IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


20 වැනි සංශෝධනය ජනවරම පාවාදීමක් මෙන්ම ජනමතයට පයින් ගැසීමක්

(*** ඩයනා උදයංගනී)

රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනවරම පාවාදීමක් මෙන්ම ජනමතයට පයින් ගැසූ අවස්ථාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා  (7) පැවසුවාය.

පාර්ලිමේන්තුව ඇතුළු පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ සියලු ආයතන දුර්වල කර විනාශ කිරීමේ ප්‍රතිපාදන මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි ඇතුළත් කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පෙරේදා  (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

“20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව දුර්වල කර අගමැතිවරයාත් බලයක් නැති තත්ත්වයට පත් කරන, ජනමතයට පයින් ගැසූ අවස්ථාවක් ලෙස මා දකිනවා. තමන්ට ඡන්දය දුන් ජනතාවත් අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලය සහ සෙසු මැති ඇමැතිවරුනුත් අවිශ්වාස කිරීමේ තත්ත්වයක් මේ යෝජනා මගින් පේනවා. විධායක ජනාධිපතිවරයා සහ කුඩා කල්ලියකට හැර කිසිවෙකුට මෙයින් බලයක් ලබාදී නැහැ.

ජනතාවාදී සහ ජනතාවට ඇහුම්කන් දෙන රජයක් ලෙස පෙනී සිටින වත්මන් රජය මෙමඟින් ජනතා වගකීම වෙනුවෙන් පැවති ආයතන සියල්ලේම බලය අහිමි කරලා. 1978ටත් එහා රට ගෙනියන සංශෝධන ගණනාවක් මෙහි තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ අඩුපාඩු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කරන්න 17 සහ 19 වැනි සංශෝධනවලින් යම් ඉඩක් ලබාගෙන තිබුණත් මෙයින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 පටන් ගත් තැනටත් එහා යන නොදියුණු ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලකයෙක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් යෝජනා වී තිබෙනවා. මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවට තමන් සහ තමන් වටා සිටින කුඩා කල්ලියකට බලය ලබාගැනීමේ උත්සහයක්.

විධායක ජනාධිපති ධුරයට විරුද්ධව පෙනී සිට 1978 දී හිරේ ගිය පිරිස් පවා 20 වෙනුවෙන් පෙනී ඉන්නවා. රට ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගෙනියන්න උත්සහ දැරු අවස්ථාවලත් මේ අය ඒ වෙනුවෙන් ඉදිරිපත්වී සිටියා. ඔවුන්ගේ මේ දෙබිඩි රංගනය හා රටේ ප්‍රධාන නීතිය වෙනස් කිරීමේදී කිසිදු වගවීමකින් තොරව කටයුතු කිරීම ඛේදවාචකයක්. මෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන් ඒ ඒ අවස්ථාවල තමන්ගේ බලය වෙනුවෙන් ක්‍රියා කළ බවයි. නැත්නම් 1978 ව්‍යවස්ථාව වෙනස් කරන්න මැදිහත් වූ අයම 20වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද?

අපි මේ තත්ත්වයට විරුද්ධව ජනතාව දැනුවත් කරමින් පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් ඉන්නවා. මේ අනතුර පරාජය කරන්න සියලුම ක්‍රියාමාර්ග ගන්නවා.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙහිදී මෙසේ පැවසීය.

මෙම සංශෝධනයෙන් රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය අහෝසි කෙරෙනවා. වංචාව නාස්තිය හා දූෂණය පිරුණු වටපිටාවක් තුළ මේ තත්ත්වය අතිශය තීරණාත්මකයි. එමෙන්ම අතිශය වැදගත් ආයතන රැසක් ජනාධිපතිධුරයේ ආධිපත්‍ය යටතට පත්කරන්න නියමිතයි. රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ වන විගණන කොමිසම අහෝසි කිරීමත් බරපතළ තත්ත්වයක්. පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට අදාළව විගණකාධිපතිවරයා කරගෙන ගිය කාර්යය විගණන නිලධාරියෙක් නොවන තැනැත්තෙකුට පවා පවරා දීමේ හැකියාව මෙයින් නිර්මාණය වෙනවා.

අධිකරණ, විගණන සහ මැතිවරණ යන කොමිසන් සභා තුනම විධායකයට යටත් කිරීමට මෙයින් උත්සහ දරා තිබෙනවා. 1978 තිබුණාටත් වඩා විශාල බලතල ප්‍රමාණයක් රාජපක්ෂ පවුලට පමණක් ලබාගැනීමේ අවස්ථාව මෙයින් නිර්මාණය කර ගන්න යනවා. ජනවරමක් ඇති පලියට මේ තත්ත්වයට ඉඩදිය යුතු නැහැ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජනාධිපති, අගමැති කාර්යාලවල මූල්‍ය විගණන 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර තිබෙනවා. මේ වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන මුදල් පිළිබඳ විගණනයට ඉඩක් නැහැ. පහුගිය කාලයේ ජනාධිපතිවරයා ආයතන පද්ධතියක් තබාගැනීමේ ප්‍රතිඵල අපි දැක්කා. වර්තමාන ආණ්ඩුව යටතේත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ආයතන පද්ධතියක් තබාගෙන විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කරනවා. ඒ ගැන කිසිම මූල්‍ය වගකීමක් නැහැ. 2014ට පෙරත් ජනාධිපතිවරයා මේ ආයතන පාලනය කළේ කිසිම මූල්‍ය විනයක් නැතිවයි. මෙම සංශෝධනය මගින් රාජ්‍ය සමාගම් විගණනය කිරීමේ අවස්ථාව විගණකාධිපතිවරයාගෙන් ඉවත් කිරීම නිසා එම ආයතනවලට යොදවන මහජන මුදල් විගණනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා.

මේ නිසා කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ භූමිකාව සැලකිය යුතු ප්‍රමාණයකින් අහෝසි වෙනවා. විගණකාධිපතිවරයාට රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තුවල ගිණුම් පරීක්ෂා කිරීමේ බලය ඉතිරි කර ඇතත් ඒ ආයතනවල කළමනාකාරිත්වය පරීක්ෂා කිරීමට ඉඩක් නැහැ. එයින් රටේ දූෂණයට ඔටුනු පළදවා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

 



අදහස් (1)

20 වැනි සංශෝධනය ජනවරම පාවාදීමක් මෙන්ම ජනමතයට පයින් ගැසීමක්

විජේ Thursday, 10 September 2020 02:57 AM

නෝනෙ, ජනතාව ප්‍රතික්ෂේප කලේ, පයින් ගැහුවේ සහ ගහන්නේ ඔයාලටයි, එජාපයටයි. ආන්ඩුව කරන දේ සාදාරනීකරනය කරනව නෙවේ, ඒත් පැහැදිලිවම මාලිමාවේ උතුර/දකුනනං මාරුවී ඇති හැඩයි. බොරදියේ මාලූ බානාවිට අමතක නොකරන්න, එය පොහොට්ටුවේ නිජබිම බව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site