IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මගේ අරමුණ පක්ෂ ප්‍රතිසංවිධානය කඩිනමින් ඇරඹීමයි

(*** අංජුල මහික වීරරත්න)

“තම අරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට යෑම නොව හැකි ඉක්මනින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹීම” යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීම සඳහා තමා සූදානම් අතර පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඒ තීරණයට එළැඹිණැයිද රුවන් විජයවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සර උත්සවයෙන් පසුව පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

නායකත්ව ප්‍රශ්නය පිළිබඳව සියලු දෙනාම සාකච්ඡාකර විසඳුමකට පැමිණීම අරමුණයි. ලබන සතියේදී ඒ ප්‍රශ්නය විසඳෙනු ඇතැයි මා සිතනවා.

තරුණ නායකත්වයක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ නායකතුමා සඳහන් කරනවා. එතුමාත් උත්සාහ කරන්නේ සියලු දෙනා එකමුතු කරගෙන නව නායකත්වයකට බාරදීමටයි. ඒ සම්බන්ධයෙන් මේ සතියේදී යම් තීරණයක් ගනු ඇතැයි සිතනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- පක්ෂයේ නායකත්වය ගන්න ඔබ සූදානම්ද?
පිළිතුර:- මා සූදානම්. මා රට වටේ යනවිට පාක්ෂිකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබෙන බව දුටුවා. මා ඉදිරිපත්වූයේත් ඒ නිසයි.

ප්‍රශ්නය:- කරු ජයසූරිය මහතාත් නායකත්වයට සූදානම් බව කියා තිබුණා නේද?
පිළිතුර:- අප සාකච්ඡා කර සාමදාන වී අවසානයේ නිවැරැදි පුද්ගලයා නායකත්වයට ඉදිරිපත් වේවි. ඊට සියලු දෙනාගේම එකඟත්වය අවශ්‍යයි.

ප්‍රශ්නය:- ඔබ නායකත්වයට සුදුසු නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යා යුත්තේත් ඔබම නොවේද?
පිළිතුර:- ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට නොයන බව මා පෙර සිටම කිව්වා. පාර්ලිමේන්තුවට යනවා නම් යා යුත්තේ ජනතාවගේ ඡන්දයෙනුයි. ඊට වඩා මට වුවමනාව තිබෙන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හැකි ඉක්මනින් ඇරඹීමටයි. ජාතික ලැයිස්තුවට සුදුස්සෙක් ඉදිරියේදී පත්කර යවනවා.

ප්‍රශ්නය:- දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර විසිවැනි සංශෝධනය ගෙන එන්න හදනවා. ඒ ගැන මතය කුමක්ද?
පිළිතුර:- අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි. දැන් ක්‍රියාත්මක වන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.

දහනව වැනි සංශෝධනය ආරක්ෂා කළ යුතුයි. ඉදිරියේදී අප ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස සටන් කරනවා යැයිද කීය.



අදහස් (1)

මගේ අරමුණ පක්ෂ ප්‍රතිසංවිධානය කඩිනමින් ඇරඹීමයි

VINIVIDA Wednesday, 09 September 2020 09:32 PM

පාර්ලිමේන්තුව තුළ සත්‍ය වශයෙන්ම සිටිය යුතු පුද්ගලයා නම් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාම වේ. කෙසේනමුත් පරාජිතයින් හට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා නොදෙන ප්‍රතිපත්තියක පක්ෂය සිටින්නේ නම් මංගල සමරවීර සුදුසු නැතිද? පාර්ලිමේන්තුව තුළදී හොඳින් බැට් කළ හැකි කෙනෙකු යැවිය යුතුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site