IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් නායකත්වය බාරගන්නවා

(*** අතුල බණ්ඩාර)

‘එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමන් ඉදිරිපත්වීමට සූදානම් බවත් ඒ සඳහා පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාක්ෂිකයන්ගේ ආශිර්වාදය අපේක්ෂා කරන බවත්’ එජාප නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා (29 වැනිදා) අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ එජාප ප්‍රධාන කාර්යාලය අනුරාධපුර නගරයේ දී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවේ දී ය.

ඊට පෙර රුවන් විජයවර්ධන මහතා අනුරාධපුරයේ ඓතිහාසික මහා විහාරයේ දී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක උඩමළුවට ගොස් ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ගත්තේය.

අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් ඇතුළු අටමස්ථානයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගත්  විජයවර්ධන මහතා රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්, මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් ඇතුළු විහාරාධිකාරී හිමිවරුන් බැහැදැක ආශිර්වාද ගත්තේය.

එජාප අනුරාධපුර - නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විජයවර්ධන මහතා සහභාගි වූයේ  ඉන් අනතුරුවය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප නායක හා අනුරාධපුර නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සංවිධානය කර තිබූ ජනහමුවේ දී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවැසීය.

‘පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපට විශාල අභියෝගයක් තිබුණා. අපේ පක්ෂයේ දෙදරීම ඇතිවෙලා, පක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. මේවා අපට විශාල අභියෝගය වුණා.

අපේ පාක්ෂිකයෝ කලකිරුණා.  ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී  සිටියා. ඒ නිසයි අපට මෙවැනි පරාජයකට මුහුණ දෙන්න වුණේ. ඒක අපි අවබෝධ කර ගැනීමට අවශ්‍යයි.

මේක එජාපයේ පරාජයක් නොවෙයි. මේක අපට ලැබුණු අවස්ථාවක් හැටියටයි මා දකින්නේ. කොතනද අපට වැරදුණේ කියන කාරණය ගැන හොයන්න මේක හොඳ අවස්ථාවක්.

පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න දැන් අවස්ථාව උදාවෙලා. අපට වැරදුණු තැන් නිවැරදි කරගෙන නැවත පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගන්න දැන් අවස්ථාව උදාවෙලා. එයින් පක්ෂය ශක්තිමත් කර ජයග්‍රහණය කරා ගමන් කරන්න අපට පුළුවන් කියන විශ්වාසය දැන් තහවුරු වී තිබෙනවා.

අපටත්, සජිත් ප්‍රේමදාස මහතා සමග පක්ෂය කඩාගෙන යන්න තිබුණා. ලෙහෙසියෙන්ම ජයග්‍රහණය කරන්නත් තිබුණා. එහෙම නම් අපිත් අද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වනවා. නමුත් මා කරන්නෙ ප්‍රතිපත්ති දේශපාලනයක්. මට පක්ෂය දාලා යන්න බැහැ.

එජාපය දීර්ඝ ඉතිහාසයක් තිබෙන දැවැන්ත පක්ෂයක්. කෘතහස්ත නායකයන් බිහිකළ පක්ෂයක්. එවැනි වටිනා පක්ෂයක් දාලා යන්න අපට පුළුවන්කමක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් අපට ප්‍රතිපත්ති පාවලා දෙන්න බැහැ.

මට යම් තනතුරක් ලැබුණා නම් ඒ පක්ෂය නිසයි. ඒ නිසා අප පක්ෂයට කළගුණ සැළකිය යුතුයි. ඒ වගේම අපේ පාක්ෂිකයන් අතරමං කරන්න මට බැහැ. මේ වතාවේ පාර්ලිමේන්තුවට යන්න බැරිවීම ගැන මා කනගාටු වෙන්නෙ නැහැ. මා ගත්තේ නිවැරදි තීරණයක්. මා හිටියේ පක්ෂයත් සමගයි. මගේ ප්‍රතිපත්ති සමගයි. පක්ෂය සමග රැඳුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම පාක්ෂිකයොත් එහෙමයි.

දැන් කළ යුත්තේ වැටුණු අලියා නැගිට්ටවලා ජයග්‍රහණය සඳහා ගමන ආරම්භ කිරීමයි. ඒ සඳහා මහන්සි විය යුතුයි. කැප විය යුතුයි. ආසනයෙන් ආසනයට ගොස් අපේ පාක්ෂිකයන් අවදි කරගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සාර්ථක ගමනක් ගියොත් තව අවුරුදු දෙක තුනක් ගතවෙන විට ආණ්ඩුවට විශාල අභියෝගයක් කරන්න අපට පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.

