IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


19 නොදන්නා අය සංශෝධනය දකින්නේ අපරාධයක් වගේ

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව දැනුමක් නැති පුද්ගලයන් එය සංශෝධනය කිරීම අපරාධයක් වශයෙන් දකින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඒ.එල්. පීරිස් මහතා ඉකුත් ද‌ා (31) මහනුවර දී පැවැසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය නායකයාගේ බලතල අහිමි කර තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

‘‘ව්‍යවස්ථා සංශෝධනය කුමටද?’’ මැයෙන් මහනුවර වෘත්තීය වේදින්ගේ සංවිධානය ඉකුත්ද‌ා (31) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

රටේ ආරක්ෂාවට වගකිව යුතු ජනාධිපතිවරයාට ආරක්ෂාවට කැපවුණු ආරක්ෂක ඇමති පදවිය දරන්නට 19 වැනි සංශෝධනයෙන් ඉඩ තබා නැහැ.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පැවති බල අරගලය නිසා ජන ජීවිතය අනතුරුවලට පත්වුණු බව පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉතා මනාව ප්‍රදර්ශනය වූවා.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටටත් ජනතාවටත් සිදුවන විපත අවබෝධ කරගත් ජනතාව මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය ලබා දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කර තිබෙනවා. ජනතාව තුනෙන් දෙකටත් වැඩි බලයක් රජයට ලබා දුන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට හා රටේ ආරක්ෂාවටත් ඉදිරිගමනටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය ලබාදීමක් වශයෙනුයි.

රටේ ආරක්ෂාවට පමණක් නොව හදිසි අවස්ථාවකදි දින හතක් තුළ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අයිතිය පවා නැති කර තිබෙනවා. දින හතක් දින ද‌ාහතරක් බවට පත් කර හදිසි පනතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවට බාධා පමුණුවා තිබෙනවා.

බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කිරීමෙන් රජයක් රටේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන්ට බාධාවක් ඇතිකර තිබෙනවා. රාජ්‍ය නායකයා වූ ජනාධිපතිවරයා සතුව තිබුණු හා තිබිය යුතු බලතල අහෝසිකර බලකේන්ද්‍ර දෙකකට පත් කිරීම ඉතාම භයානක තත්ත්වයක්. මෙය වඩාත් භයානක වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පක්ෂ දෙකකට අයත් වූ විටයි. පසුගිය කාලයේ සිදු වූ දේවල්වලින් මෙය ඉතා පැහැදිලිව දැක ගන්නට ලැබුණා.

රටේ නායකයා වූ ජනාධිපතිවරයා සතු වූ බලය ඉවත් කර 19 වැනි සංශෝධනයෙන් පොලිසියත් රාජ්‍ය සේවයත් පිළිබඳ බලය එන්.ජී.ඕ. හිතවතුන්  ඇතුළු පිරිසකගෙන් යුත් මණ්ඩලයකට ලබාදුන්නා. රජයේ සේවකයන් සම්බන්ධයෙන්ද, පොලිස්පතිවරයා සම්බන්ධයෙන්ද පියවර ගැනීමට රටේ නායකයා වූ ජනාධිපතිවරයාට අයිතියක් නැහැ.

ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන එන්.ජී.ඕ (රාජ්‍ය නොවන) සංවිධානකාරයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවලට බලය ලබාදීම 19 වැනි සංශෝධනයෙන් සිදු වී තිබීම ඉතාම භයානක තත්ත්වයක්. මහාචාර්ය හූල් වැනි පුද්ගලයන් කටයුතු කරන ආකාරයෙන් මේ තත්ත්වය පැහැදිලි වෙනවා. රට ගැන හිතන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු ජනාධිපතිවරයෙකු පත්වීමෙන් ඉකුත් මාස කීපයක් තුළදී රටට සිදු වුණු සේවය දක්නට ලැබෙනවා.

