IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ද්විත්ව පුරවැසියකුට ඡන්ද අයිතිය තිබේ නම් මන්ත්‍රීකම නැත්තේ ඇයි


(*** නාලක සංජීව දහනායක)

ද්විත්ව පුරවැසියකුට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ඇත්නම් ඔවුන්ට මන්ත්‍රී ධුරයක් දැරීමට ද අවස්ථාව තිබිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (2) පැවැසීය.

බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රජයේ පළමු ව්‍යාපෘතිය වන රැකියා දස ලක්‍ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. තමන්ගේ උපාධියට සරිලන අන්දමේ රැකියාවක් සොයාගැනීම උපාධිධාරීන්ට ලොකු ගැටලුවක් වෙලා තිබුණා. රැකියා ලබාගැනීම සඳහා උද්ඝෝෂණ කරන්න, උපවාස කරන්න ඔවුන්ට සිදුවුණා. සියලුම උපාධිධාරීන්ට රැකියා ලැබෙන බැවින් මින් ඉදිරියට උද්ඝෝෂණ, උපවාස පවත්වන්න උපාධිධාරීන්ට සිදුවන්නේ නැහැ. අනාගතයේදී ඩිප්ලෝමාධාරීන්ට මෙන්ම රාජ්‍ය සේවයේ සිටින පුහුණු උපාධිධාරීන්ටත් රැකියා ලබාදීම සම්බන්ධයෙන් රජය ඉතාම ඉක්මනින් කටයුතු කරනවා.

එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙමින් ගෙනෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරනවා මෙන්ම ඉතාම ඉක්මනින් රටට ගැළපෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සම්මත කරගත යුතුයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බලකේන්ද්‍රයන් තුනේම ස්වාධීනත්වය ආරක්‍ෂා වන ආකාරයට එය සකස් කළ යුතුයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැඩිම සංශෝධන ප්‍රමාණයක් එක්කර තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ බොහෝමයක් සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ තමන්ගේ පුද්ගලික අරමුණු ඉටුකරගන්නයි. නමුත් 13, 17, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනවල දෝෂ සහිත තැන් තිබුණත් ඒවායේ හොඳ ලක්‍ෂණත් තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් අපගේ රජය මූලිකත්වය ගෙන ක්‍රියාකරනවා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන බව කියූ නිසයි. නමුත් මෛත්‍රී - රනිල් දෙදෙනාම ඒ පොරොන්දුව මහදවල් කැඩුවා. අපිට අලුත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. කේවල හා සමානුපාතික ක්‍රම මිශ්‍රවූ නව මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍යයි. මේ මැතිවරණ ක්‍රමය වෙනස් වුණොත් ආසනයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්වනවා මෙන්ම විවිධ ජනකොටස්වලටත් මන්ත්‍රීවරුන් පත්කරගන්න පුළුවන්.

එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසි බව සහිත පුද්ගලයකුට මන්ත්‍රී ධුරයක් දැරීම අහිමිකර තිබෙනවා. ද්විත්ව පුරවැසියෙකුට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්නම් මන්ත්‍රී ධුරයක් දරන්න බැරි ඇයි කියල මට තේරෙන්නෙ නැහැ. ද්විත්ව පුරවැසි බව පිළිනොගන්නා රටවල් තිබෙනවා. නමුත් අපේ රටේ ද්විත්ව පුරවැසි බව පිළිගන්නවා වගේම ඔවුන්ට ඡන්ද අයිතියත් ලබාදී තිබෙනවා. නමුත් ඡන්දය ඉල්ලීමේ අයිතිය අහිමිකර තිබෙනවා. ඒ තර්කය පරස්පරයි. ඔවුන් ඒ වෙලාවෙදි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒ වගන්තිය දැම්මේම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගෙනයි.

ද්විත්ව පුරවැසියෙක් රටේ පාලකයෙක් වුණොත් පුරවැසි බව තිබෙන රටවල් දෙක අතර යම් ප්‍රශ්නයක් වුණොත් ඔහු ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවන බව ඇතැම් අය කියනවා. වෙනත් රටක පුරවැසිබව ඉල්ලනකොට තමන්ගේ රටේ පුරවැසිබව ඉවත්කර ගත්තේ නැහැයි කියන්නේ ඔහු තමන්ගේ රටට වැඩි කැමැත්තක් දක්වනවා කියන එකයි. ද්විත්ව පුරවැසිබව තිබුණත් ඔහු රටේ පාලකයා වෙන්නේ ජනතාවගේ කැමැත්තෙනුයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී තුන්දොස් සමනය වන ආකාරයට එය ගෙන ආ යුතුයි. සියලුම ක්‍ෂේත්‍ර ආවරණය වන ආකාරයට එය සකස් නොකළොත් නැවැත ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

එමෙන්ම මෙතෙක් කල් සිටි රාජ්‍ය නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩපවත්වන්න කටයුතු කළේ වචනයෙන් විතරයි. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටින් බතල හිටවන්නේ නැතුව ඒවා මහපොළවේ යථාර්ථයක් බවට පත්කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයටත් වඩා පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රබලයි. මත්ද්‍රව්‍ය ජාවාරමට හා පාතාලයට සම්බන්ධ හාල්මැස්සෝ වෙනුවට දැන් තෝරු මෝරු අල්ලනවා. ඒ ජාවාරම්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිසියේ හා ආරක්‍ෂක නිලධාරීන්ටත් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.



