව හැසිරෙන ආකාරය දකින විට අපට මාදුළුවාවේ සෝභිත හිමියන් මතක් වෙනවා. සෝභිත හිමියන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා දැවැන්ත අරගලය ගෙන ගියා.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දර්ශනය රැකීමට කැපවන බවට සමගි ජන බලවේගය අද (8) කෝට්ටේ සෝභිත හිමියන්ගේ පිළිරුව අසල දී ප්‍රතිඥාවක් දීමට කටයුතු කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙන පුරවැසියන් සහභාගිවීමට නියමිතයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණ ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම විසි වැනි සංශෝධනය යටතේ ඉවත් කරනවා. සෙසු කොමිෂන් සභාවලටත්  සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි.

ප්‍රසම්පාදන කොමිසම ඉවත් කරන්නේ සොරකම් කරන්න ඉඩ  දෙන්න ද? විගණනය අවශ්‍ය නොවන්නේ ඇයි? විසි වැනි සංශෝධනය යනු හොරකම් කරන්නෙත් හොරා හොයන්නෙත් විධායකයයි වැනි තත්ත්වයක් යැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

 



අදහස් (2)

ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්

විජේ Tuesday, 08 September 2020 06:37 AM

තිස්ස තිස්ස, මං මුවා, විදින්න විදින්න!!!

:       62       15

Bamnuarachchi Wednesday, 09 September 2020 03:19 AM

ඡන්දේ දිනාගන්න දෙවතාවක්ම ජනතාව පෙලගස්සවාගන්න බැරි වුන ඔයාලා කොහෙද 20 පරද්දන්න ජනතාව පෙළගස්සවන්නේ.

:       97       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 398 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site