කෝවිඩ් 19 න් ලෝකයේ රටවල් පීඩාවට පත්වී සිටින ආකාරය පැහැදිලියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය ගත් ක්‍රියා මාර්ග නිසා ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 12 යි. මත්කුඩු ජාවාමුන්ද හා දූෂිතයන් අපරාධකරුවන්, පාතාලය මර්දනය වෙමින් පවතිනවා.
මෙම තත්ත්වයන් අවබෝධ කරගෙන රාජ්‍ය නායකයාට බලතල හිමිවන අයුරු ඇතුළුව රට යහ මගට ගැනීමට ශක්තිය ලැබෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පවතින 19 වැනි සංශෝධනය ඉවත් කිරීමේ අවශ්‍යතාවය ජනතාව විසින් අවබෝධකර ගනු ලැබීම ඉතාම අවශ්‍ය බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

රාජකීය පණ්ඩිත නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනාහිමියෝ මෙහිදී අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ. 19 වැනි සංශෝධනය රටේ ස්ථාවර තත්ත්වයට විවිධ ආකාරයෙන් බලපෑම් සිදු වූ බව පසුගිය කාලයේදී පැහැදිලිව දැකගන්නට ලැබුණා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බල අරගලය රටට අහිතකර වුණා.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තිය ප්‍රකාරව බුදු දහමට වැදගත් ස්ථානයක් රටේ ව්‍යවස්ථාවෙන් තව දුරටත් ආරක්ෂාකර තිබෙන මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි සංශෝධන ආදිය ද රටට ඉතා වැදගත් වූ වැදගත් වන්නා වූ විදේශ රටවල් සමග ඇතිකරගන්නා ගිවිසුම් ආදිය සම්බන්ධයෙන් රජය කටයුතු කරන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව අධ්‍යයනයක් කර මත පළ කිරීම සඳහා මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝයා වහන්සේලාගෙන් සමත්විත මණ්ඩලයක් පත්කළ යුතුයි. එවැනි මණ්ඩලයක් පත් කිරීමට අවකාශය රටේ ව්‍යවස්ථාවෙන්ම ඉඩකඩ සැලසිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ (මහනුවර දිස්ත්‍රික්කය) සහ මහනුවර වෘත්තිය වේදින්ගේ සංගමයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තියවේදිහු රැසක් හා පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

(*** ජේ.ඒ.එල්. ජයසිංහ)



අදහස් (2)

19 නොදන්නා අය සංශෝධනය දකින්නේ අපරාධයක් වගේ

kumara Thursday, 03 September 2020 10:40 AM

ජී.එල්. ලොක්කා හදන්නේ පාස්කු ප්‍රහාරයෙන් මෛත්‍රීපාල සිරිසේන ලොක්කාව බේරාගන්න බව පැහැදිලියි. හොඳ වෙලාවට අධිකරණ ඇමැති ධුරය අලි සබ්‍රි මහතාට ලැබුණේ. එතුමා නිර්භීත වූද, දුරදක්නා නුවණක් ඇති ඇත්තටම වැදගත් පුද්ගලයෙක්.. බැරිවෙලාවත් ඩීල්දාසට එහෙම අධිකරණ අමාත්‍යාංශය ගියා නම් මහින්දලා ගොඩ ගියත් රටටම අබ සරණයි. ජනාධිපති ගෝඨාභය මහතාව අන්දන්න සජිත් පිලේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒක මේ රට ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක්.. එච්චරයි..

:       1       0

රාජේශ් ඛන්නා Thursday, 24 September 2020 03:15 AM

ඔබගේ නීති දැනුම හා අපේ නීති දැනුම අහසට පොළොව වගේ වුවද "ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර පැවති බල අරගලය " යන්න "පොළොන්නරුවේ සිරිසේනත් අගමැතිවරයාත්" ලෙස නිවැරදි විය යුතුය. බිත්තරයෙන් එළියට එන්නෙ කුකුළෙක්ද, කිකිළියක්ද කියලාවත් හරි නිගමනයක් නොදැන, 20 බිත්තරය දාගන්න කෙකර ගගා ඉන්නේ නැතිව විධායකය සහ ව්‍යවස්ථාදායකය එකම දේශපාලන පක්ෂයකට ලැබී තිබෙන මෙම මොහොතේ ගෙම්බන් එහෙට මෙහෙට පනින්නට පෙර රටට වැඩදායක දෙයක් කළොත් එය 20ට වඩා වටිනා දෙයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site