මේ ආණ්ඩුවට වැඩිකල් යන්න බැහැ. දැන් තුනෙන් දෙකක බලයක් තිබුණට ජනතා ප්‍රසාදය තිබුණට තව අවුරුදු දෙක තුනක් යනවිට ජනතාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධවෙන බවත් අපට පෙනෙනවා.

ඒ වනවිට මේ ආණ්ඩුවේ බැරිකම ජනතාවට අවබෝධ වෙනවා. අන්න එදාට අපේ පක්ෂය සූදානම් කර තිබිය යුතුයි. විකල්ප ක්‍රියා මාර්ග ඉදිරිපත් කර ජනතාවට ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමටයි. ඒකට දැන් ඉඳන්ම සූදානම් විය යුතුයි.

පක්ෂයේ නායකත්වය ගැන මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා. පසුගිය දවස්වල කිහිප දෙනෙකුගේ නම් ඉදිරිපත්වී තිබුණා. එහෙත් මා නම් ඉදිරිපත් වුණේ නැහැ.
පසුගිය දින කිහිපය තුළ අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්, රටපුරා සිටින අපේ අපේක්ෂකයන් හා පාක්ෂිකයන් මා ආමන්ත්‍රණය කර ඉල්ලීම් කළා. ඒ අනිවාර් යෙන්ම පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වන ලෙසයි. ඒ ඉල්ලීම පිළිගනිමින් පක්ෂ නායකත්වයට අනිවාර් යෙන්ම මා ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි.

මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දිනවල මා වෙහෙර විහාරස්ථානවලට ගොස් නායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවලදී උන් වහන්සේලා ද මේ ඉල්ලීම මගෙන් කළා. උන් වහන්සේලා ඊට ආශිර්වාද කළා. ඒ වගේම රටපුරා සිටින අපේ පාක්ෂිකයන් මගෙන් මේ ඉල්ලීම කළා.

ඒ නිසා පක්ෂයේ නායකත්වයට ඉදිරිපත්වීමට මා තීරණය කළා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මේ සඳහා අවශ්‍යයි. එතුමාගේ ආශිර්වාදය වගේම අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත්, සියලු පාක්ෂිකයන්ගේත් ආශිර්වාදය අවශ්‍යයි. විශේෂයෙන්ම පාක්ෂිකයන් වෙනුවෙන් මා මේ තීරණය ගත්තේ.. ඒ කියන වැරදි හදාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන ගමනට මා සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු එජාප පාක්ෂිකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා’.

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙසේ පැවැසීය.

‘මෙතැන සිට හරි හැටියට ක්‍රියාත්මක වුණොත් ඊළඟ මහ මැතිවරණයේ දී අපේ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවනි. ඒක තමයි අපේ අරමුණ. ඒ අරමුණට යන්න අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි. අපට ජව සම්පන්න නායකත්වයක් අවශ්‍යයි. තරුණ නායකත්වයක් අවශ්‍යයි. එහෙම නැති වුණොත් මේ ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනගන්න බැහැ.
ඒ සඳහා කවුරු මොනවා කීව ද කඩාගෙන ඉදිරියට යන නායකත්වයක් අවශ්‍යයි. ඒ හැකියාව ශක්තිය තිබෙන නායකත්වය අපට ඕනෑ.

සියලු දෙනා ඉදිරියේ මා ආචාරකර රුවන් විජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා එජාපයේ නායකත්වය බාරගන්න ඔබතුමා ඉදිරිපත් විය යුතුයි. ඒක තමයි අපේ ඉල්ලීම. ඔබතුමාට පස්ස ගහන්නවත් හැරෙන්නවත් ඉඩක් නැහැ.

එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අප එක හඬින් ඉල්ලා සිටිය යුතුයි. ඒ රුවන් විජයවර්ධන මහතාට පක්ෂයේ නායකත්වය දෙන ලෙසයි. එහෙම වුණොත් පක්ෂයේ අනාගතය සුබයි’.

හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සංදීත් සමරසිංහ සහ අනුරාධපුර නැගෙනහිර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරුද ජනහමුව ඇමතූහ.

රුවන් විජයවර්ධන මහතා එජාප නායකත්වයට වහාම පත්කළ යුතු බවට පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් ගෙන ආ යෝජනාවක්ද මෙහිදී ඒකමතිකව සම්මත කෙරිණි.

 



අදහස් (0)

සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් නායකත්වය බාරගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 398 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1584 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site