IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


20 වැනි සංශෝධනයේ අරමුණ ඒකාධිපති ගමනක ඇරඹුමයි

(*** අංජුල මහික වීරරත්න)

‘‘ආණ්ඩුවේ අරමුණ වන්නේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර එක රටක් එක නීතියක් ඇති කිරීම නොව එක රටක් එක පවුලක් සංකල්පය යටතේ රට පාලනය කිරීම බව’’ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (3) පැවසීය.

රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන් දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විසිවැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ බලතල ජනපති අතට පවරා ගැනීම ඒකාධිපති ගමනක ඇරැඹුම’’ යයිද මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වී සිටිනවා. වසර ගණනාවක සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවක් තිබුණා. දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ ඒ අනුවයි.

එක් පුද්ගලයෙකු අත බලය ගොනුවීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බව සියලු‍ම දෙනා පිළිගත්තා. එය රටට අනතුරක් බව සියලු‍ම පාර්ශ්ව පිළිගනු ලැබුවා.

දීර්ඝ කතිකාවකින් පසුව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ සියලු‍ම පාර්ශ්වවල එකඟතාවකිනුයි. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ කණ්ඩායමත්, එක්සත් ජාතික පක්ෂය වටා ගොනුවී සිටි කණ්ඩායමත් එදා දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.

2001 වසරේදී අප  17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළා. අප නැවත දහ නවවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කරන්නට කටයුතු කළා.

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන්නේ කුමක්ද? විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සියළු  කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒ සාමාජිකයන් පත්කරනු ලැබූයේ පාර්ලිමේන්තුවයි. විසිවැනි සංශෝධනය යටතේ කොමිෂන් සභා නාමමාත්‍රික කොමිෂන් බවට පත්වෙනවා.

දහනව වැනි සංශෝධනය යටතේ නීතිපති, පොලිස්පති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක  සභාවයි. පාර්ලිමේන්තුව සතු මේ බලය නැවත ජනපති අතට පත්කර ගන්න හදනවා.

එමෙන්ම දහනව වැනි සංශෝධනය අහෝසි වීමත් සමග ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න වරම් ලැබෙනවා. මොවුන්ගේ අරමුණ වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.

එක රටක් එක නීතියක් සඳහා නොව එක රටක් එක පවුලක් සංකල්පයට රට ගෙන යාම මොවුන්ගේ අරමුණයි.

තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවකට නැවත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමකටද? ඕනෑම පනතක් සම්මත කර ගන්නට ආණ්ඩුවට පාර්ලිමේන්තු බලය තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලතල නැවත  ජනපති  අතට පවරා ගැනීම ඒකාධිපති ගමනක ආරම්භයයි.

ඇමරිකන් පුරවැසියෙකු පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන පුරවැසියන් ලෙස අප ලැජ්ජාවට පත්විය යුතුයි. ඔවුන්ට ඡන්දය දුන් ලක්ෂ 69 ම ලැජ්ජාවට පත්විය යුතුයි.

ඇමරිකන් කොඩිය දකින විට මරාගෙන මැරෙන්න යන ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් මේ පිළිබඳව කියන්නේ කුමක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා:- ‘‘ජනතාව වත්මන් රජයට ඡන්දය දුන්නේ අපේ උරුමය සහ සංස්කෘතිය රැක ගන්නයි. උරුමය සහ සංස්කෘතිය රකින බව කියමින් බලයට පැමිණි රජය දැන් අපේ උරුමය පමණක් නොව ලෝක උරුමය ද වනසමින් සිටිනවා.’’

ආණ්ඩුව මුලින්ම දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් කළා. මේ වන තුරුත් එහි සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. ඉන් පසුව ආනවිලු‍න්දාව රැම්සා තෙත් බිම් ඩෝසර් කළා. මේ සඳහා ප්‍රදේශයේ  දේශපාලකයන්ද සම්බන්ධ වී සිටිනවා.

ඉන් පසුව සිංහරාජ වැසි වනාන්තරය හරහා හදිසියේ මාර්ගයක් ඉදි කරන්න තීරණය කරලා. මේ විනාශය වළක්වා ගැනීමට 69 ලක්ෂයටත් වගකීමක් තිබෙනවා. ජනතාව මොවුන්ට  ඡන්දය දුන්නේ මේ උරුම විනාශ කරන්න ද?’’

 



අදහස් (0)

20 වැනි සංශෝධනයේ අරමුණ ඒකාධිපති ගමනක ඇරඹුමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site