අදහස් (3)

ද්විත්ව පුරවැසියකුට ඡන්ද අයිතිය තිබේ නම් මන්ත්‍රීකම නැත්තේ ඇයි

Binkunndaa Thursday, 03 September 2020 10:55 AM

අම්බරුවන්ට මොන නීතිද තේරෙන්නේ?

:       0       3

Champa Thursday, 03 September 2020 02:37 PM

ඡන්දය ප්‍රකාශ කරන එකයි පාර්ලිමේන්තුව නියෝජනය කරන එකයි දෙකක්. ගෝඨාභය, බැසිල්, මිලින්ද මොරගොඩ වැනි ද්විත්ව පුරවැසියන් රටේ ප්‍රශ්න වලදී ලංකාවට නෙමෙයි... විදේශ පුරවැසිභාවය තියෙන රටට පක්ෂපාතීත්වය පෙන්වපු අවස්ථා ගැන උදාහරණ තියෙනවා. 2007 ඇමරිකාව ගෙනාපු ACSA ගිවිසුම අත්සන් කරන්න වුනේ එවකට හිටි ආරක්ෂක ලේකම් සහ ආර්ථික කටයුතු ඇමති ඇමරිකන් පුරවැසියන් වුණු නිසා. 2006දීම MCC ගිවිසුමත් ගේන්න උත්සාහ කරලා බැරිවෙලා තියෙනවා. වෙනත් රටක පුරවැසිභාවය ඉල්ලන කොට, ලංකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම නොගැනීම අදාළ නැහැ. ඒකට හේතුව ලංකාවේ නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ගන්න කොටම ලංකාවේ පුරවැසිභාවය ඉබේම අහෝසි වීම. ඊළඟට දෙවැනිව තමයි ලංකාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කරලා ද්විත්ව පුරවැසියෙක් වෙන්නේ. ඒ කියන්නේ මුල් පුරවැසිභාවය තියෙන්නේ විදේශ රටට. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ පුරවැසියෙක් වුනේ කවදා ඉඳන්ද කියලා ඇහැව්වොත් උපන්දා ඉඳන් කියලා කියන්න බැහැ. අහෝසි වෙච්ච පුරවැසිභාවය නැවත ලියාපදිංචි කළ දවසේ ඉඳන් තමයි ලංකාවේ පුරවැසියෙක් වෙන්නේ. ලංකාවට ලැදි නම් වෙනත් රටක පුරවැසිභාවය ගන්නවද?

:       195       0

Champa Thursday, 03 September 2020 02:56 PM

ගෝඨාභය ජනාධිපති වුනේ යහපාලනයට එරෙහි දේශප්‍රේමී ජනතාවට වෙන විකල්පයක් තිබ්බ නැති නිසා මිසක් ඔහු ගැන තිබ්බ විශ්වාසයක් නිසා නෙමෙයි. 2015 ඉඳන් ජනතාව එකතු වුනේ මහින්ද වටා... ගෝඨාභයට සියයට අසූ ගාණක් ඡන්ද ලැබුණු කතාවත් බොරු... ඡන්ද වැටුණේ 60%කට අඩු ප්‍රමාණයක්... අනිත්වා දැම්මේ අතින්... 2015 ඉඳන් මැකෝ යටතේ පැවති සෑම මැතිවරණයකම අවසාන ඡන්ද ප්‍රතිඵලය ගැන බරපතල සැක සංකා තියෙන වෙලාවක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ සැලැස්වීමෙන් අනාගත ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පිලිබඳ බරපතල ගැටළු මතු වෙන්න පුළුවන්. 2015 ඉදන් 2019 අග දක්වා එකතු වෙච්ච සිංහල බෞද්ධයන් ගෝඨාභය නිසා අද බෙදිලා. හේතුව ලංකාවට ගැලපෙන පාලනයක් පිළිබඳ මෙලෝ දැක්මක් ගෝඨාභයට නැති බව හොඳටම පැහැදිලි වෙලා තියෙන නිසා. මහින්දගෙන් පස්සේ සිංහල බෞද්ධයින්ට කිසිම නායකත්වයක් නැති නිසා, රටේ ඊළඟ පාලකයන්ට නැවත සුළු ජාතීන්ගේ කේවල් කිරීම් වලට යටත් වෙන්න වෙනවා. උප අගමැති කමක් ගැන කියනවා, නැහැ කියනවා. උප අගමැතිකමක් කිසි විටෙකත් ඇති කරන්න හොඳ නැහැ... ඒ මොකද කිව්වා නම් මහින්දගෙන් පසු සිංහල පාලකයින්ට සුළු ජාතින් අනාගතේ කේවල් කරන්නේ උප අගමැති තනතුර විය හැකි නිසා...

:       174       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 398 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site