IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘ප්‍රජාතන්ත්‍රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’

(නිමල කොඩිතුවක්කු)
 
ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, විගණනයට දොර වැසී ඇති 20 වැනි සංශෝධනය අකුලා ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(11) පැවසීය.
 
රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව පැවසුවත් රෑ වැටුණු වළේ  දවල් වැටීමේ අවශ්‍යතාවයක් ජනතාවට නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය. 19 සම්පූර්ණයෙන්ම ඉවත දැමීම බබාත් බේසමත් දෙකම විසි කිරීමට සමාන බව ද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.
 
 “රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට 19න් බාධාවක් වෙනවා කියලා ආණ්ඩුව කතාවක් නිර්මාණය කරගෙන යනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්තාවන්හීදී ජනාධිපතිවරයාට අධිකරණයට යාමට සිදුවන බවත් එය ජනාධිපතිවරයා සෞභාග්‍ය කරා රට ගෙන යන වැඩපිළිවෙළට බාධාවක් බවත් ජී. එල් පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 
 
මම බැලුවා අප්‍රේල් පළවෙනිදා කියලා හිතලා එතුමා විහිලුවක්වත් කළාද කියලා. තේ කෝප්පයක් බීලා නැවත මේ ගැන හිතලා ප්‍රකාශ නිකුත් කරන්න කියලා අපි ජී. එල්. පීරිස් මහත්තයට කියනවා.දැන් මේ අය දහනමය තිබුනු ප්‍රසම්පාදන කොමිසම අයින් කරලා තියෙනවා. කොමිසමේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර කොමිසම ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතුව එකට පිළියම කොමිසම අහෝසි කිරීම නෙමෙයි.
එක පැත්තකින් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තෙන් විගණන කොමිසම අහෝසි කරලා තියෙනවා. මේ කොමිසම අහෝසි  කළා ම විගණනයට අවස්ථාවක් නැහැ. දැන් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා කර පාර්ලිමේන්තු සභාවක් පත්කිරීමට යෝජනා කරලා තියෙනවා. ව්‍යවස්ථා සභාවට තිබුණු නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ නිරීක්ෂණය කිරීමේ හැකියාව පමණයි. මේ දෙක අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. විගණකාධිපති ඇතුළු ඒ දෙපාර්තමේන්තු නිලධාරීන් පත් පත්කිරීම ඉවත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදුවන්නේ  ජනාධිපතිවරයාගේ අනුමැතිය මතයි. විගණකාධිපති එක්ක තමයි පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක වුණේ. අපේ ආණ්ඩු කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවා. මේ මගින් ආණ්ඩුවේ වැරදි, දූෂණ විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විගණකාධිපති ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ බය නැතුව කතා කළා.  ජනාධිපති අගමැති  වංචා දූෂණ අනාවරණය කිරීමට පවා ඔවුන්ට කොන්දක් තිබුණා. දැන් මේ පත්කිරීම් ජනාධිපතිවරයා යටතට පත්වීමත් සමඟ මෙහි තිබෙන ස්වාධීන බවට විශාල හානියක් සිදුවනවා.කෝප්, කෝපා  සභාපති තනතුරට තනතුරු වලටත් මේ ආන්ඩුවේ අයම පත්කර ගන්න සැලසුමක් තියෙනවා. මේ සියලු බාධක ඉවත් කරලා ආණ්ඩුව තමන්ට ඕන ගමන යනවා.

මෙය ප්‍රජාතන්ත්‍රවාදීද, මේකෙන්  සීග්‍ර සංවර්ධනයක් වෙනනවද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ශීඝ්‍ර සංවර්ධනයක් වෙනුවට සෘණාත්මක සංවර්ධනයක් තමයි මෙයින් සිදුවන්නේ.තොරතුරු දැනගැනීමේ පනත තිබුනට මෙහි සාමාජිකයන් පත්කරන්නේ ජනාධිපතිවරයා. පනත තිබුනට මාධ්‍යවේදීන්ට ජනතාවට ඒ අවස්ථාව තියෙයිද කියන ගැටලුවක් දැන් ඇතිවෙලා තියෙනවා.

විගණනයට අද දොරටු වැහිලා තියෙනවා. මේ ගැන අපි මීට පෙර පාඩම් ඉගෙනගෙන නැද්ද කියලා ජනතාව ගෙන් අහනවා. රෑ වැටිච්ච  වලේ දවල් වැටෙන්න අපිට බැහැ. කරුණාකරලා තමන් ඉදිරිපත් කරපු 20 අකුලගන්න කියලා ආණ්ඩුවට අපි බල කරනවා'' යැයි ද කීය.



අදහස් (0)

‘ප්‍රජාතන්ත්‍රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site